නවකවදය දෙන සිසුන්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියා කරන්න යයි විශ්ව විද්‍යාලයක දී හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයකදී නවකවදය දී හසුවන සිසුන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම තිරණය කර ඇත. 05 August 2018
විගණන කොමිසම අගෝස්තු 1 වැනි දා සිට බලගැන්වෙයි වසර තුනක පමණ කාලයක් තිස්සේ ප්‍රමාද වු විගණන කොමිසම අගෝස්තු 1 වැනි දා සිට බලගැන්වී ඇත. පාර්ලිමේන්තුවේ දී සම්මත වු විගණන පනතට කතානායකවරයා අත්සන් කළ පසු ජනාධිපතිවරයාගේ අනුමැතිය ද ඊට ලැබී තිබේ. 05 August 2018
රජරට උප කුලපති ධුරයට නාම යෝජනා කැඳවයි රජරට විශ්ව විද්‍යාලයේ උප කුලපති ධුරය කලක සිට පුරප්පාඩු වී පවතින බව වාර්තා වෙයි. 05 August 2018
පොලිස් කොමිසමෙන් විශේෂ කමිටු හතක් මහජනතාව මුහුණ දෙන මූලික ප්‍රශ්නවලට විසඳුම් දෙමින් පොලිස් දෙපාර්තමේන්තුව වඩා කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ජාතික පොලිස් කොමිසම යටතේ කමිටු හතක් පත්කර ඇත. 05 August 2018
සේප්පුව කැපීමට ගිය අධිකරණ ආරක්ෂකයා රිමාන්ඩ් උණවටුනේ පිහිටි ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ අංගනයේ තිබු සේප්පුවක් කපා සොරකම් කිරිමට තැත් කිරිමේ දී අත්අඩංගුවට ගත් එම නඩු භාණ්ඩ අංගනයේ අධිකරණ ආරක්ෂකයා 13 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා නියෝග කළේය. 05 August 2018
මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට යටියන හන්දියේ වෙළඳසැලක් ඉදිරිපිට දී අද (5) පෙරවරුවේ සිදු කළ වෙඩි තැබීමකින් 65 හැවිරිදි පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 05 August 2018
හුංගම ලුණු ගබඩාවට සීල් තබයි මිනිස් පරිභෝජනයට නුසුදුසු ලුණු තොගයක් වෙළඳපොළට නිකුත් කිරිම සඳහා සූදානම් කරමින් තිබූ හුංගම නගරයේ පිහිටි පෞද්ගලික වෙළඳසැල් හිමියකුට අයත් ගබඩාවකට අම්බලන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සීල් තබන ලදී. 05 August 2018
බදුල්ල ප්‍රා. සභා මන්ත්‍රීට පහර දුන් දෙදෙනාට ඇප බදුල්ල ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රී බාලක්‍රිෂ්ණන් මුරලිදරන් යන අයට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස නියෝග කළ බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය. 05 August 2018
වන අලි ප්‍රහාරයට ලක් වු දැරිය විභාගයට පහ ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා අද (5) උදෑසන සිය මව සමඟ පාපැදියක නැගී පාසලට යමින් සිටියදී වන අලි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා මහියංගන මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දැරිය ප්‍රතිකාර 05 August 2018
වාද්දුවේ හෝටල් සාදයකට ගිය දෙදෙනෙක් මරුට වාද්දුව හෝටලයක පැවති සායකදී හදිස්සියේ රෝගී වු සිව් දෙනෙකු පානදුර මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු දෙදෙනකු මිය ගොස් අනෙක් දෙදෙනා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පානදුර මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි පියල් සමරවීර මහතා පැවසීය. 05 August 2018
ශිෂ්‍යත්වය ලියන්න ගිය දැරිය වන අලි ප්‍රහාරයෙන් රෝහලේ අද (5) පැවැත්වෙන පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා සිය මව සමඟ පාපැදියක යමින් සිටි මහියංගනය බ/ හද්දත්තාව මහ විදුහලේ දැරියක් සහ ඇගේ මව වල් අලි ප්‍රහාරයකට ලක්වී රෝහල් ගත කළ බව මහියංගනය පොලීසිය පවසයි. 05 August 2018
මැති ඇමති වරුන්ගේ වැටුප් සතපහකින් වත් වැඩි කරන්නේ නැහැ - ජනාධිපති මැති ඇමති වරුන්ගේ වැටුප් සත පහකින් වත් වැඩි කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) පොලොන්නරුවේදී ප්‍රකාශ කලේය. 04 August 2018
ශිෂ්‍යත්ව විභාගයට ආශිර්වාද ගන්න ගිය දරුවන් බඹර ප්‍රහාරයෙන් රෝහලේ හෙට (05) පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට ආශිර්වාද ලබාගැනීම සඳහා බෝධිපූජාවක් පැවැති අතරතුර බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දරුවන් සහ දෙමාපියන් 60කට ආසන්න පිරිසක් මීට මඳ වේලාවකට පෙර පදවිය මූලික රෝහලට ඇතුළත් කළ බව පදවිය පොලීසිය කියයි. 04 August 2018
බදුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීට පහරදීම ගැන සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට බදුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී බාලක්‍රිෂ්ණන් මුරලිදරන් (එ.ජා.ප.) යන අයට පහර දීම සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයන් දෙදෙනෙකු බදුල්ල පොලීසිය මඟින් අද (04) අත් අඩංගුවට ගනු ලැබීය. 04 August 2018
ඉබිමස් ජාවාරමේ නිරත වූ තිදෙනෙකු අත්අඩංගුවට සංචාරක වෙළදාමේ නිරත වෙමින් රාත්‍රී කාලයේ ගල් ඉබ්බන් මස් කිරීමේ ජාවාරමක නිරතවූ කල්ලියක තිදෙනෙකු ඉබි මස් තොගයක් ද සමඟ ගල්කිරියාගම වනජීවී අඩිවි කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ 03 රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබිණ. 04 August 2018
තේ ඉඩමක් බලහත්කාරෙන් අල්ලාගැනිමට එරෙහිව කම්කරුවන් උද්ඝෝෂණයක හැටන් වැවිලි සමාගමට අයත් දික්ඔය වතුයායේ ඩන්බාර් කොටසේ තේ වගා ඉඩමක් පිටතින් පැමිණි අයෙකු අල්ලා ආරක්ෂිත කම්බි වැටක් ඉදිකිරිමට විරෝධය පාමින් එම වතු යායේ වතු කම්කරුවන් පිරිසක් වැඩ වර්ෂනය කරමින් අද (04) උද්ඝෝෂනයක නිරත විය. 04 August 2018
සීගිරිය නැරඹීමට කේබල් කාර් යෙදවීමේ රහසිගත ව්‍යාපෘතියක් මධ්‍යම සංස්කෘතික අරමුදල ඉතා රහසිගතව චීන සමාගමක් සමඟ එක්ව සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් කේබල් කාර් යෙදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන සිද්ධියක සුලමුල හෙළි කරගැනීමට හැකිවිය. 04 August 2018
ගාල්ල අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවට හොරු පනිති අද (4) අලුයම දොළහයි තිහට පමණ උණවටුන පැරණි සලුසල භූමියේ පිහිටි ගාල්ල අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවට ඇතුලු වූ සොරුන් පොලීසිය පැමිණෙන විට පලා ගොස් ඇතැයි හබරාදුව පොලීසිය පවසයි. 04 August 2018
පස් කන්ටේනර් අස්සේ රන් පිටරට යවන ජාවාරමක් හෙළිවේ රුපියල් කෝටි ගණන් වටිනා රන් කැබලි මිශ්‍ර පස් පිටරට පැටවීමේ මහා පරිමාණ ජවාරමක් හෙළිකර ගැනීමට රේගුව හා පතල් කැනීම් කාර්යංශය සමත් වී තිබේ. 03 August 2018
ෆේස්බුක් බිඳ වැටීමක් සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් සමාජ ජාලයේ බිඳ වැටීමක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. බ්‍රිතාන්‍යය ගිම්හාන වේලාවෙන් පස්වරු 5.15ට (නැගෙනහිර වේලාවෙන් පැය 12.15)ට පමණ මෙම බිඳ වැටීම සිදුව තිබේ. 03 August 2018
හිටපු විභාග කොමසාරිස් ගුණපාල වික්‍රමරත්න සමුගනියි හිටපු විභාග කොමසාරිස්වරයකු මෙන්ම කොළඹ නාලාන්දා විද්‍යාලයේ විදුහල්පතිවරයකු ද වූ ගුණපාල වික්‍රමරත්න මහතා අද සවස අභාවප්‍රාප්ත විය. රෝගාතුරවී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යන විට 92 වැනි වියේ පසු විය. 03 August 2018
පෞද්ගලික වෛද්‍ය සේවයෙන් වෛද්‍යවරු බැහැර වෙති රටපුරා සේවය කරන විශේෂඥ වෛද්‍යවරු අද (3) දවස පුරා පෞද්ගලික වෛද්‍ය සේවයෙන් වැළකී සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූහ. 03 August 2018
වෙඩි පහරින් මිය ගිය යාපනය සිසුන් දෙදෙනා බීමතින් සිටි කතාව බොරු පොලිස් වෙඩි පහරින් මිය ගිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනා වෙඩි වැදීම සිදුවන අවස්ථාවේ මත්පැන් පානය කර සිටි බවට පොලිසිය කළ චෝදනාව අසාත්‍ය බව අනාවරණය වේ. 03 August 2018
මැති ඇමැති වැටුප් වැඩි කරන්න මුදල් ප්‍රතිපාදන ඉල්ලන්න යයි මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන සලසා දෙන්නැයි මුදල් අමාත්‍යංශය ලබන සතියේදී ඉල්ලීමක් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර ඇත. 03 August 2018
රෝගාතුර වී රෝහල් ගත කළ දැරිය පස්මස් ගැබිණියක් ඖෂධ වර්ගයක් පානය කිරීම නිසා රෝගාතුර වී තංගල්ල මූලික රෝහලට ඇතුළත් කළ බාලවයස්කාර දැරියක පස්මස් ගැබිණියක් බව රෝහලේදී අනාවරණය වී ඇත. 03 August 2018
ක්‍රීඩාවෙන් පරාද කළැයි මිතුරාට පිහියෙන් ඇන්න සිසුවා රිමාන්ඩ් පරිගණක කී්රඩාවකින් පරාද කළැයි උරණව තම හොදම මිතුරාට පිහියෙන් ඇණ තුවාල කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පෞද්ගලික පාඨමාලා ආයතනයක සිසුවකු ලබන 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධානාගර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 03 August 2018
චීන මහ බැංකුව හරහා පැන්ඩා බැදුම්කර නිකුත් කිරීමට සැලසුම් ශ්‍රී ලංකාව මහ බැංකුව චීන මහ බැංකුව හරහා ‘පැන්ඩා බැදුම්කර’ නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (3) ප්‍රකාශ කළේය. 03 August 2018
බන්ධනාගාර සැරයන්වරයකුගේ වැඩ තහනමක් මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකු සමඟ සමීප සම්බන්ධතා පැවැත් වු බව කියන මීගමු බන්ධනාගාරයේ නිලධාරින් දෙදෙනකු අතරින් සැරයන්වරයකුගේ වැඩ තහනම් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 03 August 2018
මහාචාර්ය කොල්වින් හෘදය සාක්ෂිය හෙළිකරයි ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනත සංශෝධනය කිරීමේ කාලීන අවශ්‍යතාව ඉටුකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව එහි හිටපු සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පැවැසීය. 03 August 2018
ඉන්දියාවට රත්තරං කිලෝ 11.15ක් ප්‍රවාහනය කළ 3 ක් අත්අඩංගුවට මුහුදු මාර්ගයෙන් මෙරට සිට ඉන්දියාවට රැගෙන ගිය රත්තරං කිලෝ 11.15ක් සහ ඒවා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය බලධාරීන් කටයුතු ඇත. 03 August 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026