(මනෝප්රිය ගුණසේකර)
තහනම් කර ඇති ජාතික තව්හීද් ජමාත්, ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම් සහ විලයාත් අස් සෙයිලානී සංවිධාන පිළිබඳව මෙන්ම එහි සාමාජිකයින් කවුරුන්ද? ඔවුන්ගේ ක්‍රියාකාරකම් මොනවාද? යන්න පිළිබඳව වහාම විමර්ශන ආරම්භ කරන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට නියම කර ඇත.
වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට නීතිපතිවරයා ලිඛිතව කළ මෙම දැනුම්දීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට සහ ජනාධිපති ලේකම් උයද ආර්. සෙනෙවිරත්න මහතාට ද දැනුම්දී ඇතැයි වාර්තා වේ.
‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය සහ ඉන් පසුව සිදුවු සිද්ධීන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස නියම කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දප්පුල ද ලිවේරා නීතිපතිපති තුමාට අපේ ගෞරවය. අපි දැක්ක අර කොමිසමට ආපු වෙලාවේ ඔබ තුමා ප්‍රශ්න අහන්න හිටියත් හිටපු නීතිපතිම එතෙන්ට ඇවිත් ප්‍රශ්න අහපු හැටි. උන්නැහේ දැන් ඉතින් ඉහලට ගියානේ. දැන්වත් ඔබතුමා යටතේ නීතිය ක්‍රියාත්මක වෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා.
නීතිපති තමාගේ සීමාව ඉක්මවා යන බව පේනවා. මෙතුමා තම දෙපාර්තමේන්තුව තුළ ඇති ප්‍රමාදයෙන් ගැන බලාගන්නවා නම් වඩා හොඳයි
ඔය ඔක්කොටම කලින් දැන් සොයා බැලිය යුත්තේ උතුරේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය ගැන , කදු පිහි භාවිත කරමින් මංකොල්ල සහ කප්පම් කල්ලියක් ලෙස සිටි ඔවුන් දැන් ටික ටික රොබින් හුඩ් ක්‍රමයට සමාජයේ නමක් දිනාගෙන ඉදිරියට යන්න හදනවා , එක්දහස් නමසිය හැත්ත ගණන වල හොරබඩු ජාවාරම් කාරයෙක් ලෙස ආරම්භයත් සිදුවුනේ මේ ක්‍රමයට , හදිස්සි නිතිය තිබෙන වෙලාවේ ඒක පාවිච්චි කරලා උපරිම ප්‍රයෝජන අරගෙන මේ හොරු ටික මර්ධනය කල යුතුය