අජන්ත කුමාර අගලකඩ
සියලුම අමාත්‍යංශවල ප්‍රාග්ධන වියදම් 15% කින් කපා හරින ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ඒ බව දන්වමින් මුදල් අමාත්‍යංශය සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් ද නිකුත් කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් මීට සති දෙකකට පමණ ඉහතදී මුදල් අමාත්‍යංශයට කැඳවා මේ ගැන දැනුම් දී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
රජයේ අපේක්ෂිත ආදායම අඩුවීම පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයත් සමඟ ආර්ථිකයට ඇතිව තිබෙන බලපෑම් ආදිය සැළකිල්ලට ගනිමින් මෙම ප්‍රාග්ධන වියදම් කප්පාදුව සිදුකර ඇති බවද වාර්තා වේ.
මේ අතර ඉකුත් වසරවල අමාත්‍යංශවල හිඟ බිල්පත් රුපියල් කෝටි 10,000 ක් පමණ ගෙවීමට ඉතිරිව ඇති බවද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමාත්‍යංශ වල වියදම 15% නොව ඊට වඩා අඩුකලයුතුයි අනවශ්‍ය වියදම්. විශේෂයෙන් දේශපාලුවන්ගේ එක එක උත්සව වියදම් ආදිය. එමෙන්ම බදුගෙවන පුරවැසියන් වන අප දියවන්නාඔයේ 225 සියලුම වියදම් කපා හැරීමට " 225 ටම උපදෙස් නොව නියෝග කරනවා "..
අමාත්‍යංශ වල පමණක් නොවයි 225 දෙනාගේම අනවශ්‍ය වියදම් කපාහැර අන්.ඇම් කළා වගේ පාර්ලිමේන්තුවේ කන බොන දේවලුත් යම් පාලනයක් කර පිඩිත කන්න නැතුව මැරෙණ අසරණයින්ට හා පාස්කු ඉරිදා සිදුවීමෙන් අසරණවී සිටින පිරිසට සහන සලසුවොත් හොද නැත්ද? රටේ බහුතරය මෙසේ අසරණ වී සිටියදී ඔවුන්ගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවේ ඉන්න 225යි මහා ධනපති ව්‍යාපාරිකයෝ ටිකයි යම් පරිත්‍යාගයක් කිරීම මිනිස්කම නොවනේද?
ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන්ට වෙන්කළ මුදල් ටික නම් කපා හරියි, හැබැයි, මං කොල්ල කන්න තියෙන ව්‍යාපෘති ප්‍රාග්ධන වියදම් නම් මේ කපේදී කැපෙන්නේ නෑ. මධ්‍යම අදි වේගී මාර්ගයෙන් ගසා කාල තියෙන හැටි විගණකාධිපති ඇහැට ඇඟිල්ලෙන් ඇනලම පේන්න දීල තිබුනේ.
දකුණු අතින් දීල වම් අතින් ගන්න වගේ වැඩ. දැන් මෙහෙම කිව්වට, පසුව මේ සේරම පරිපූරක ඇස්තමේතුවක් දාල ගනීවි. මේක තමයි මෙච්චර කල් වුණෙත්.
වියදම් කපන්න ආණ්ඩුවක් ඕනෙද? වෙන විකල්ප නැද්ද? උපදේශකයෝ කියා පඩි ගන්න අය මොකද කියන්නේ? ප්‍රාග්ධන වියදම් අඩු කළාම කොහොමද ආර්ථික වර්ධන වේගය තියාගන්නේ?
මේක අලුත් දෙයක් නෙමේ හැම අවුරුද්දකම වාගේ ජුනි /ජුලි මාසේ ප්‍රාග්ධන වියදමෙන් 15% කපාහරින්න කියල මු. අමාත්‍යංශය අනිකුත් අමාත්‍යංශය වලට දැනුම් දෙනවා.
යහපාලන රජය ආර්ථිකය දියුණු කළා..... අතමිට සරු කළා...... 2025 සංවර්ධිත දියුණු රටක් බවට පත් කරනවා...