(මනෝජ් හර්ෂික)
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා ශ්‍රී ලංකාව හා ජපානය අතර අවබෝධතා ගිවිසුමක් හෙට (19) අත්සන් කිරිමට නියමිතය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ජපානය වෙනුවෙන් එරට අධිකරණ, විදේශ කටයුතු, කම්කරු හා සුභසාධන අමාත්‍යවරු ජපානයේ දී මෙම ගිවිසුමට අත්සන් තබති.
ගිවිසුම වසර 10ක කාලයක් ක්‍රියාත්මක වන අතර එම කාලය තුළදී වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයින්ට හිමි වේ.
සාත්තු සේවිකා, ගොඩනැගිලි පිරිසිදු කරන්නන්, යන්ත්‍ර කොටස් හා එකලස්, කාර්මික යන්ත්‍ර කර්මාන්තය, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් , තොරතුරු කර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්රය, නැව් කර්මාන්තය, රථවාහන හා නඩත්තු, ගුවන්යානා කර්මාන්තය, නවාතැන් පහසුකම්, කෘෂිකර්මාන්ත, ධීවර හා ජලජීවි වගාව, ආහාරපාන නිෂ්පාදනය සහ ආහාර සේවා සැපයුම් යන ක්ෂේත්රවල රැකියාවල නිරතවීම සඳහා ගිවිසුම අනුව ශ්‍රී ලාංකීක ශ්‍රමිකයන්ට අවස්ථාව සැලසේ.
මෙම රැකියා අවස්ථා ලොව රටවල් 9කට ලබාදෙන අතර ඉන් 7 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත. ඉදිරියේ දී ජපානයේ වෘත්තීය විශේෂඥයින් මෙරටට පැමිණ අවශ්‍ය තාක්ෂණික දැනුම ලාංකිකයින්ට ලබාදීමට ද නියමිතය.
ජපානයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවීමත් සමඟම ජපන් රැකියා ලබාදෙන බව පවසමින් විවිධ ජාවාරම්කරුවන් මුදල් රැස්කිරීමේ අවදානමක් ඇතිවීමට ඉඩ ඇති හෙයින් එවැනි ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙස කාර්යාංශය දැනුම් දෙයි.
මෙම රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන මුළුමනින්ම ජපානය හා ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුම අනුව ක්‍රියාත්මක වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් මහජනතාවට දන්වා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තට අපි වගේ දුප්පත් අයට මේ වගේ රටකට ගිහින් සතුටින් ඉන්න අවස්ථාවක්
මෙය ඉතා හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකාවේ දක්ෂතා පෙන්වීමට
ආණ්ඩුවේ වැඩ කතා නොකරමු. කෙසේ වෙතත් මේක හොඳ වැඩක්.
අපේ තරුණ තරුණියන්ට හොඳ රැකියා ලබා ගන්නට අවස්ථාවක්. අවාසනාව නම්, අද රටේ බහුතරයකට හොඳ රැකියාවක් සොයා ගන්නට නම්, පිට රටකට යන්නටම සිදු වීමයි.
ගොඩක් සතුටුයි අපිට ඒ වගේ අවස්ථාවක් ලැබුනට.
දැම්මම ජපන් යැව්වේ නැති උනත් ඡන්දෙට ඉස්සරවෙලා ලැයිස්තු හදල ;අරුණ අය කරකවගන්න හොඳ චාන්ස් එකක්. රට යවන්නේ ඡන්දෙන් පස්සේ දිනුවොත්.
ඒක නම් හොඳයි..
ජපානයේ තරුණ සේවකයන්ගේ අඩුවක් නිසා ලැබෙන අවස්ථාවකි. මූලිකවම තරුණ ජනගහනය අඩු වීමේ හේතුව.. මෙය රජය නිසා ලැබුණු දෙයක් නොවේ. ජපානය හොඳ මිනිසුන් සිටින රටක්.. එම නිසා රැකියාවට තිබෙන දැනුම වගේම රටේ හොඳ නම රැකගැනීමට හැකි හොඳ මිනිසුන් එහි යැවිය යුතුයි. මෙම රැකියා අවස්ථා බොහෝ කලක් තිබෙනු ඇත. එම නිසා මේ පිළිබඳව නිසි අවධානය යොමු කළ යුතුයි. හොඳ අධ්‍යාපන මට්ටමකින් යුුතු අය යැවිය යුතුයි.
ඇත්තටම හොද අවස්ථාවක් දියුණු වීමට, ඉදිරි ලෝකය ජය ගැනීමට..
මට අවශ්‍යයි ජපානයට යන්න්.. මම ජපානයට කැමතියි
මං කැමති ජපානය යන්න .හොඳ අවස්ථාවක් අපිට .
මං කැමති ජපානය යන්න. හොඳ අවස්ථාවක් අපිට...
ගොඩක් හොඳ අවස්ථාවක්. මම කැමතියි ජපන් යන්න.