(දයාරත්න ඇඹෝගම)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරමින් බැණ වැදී තර්ජනය කළ බව කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අද(18)දින අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ඉන්දික රුක්ෂාන් රාජපක්ෂ නැමති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයාය.
පසුගිය 15දා මිහින්තලේ පුද බිමේ රාජකාරියේ නිරතව සිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරමින් ඔහුට බැණවැදී තර්ජනය කළේ යැයි මන්ත්‍රීවරයා චෝදනා ලැබ සිටී.
මිහින්තලය පුද බිමට පිවිසෙන පිවිසුම් පඩිපෙළ ආසන්නයේ පවත්වා ගෙනගිය තාවකාලික වෙළඳකුටි ඉටි රෙදිවලින් ආවරණය නොකරන ලෙසට පුරාවිද්‍යා නිලධාරිවරයා වෙළඳුන්ට උපදෙස් දුන් අවස්ථාවක සැකකාර මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ නිලධාරිවරයාට බැණවැදී තර්ජනය තර්ජනය කර ඇත.
එම නිලධාරියා පොලිසියට කළ පැමිණිල්ල අනුව මන්ත්‍රීවරයාව අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකාර මන්ත්‍රිවරයා අද(18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිමයෙන් දඩුවම් ලැබේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනය.