උසස්පෙළ හොරට ලියු සිසුවකුගේ රට යන්න ඉල්ලු අවසරය ප්‍රතික්ෂේප වෙයි නවීණ තාක්ෂණ මෙවලම් උපයෝගී කරගෙන 2017 වර්ෂයේ උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේ චෝදනා සම්බන්ධයෙන් ඇපමත සිටින කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබු සැකකාර සිසුවා විදේශ ගතවීමට කළ ඉල්ලීම ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා අද (18) ප්‍රතික්ෂේප කළේය. 18 July 2018
ඇලෝසියස්ට-පළිසේනට ඇප දෙනවාද නැද්ද තීන්දුව 11 වැනිදා දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පචුවෙල් ටෙෂරිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලොසියස් සහ එහි විධායක නිලධාරී කසුන් පළිසේනට ඇප දෙනවාද නැද්ද යන්න සම්බන්ධ තීන්දුව ලබන ඔක්තෝබර් 11 වැනිදා ලබා දීමට අභියාචනාධීකරණය අද (18) තීන්දු කළේය. 18 July 2018
හෙරොයින් ළඟ තබා ගත් අයෙක්ට ජිවිතාන්නතය තෙක් සිරදඬුවම් හෙරොයින් ග්‍රෑම් 7ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවූ කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (18) නියම කළේය. 18 July 2018
වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කළැයි දෙන්නෙක්ට මරණ දඬුවම් මහ රෑ නිවසට කඩා වැදී නිවසේ නිදාසිටි පුද්ගලයකුගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වු බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (18) මරණ දඬුවම් නියම කළේය. 18 July 2018
දරුවාට මත්පැන් පෙව් පියා ඇතුළු 4ක් රිමාන්ඩ් අනුරාධපුර මීගලෑව ප්‍රදේශයේදී කුඩා දරුවකුට මත්පැන් පෙව් බව කියන සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් එම දරුවාගේ පියා ඇතුළු සිව් දෙනෙකු ලබන මස 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. 18 July 2018
පාසලේ දී හෙරොයින් අලෙවි කළ ආරක්ෂකයා අත්අඩංගුවට කුලියාපිටිය ජනප්‍රිය පාසලක ආරක්ෂකයකු පාසල් වේලාවේදී හෙරොයින් අලෙවි කරමින් සිටියදී අද (18) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි. 18 July 2018
රත්තරන් කැබලි තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට රත්තරන් කැබලි තොගයක් තම සිරුරුවල ගුද මාර්ගවල සඟවා ගෙන නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (18) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 18 July 2018
දේශපාලනඥයාගේ රියේ ගැටුණු යතුරුපැදිකරු බරපතල තත්ත්වයක බණ්ඩාරගම කලුතර මාර්ගයේ සංචාරක මහෙස්ත්‍රාත් අධීකරණය ඉදිරිපිටදී දකුණු පලාතේ ප්‍රබල දේශපාලනඥයකුට අයත් සුඛෝපභෝගී මෝටර් රියක් හා යතුරු පැදියක් එකිනෙක ගැටී මොරටු විශ්ව විද්‍යාලයේ විද්‍යාගාර සහායකවරයකු බරපතල තුවාල ලබා පානදුර මුලික රෝහලට ඇතුළු කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි. 18 July 2018
සෞඛ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරියක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බී.ජී.එස් ගුණතිලක මහත්මිය පත් කරනු ලැබ සිටී. 18 July 2018
‘මොනවා හරි ලෙඩක් ඇද්දාම මම රස්සාවක් හරි කොන්ත්‍රාත්තුවක් හරි දීලා ෂේප් කරගන්නවා‘ මගේ පළාත් සභාවේ මන්ත්‍රිවරු 34 දෙනෙක් ඉන්නවා. උන් ටික හිටපු ගමන් මට මොනවා හරි ලෙඩක් අදිනවා.ඒ වේලාවට මම උන්ට මොනවා හරි රස්සාවක් දෙකක් දීලා එහෙම නැත්නම් පාරක් කොන්ත්‍රාත් කරගන්න රුපියල් ලක්ෂ දහයක් විස්සක් දිලා ෂේප් කර ගන්නවා. 18 July 2018
වෛද්‍ය නාමල් ගමගේ හෘද සැත්කම් යළි අරඹයි කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාරක ඒකකයේ මධ්‍යම වායු සමීකරණ පද්ධතියේ ඇතිවී තිබු ගැටළුවට විසඳුම් ලැබීම නිසා අද (18) සිට යළි හෘද සැත්කම් කිරිම ආරම්භ කළ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා පැවසීය. 18 July 2018
ඥානසාර හිමි අධිකරණයට අපහාස කළැයි නඩුවේ තීන්දුව ලබන 8 වැනිදා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කළැයි පවරා ඇති නඩුවේ තීන්දුව අගොස්තු 08 වැනිදා ලබා දෙන්නැයි අභියාචනාධීකරණය අද (18) නියෝග කළේය. 18 July 2018
‘කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නිවැරදි දත්ත සපයා ගැනීමට පහසුකම් නෑ‘ කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිවැරදි දත්ත සහිත තොරතුරු ජනතාවට ලබා දීමට නම් දිනකට දිවයින පුරා බැලුන් තිහක් උඩුගුවනට යැවිය යුතු අතර දැනට කොළඹින් පමණක් සතියකට දෙපාරක් බැලුන් යැවිම සිදු කර ලබා දෙන තොරතුරුවල අඩුපාඩු තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ පි.එච් චමින්ද සිල්වා මහතා පැවසීය. 18 July 2018
අනතුරු වළක්වන්න පොලිස් රාළහාමිලාගේ අනුරූ මහ පාරේ රිය ධාවනයේ දී සිදුවන අනතුරු අවම කිරීමේ අරමුණින් පුත්තලම පොලිස් කොට්ඨාසයේ පුත්තලම පොලිස් වසමේ අනතුරු බහුල ප්‍රදේශවල පොලිස් නිළධාරින්ට සමාන රුව සහිත ආකෘති තැබීම සිදු කළ බව පුත්තලම පොලීසියේ රථවාහන අංශය පවසයි. 18 July 2018
පෙර පාසල් දැරියකට අතවර කළ පුද්ගලයෙක් අත්අඩංගුවට අවුරුදු පහක පෙර පාසල් දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කියන 48 හැවිරිදි විවාහක පුද්ගලයකු හල්මිල්ලවැවදී අත් අඩංගුවට ගත්බව එප්පාවල පොලිසිය කියයි. 18 July 2018
හෙරොයින් සමඟ බණ්ඩාරවෙලින් අයෙක් අත්අඩංගුවට බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී හෙරොයින් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයකු අද (18) හෙරොයින් සමඟ බණ්ඩාරවෙල තන්තිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 18 July 2018
කැබ්-ලොරි අනතුරින් අයෙක් මරුට : දෙදෙනෙක් රෝහලේ දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ නාවික හමුදා කඳවුර ඉදිරිපිට පස්වරුවේ ලොරි රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි සීගිරිය පොලිසිය කියයි. 18 July 2018
ළමාරක්ෂක පත්වීම් හරි නම් දෙන්න - චන්ද්‍රානි බණ්ඩාර ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරීන් ලෙස පත්වීම් ලැබීමට සූදානම්ව සිටින උපාධිධාරීන් 116 දෙනා තෝරාගෙන තිබෙන්නේ විධිමත් සම්මුඛ පරීක්ෂණයකින් නම් එම පත්වීම් කඩිනමින් ලබාදීමට ක්‍රියා කරන්නැයි කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී 18 July 2018
දුම්රිය ගමනාගමනයට බාධා බදුල්ල සිට පැමිණෙන රාත්‍රී තැපැල් දුම්රිය අද (18) අලුයම 5.40ට පමණ අඹේපුස්ස ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කොළඹ දෙසට දුම්රිය ධාවනය ප්‍රමාද බව වාර්තා වේ. 18 July 2018
ඒකාබද්ධය විපක්ෂනායක පදවිය ඉල්ලයි විපක්ෂනායක ධූරය සහ විපක්ෂයට හිමි අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 70 දෙනා හෙට (18) දිනයේදී කතානායක කරු ජයසූරිය මහතා හමුවීමට තීරණය කර ඇත. 17 July 2018
සිසුවියට අතවර කළ විදුහල්පතිවරයා අත්අඩංගුවට පාසල් සිසුවියකට ලිංගික අතවර කළ විදුහල්පතිවරයකු අද (17) නීතිඥවරුන් දෙදෙනෙකු මාර්ගයෙන් පොලිසියට ඉදිරිපත් විමෙන් පසු අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය පවසයි. 17 July 2018
අග්නිදිග තාක්ෂණ පීඨ සිසුහු සරසවිය අතහැර කොළඹ එති අග්නිදිග විශ්ව විද්‍යාලයේ පරිපාලනයෙන් වසරක් තිස්සේ තමන්ට සාධාරණයක් නොවන නිසා එම විශ්ව විද්‍යාලය හැර දා කොළඹට පැමිණීමට තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන් තීරණය කළ බව ඔළුවිල් තාක්ෂණ පිඨ ශිෂ්‍ය එකමුතුවේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය. 17 July 2018
‘ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය නොගත්තොත් දකුණට විදුලිය දීමේ ගැටළුවක් ‘ ඒ.එස්.පවර් ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය ලබා නොගත හොත් දිවයිනේ දකුණු පළාතට විදුලිය අඛණ්ඩව සැපයිමේ ගැටළු මතුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.වී. ගනේගල මහතා පැවසීය. 17 July 2018
සිංගප්පුරු අපද්‍රව්‍ය මෙරටට ගෙනඒමේ හැකියාවක් නෑ ගිවිසුමේ කුමක් තිබුණත් සිංගප්පුරුවේ අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේ හැකියාවක් නැතැයි උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 17 July 2018
උතුරු පළාත් මහ ඇමැතිට ගුවනින් කොළඹ යන්න ලක්ෂ 11 ක් දිවයිනේ සෙසු පළාත් වලට වඩා වැඩිම දුරකින් පිහිටි පළාත් සභාවේ මහ ඇමැති වීමත් යාපනයේ සිට කොළඹ යාමට අධික කාලයක් මෙන්ම වෙහෙසක් දැරීමට සිදුවීමත් නිසා තමන්ට සහ තම ආරක්ෂකයාට ගුවන් මගින් කොළඹට යාමට අනුමැතිය ලැබී තිබෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි. 17 July 2018
බන්ධනාගාරයේ සිට මත්කුඩු ගෙන්වනවා නම් වරද කොහේ දැයි සෙවිය යුතුයි අපරාධකරුවන් බන්ධනාගාරය තුළ සිටත් අපරාධ මෙහෙයවීම, මත්කුඩු ගෙන්වීම සිදු කරනවා නම් වරද කොහේ දැයි කඩිනමින් සොයා බැලිය යුතු බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 17 July 2018
‘ග්ලයිෆොසෙට් තහනම ඉවත්කිරිම ගැන විවාදයක් දෙන්න සුදානම්’ ග්ලයිෆොසෙට් තහනම ඉවත්කිරීම සම්බන්ධයෙන් විවාදයක් ලබාදීමට සුදානම් යැයි සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) පැවසීය. 17 July 2018
කාර්යාල පනත් කෙටුම්පත බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සම්මත කරන්නැයි ඉල්ලා පෙත්සමක් හානි පුර්ණය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පතේ හි ඇතැම් වගන්තින් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සම්මත කරන ලෙස ඉල්ලා නීතිඥයකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත. 17 July 2018
කෙරවලපිටිය වායු බලාගාරයේ පෙත්සම කල් යයි කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගම වෙත පැවරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර සලකා බැලීම සැප්තැම්බර් 19 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය. 17 July 2018
ප්‍රා.සභාවක සභාපතිවරයකුට නඩු දාන්න බැරිව පාතාලය ගැන කතාකිරිම විහිළුවක් පසුගිය කාලයේ පාතාලය තියාගන්න, ස්ත්‍රී දුෂකයන් තියාගන්න, විදේශීය කාන්තාවන් දුෂණය කළ ප්‍රාදේශීය සභාවක සභාපතිවරයකුට නඩු දාන්න බැරිව කටයුතු කළ පිරිසක් වර්තමානයේ පතාලය ගැන කතා කිරීම විහිළුවක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) පැවසීය. 17 July 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026