ජාතික විගණන පනත බලාත්මකයි ජාතික විගණන පනත් කෙටුම්පත බලාත්මක කිරීම සඳහා අත්සන් කළ බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. 17 July 2018
ඉන්ධන මිල අඩුවැඩි වීම ගැන අමාත්‍යාංශය ලක්ෂ 85 ක දැන්වීම් පළකරයි ඉන්ධන මිල අඩු වැඩිවීම සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය රුපියල් ලක්ෂ 85ක් වැය කරමින් පුවත්පත් දැන්වීම් පළකර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (17) පැවසීය. 17 July 2018
ඒකාබද්ධ පොදුජන පෙරමුණ පිහිටුවීමේ පළමු සාකච්ඡාව හෙට ඒකාබද්ධ පොදුජන පෙරමුණ පිහිටුවීම සඳහා වන පළමු සාකච්ඡාව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) රාත්‍රී 7.00ට කිරුළපන පිහිටි ඒ මහතාගේ නිවසේදී පැවැත්වේ. 17 July 2018
‘විරෝධතාකරුවන්ට වෙනම ස්ථානයක් සෑදිය යුතුයි‘ ඉදිරියේ දී විරෝධතා කරුවන්ට වෙනම තැනක් හැදීම හෝ පාර්ලිමේන්තුවට යාමට වෙනම පාරක් හැදීම සිදුකළ යුතු යැයි කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා ප්‍රකාශ කළේය. 17 July 2018
‘මරණ දඬුවමට විරුද්ධ කිසි කෙනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්වීමට ක්‍රියා කරන්නේ නැහැ‘ මත් උවදුරින් රට මුදා ගැනීම සඳහා මරණ දඬුවම ගෙන ඒමට සැරසෙන විට ඊට එරෙහි වන යුරෝපා සංගමය ඇතුළු කිසිවෙකුත් රට ගොදුරු කරගෙන ඇති මත් උවදුරට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 17 July 2018
මහින්දානන්දට එරෙහි මුදල් විශුද්ධිකරණ පනත යටතේ පැවරූ නඩුවේ විභාගය 10 වැනිදා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහාමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශූද්ධීකරණ පනත යටතේ පවරන ලද නඩුව ලබන ඔක්තෝබර් 10 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා තීරණය කළේය. 17 July 2018
මරණ දඬුවමට සමසමාජය එරෙහි වෙයි ලංකා සමසමාජ පක්ෂය කිසිදු වරදකරුවකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරුද්ධ යැයි එහි ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය. 17 July 2018
ඇඹිලිපිටිය ප්‍රා සභාපති බරපතල වැඩ සහිතව මාස තුනක් හිරේට පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට පහරදීම සහ සාපරාධී බලහත්කාරකම් පෑම සම්බන්ධයෙන් වරද පිළිගත් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල මහතාට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් හිරෝෂනී ඉරේෂා කුමාරි කාහිංගල මහත්මිය බරපතල වැඩ සහිත තුන් මසක සිර දඬුවමක් සහ පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියාට රුපියල් තිස් දසහක වන්දියක් ගෙවන ලෙස ද නියම කළාය. 17 July 2018
මහසෝන් බළකා නායකයා අාහාර වර්ජනය අතහරී තමන් නිදහස් කරන ලෙස ඉල්ලා දින හයක් තිස්සේ ආහාර වර්ජනයක නිරතව සිටි මහ සොහොන් බළකායේ නිර්මාතෘ සහ එහි නායක අමිත් විරසිංහ අද (17) ආහාර වර්ජනය අත්හැර ඇතැයි බන්ධනාගර ආරංචි මාර්ග සඳහන් කරයි. 17 July 2018
වලල්ලාවිට හිටපු ප්‍රා.ස.උප සභාපතිට එරෙහි වරෙන්තු ආපසු කැඳවීමට නියෝග වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරල මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් නිකුත් කර තිබු වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියම කළේය. 17 July 2018
මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට වෙනම බන්ධනාගාරයක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දඬුවම ලක්කර ඇති රැඳවියන්ට නව බන්ධනාගරයක් ඉදිකර එහි රඳවන්නැයි හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටියි. 17 July 2018
අසල්වැසියා ඝාතනය කළැයි තිදෙනෙක්ට මරණ දඬුවම වගාව හා ව්‍යාපාර සම්බන්ධයෙන් අසල්වැසි නිවැසියන් අතර ඇතිවු ආරඅවුලක් දුරදිග ගොස් අසල්වැසියාට පිහියෙන් ඇන ඝාතනය කර ඔහුගේ බිරිඳට පිහියෙන් ඇන බරපතල තුවාල කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකුට මරණ දඬුවම නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එක් පුද්ගලයකුට වසර 7 1/2ක බරපතල වැස සහිත සිරදඬුවම් නියම අද (17) නියම කළේය. 17 July 2018
ශ්‍රී ලාංකිකයන් 20,000කට සෞඛ්‍ය මධ්‍යස්ථානය බැගින් විශ්වීය සෞඛ්‍ය ආවාරණය සඳහා වන සේවා ප්‍රතිපත්තියක් 2019 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 17 July 2018
‘මාස 18 ක් වනතුරු දරුවන් රූපවාහිනිය ඉදිරියට ගෙන යන්න එපා’ වයස මාස 18 ක් වනතුරු දරුවන් රූපවාහිනි හෝ වෙනත් එවැනි තිර ඉදිරිපිට තබාගෙන සිටීමෙන් දරුවා ඊට ඇබ්බැහි වීමටත් අධික්රියාකාරිත්ව තත්ත්වයට පත් වීමටත් හේතු විය හැකි යැයි කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශ්විනි ප්‍රනාන්දු මහත්මිය පැවැසුවාය. 17 July 2018
උතුරු පළාත් ඇමැතිවරු සිව් දෙනෙක් සභා රැස්වීම වර්ජනය කරති ඇමැතිවරයකු ඉවත් කිරීමක් පිළිබඳව සභාවට ඉදිරිපත්ව තිබු යෝජනාවකට පිළිතුරුදීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන ඇමැති විග්නේෂ්වරන් ප්රමුඛ පළාත් ඇමැතිවරුන් සිව්දෙනා උතුරු පළාත් සභා රැස්වීම වර්ජනය කර තිබේ. 17 July 2018
මාලක සිල්වාට එරෙහි නඩුවේ නීතී උපදෙස් මෙතෙක් ලැබී නැහැ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක මනෝජ් සිල්වා යන අය විසින් බම්බලපිටිය රාත්‍රි සමාජ ශාලාවක් තුළදී බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහර දුන් බව කියන සිද්ධි යෙ මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය. 17 July 2018
එමිල් රන්ජන්-රංගජීව යළි රිමාන්ඩ් වැලිකඩ සිරකරුවන් පිරිසක් ඝාතනය වීමෙ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත භාරයේ සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා තවදුරටත් ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. 17 July 2018
නාපෝලි නගර සභිකයෙක් ලෙස පළමු වරට ශ්‍රී ලාංකිකයෙක් දකුණු ඉතාලියේ ප්‍රධානතම නගරය ලෙස සැලකෙන නාපෝලි මහා නගර සභාවට පළමු වරට එරට වෙසෙන සියලුම විදේශිකයන් නියෝජනය කිරිම සඳහා සභිකයෙක් තෝරා පත් කර ගැනිමට පැවති මැතිවරණයෙන් ශ්‍රි ලාංකිකයෙක් ජයගෙන තිබේ. 17 July 2018
ඇමෙරිකා ඩොලර් තොගයක් ඉන්දියාවට රැගෙන යාමට තැත් කළ දෙදෙනෙක් රේගු දැලේ ඇමෙරිකා ඩොලර් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ චීන සහ නේපාල ජාතිකයන් සිව් දෙනෙකු අද (17 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 17 July 2018
පාතාලයෝ 5 ක් ඇමැතිවරයකුගේ රැකවලුන් වෙලා පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට සොයන පාතාල සාමාජිකයන්යැයි කියන පස්දෙනකු ඇමතිවරයකුගේ පෞද්ගලික ආරක්ෂකයන් ලෙස සේවයේ යෙදී සිටින බවට තොරතුරු හෙළිකරගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (16) පැවසීය. 17 July 2018
ලොක්කෙක් හවුල්වී ගෙන්වූ බාල පොහොර නවත්වයි රජයේ පොහොර සමාගම් දෙකක් සඳහා විදේශීය සමාගමක් විසින් ගෙන්වන ලදැයි කියන යූරියා මෙටි්රක් ටොන් 5,000ක් බෙදා හැරීම අත්හිටුවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 17 July 2018
ලාංකිකයන් 18 ක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරති නීතිවිරෝධී ක්‍රම භාවිතා කර ඕස්ට්‍රේලියාවට සංක්රමරණය වී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු අද (17) උදෑසන එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ බව ගුවන් තොටුපොළ රාජකාරි 17 July 2018
පේරාදෙණි ඉංජිනේරු පීඨය දින නියමයක් නැතිව වසා දමයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලක සභාව තීරණය කර ඇත. 17 July 2018
නිව්යෝර්ක් ටයිම්ස් ප්‍රවෘත්තිය ගැන දිනක විවාදයක් හම්බන්තොට වරාය ව්‍යාපෘතියේදී පසුගිය රජය චීන සමාගමකින් ඇමෙරිකානු ඩොලර් බිලියන 7.6 ක මුදලක් අයථා ලෙස ගන්නා ලදැයි චෝදනා කරමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියක් පිළිබඳව දිනක විවාදයක් 19 වැනිදා පැවැත්වේ. 16 July 2018
සැමියාට දෙන්න සිර මැදිරියට හෙරොයින් ගෙනා බිරිඳ අත්අඩංගුවට ගල්කිස්ස පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි සැමියාට ලබා දීම සඳහා හෙරොයින් මත්කුඩු පැකට් 40ක් හැට්ටයේ සඟවා ගෙන පැමිණි 19 හැවිරිදි කාන්තාවක් අද (16) පොලිසිය තුලදීම අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දුෂණ මර්දන අංශය කියයි. 16 July 2018
අග්නිදිග සිසුන් ඉවත් කරන්නැයි පොලිසියට පැමිණිල්ලක් පන්ති තහනම් කළ සහ ශිෂ්‍ය භාවය අහෝසි කළ සිසුන් 21 දෙනා ඉවත් කරන ලෙස ඉල්ලමින් අග්නිදිග විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා අද (16) අක්කරේපත්තු පොලිසියට ගොස් පැමිණිල්ලක් කළේය. 16 July 2018
දුම්රිය අර්ධ රාජ්‍ය කළොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයක වෘත්තීය සමිති විරෝධය නොතකා ආණ්ඩුව දුම්රිය දෙපාර්තමේන්තුව අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත්කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන්නේ යැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 16 July 2018
ග්ලයිෆොසෙට් ගැසට්ටුව සංශෝධනය කරන්න උපදෙස් තේ සහ රබර් යන බෝග සඳහා පමණක් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වෙත අද (16) උපදෙස් දුන් බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවසීය. 16 July 2018
මංගලගේ ප්‍රකාශයට එරෙහි පිවිතුරු හෙළඋරුමයෙන් පැමිණිල්ලක් සිංහ සමාජ, රොටරි සමාජ සහ බෞද්ධ සංවිධානවල සභාපතිවරුන් ලෙස කටයුතු කරන පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශයට එරෙහිව පිවිතුරු හෙළ උරුමය අද (16) පොලිස්පතිවරයාට පැමිණිලි කළේය. 16 July 2018
මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට විකුණන්නේ නෑ මත්තල ගුවන්තොටුපළ කිසිසේත්ම ඉන්දියාවට විකිණීමක් සිදු නොවන බවත් එහි පාඩුව අවම කරගැනීම සඳහා ඉන්දියාව සමඟ ඒකාබද්ධ ව්‍යාපාරයක් සිදුකරගෙන යාමට පමණක් රජය සැලසුම් කර ඇති බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය. 16 July 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026