(ඩයනා උදයංගනී)
‘දැයම එක රොදකට‘ යන තේමාවෙන් බොදු බල සේනා සංවිධානය සංවිධානය කළ සිව් හෙළයේ මහා සමුළුව තෛයි නිකායික මහා සංඝරත්නයේ හා අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් කන්ද උඩරට ඓතිහාසික සෙංකඩගල පුරවරයේදී අද පැවැත්විණි.
රට ඉදිරියට ගමන් කළ යුතු දිශා නිතිය සඳහන් විශේෂ ප්‍රකාශයක්ද ‘ බෝගම්බර ප්‍රකාශය‘ නමින් මෙහිදී එළි දැක්විණි.
සමුළුව ආරම්භවීමට ප්‍රථම මහනුවර ශ්‍රී දළදා මාලිගාවට වැඩම කළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේක්ම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්රමුඛ මහා සංඝරත්නය එම බෝගම්බර ප්‍රකාශය දළදා වහන්සේ ඉදිරිපිට පුජා කළහ. මතුවතු - අස්ගිරි මහතාහිමිවරු බැහැදැක උන්වහන්සේලාගේ ආශිර්වාදය ද ලබාගත්හ.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, බුද්ධි අංශ ශක්තිමත් කර නොබෙදු රටක් තුල සියලු දෙනාට පොදු නීතීයක් ක්‍රියාත්මක කළ යුතුය.ජාතික හා ජන වාර්ගික පදනම මත පාසල් ආරම්භකිරීම හා පාසල් තුළ අන්තවාදී ඉගැන්වීම් තහනම් කළ යුතුය,ජාතික උරුමයන් සුරැකිය යුතුය,සිංහල මව්වරුන් ඉලක්කකරගෙන වන්ධ්‍යාකරණයට එරෙහිව නීතී රීතී පනවා ජන සංයුතිය ජාතික ප්‍රතිපත්ති රාමුවක් හරහා කළමනාකරණය කළ යුතුයි.සියලු පුරවැසියන්ට ප්‍රමාණවත් සෞගඛ්ය පහසුකම් බලා දිය යුතු අතර හලාල් වැනි ආහාර සහතිකරණයෙන් අදාළ ජනතාව වෙනුවෙන් පමණක් ඇති කළ යුතු ආදි කරුණු ඇතුළත් යෝජනාවලියක්ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපයේ රටවල වගේ "සියලුම රටවැසියන්ට පොදු නීතියක් "ගෙනඑන්න ඕනේ.., එහි කිසිම වැරැද්දක් නැහැ. මේක පනතක් මගින් පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරගන්න.
අපේ හාමුදුරුවනේ කියන්න ඕන ටික යුටියුබ් එකේ ලීවා .
බොරු වැඩ ... වර්ජනය කල යුතුයි .
බුදුන් සංඝයාට සියුර පැනෙව්වේ විකාරයන් කර කර කාලේ කන්න නොවේ .නියම බෞද්ධයාව මේ විකාරයන්ට රවටාගන්න ලැබෙන්නේ නැහැ .
රටේ පොඩි මිනිස්සු ගැන හිතන්න කවුරුත් නැහැ.
සිල්වා මයා සමග මමත් එකගයි..
මේ ඉටුකරන්න හදන්නේ ගෝඨලාගේ කොන්ත්‍රාත්තුවක් කියා නොසිතෙන කෙනා මෝඩයෙක් ..
චානක් , ඔයා ඉන්නේ ලංකාවේ නෙමෙයි නිසා සමහර දේවල් ඔයා දකින්නේ නැහැ නමුත් අපි නොදකින සමහර දේවල් ඔයාලා දකින බව මම පිලිගන්නවා . අපිට අත් විදින්න වෙලා තියෙන අසාධාරණ බොහොමයි . මහා සංඝයා වහන්සේලා ට පමණයි අපේ කුහක දේශපාලකයෝ මෙල්ල කරගන්න හැකි වෙලා තියෙන්නේ . ඒ නිසා උන්වහන්සේලාට ඉදිරියට එන්නම සිද්ධ වෙලා . එහෙම නොකලොත් ඇතැම් රටවල බෞද්ධ ජනතාවටත් භික්ෂුන්වහන්සේලාටත් විදින්න වෙලා තියෙන සහාසික ඉරණම අපේ රටෙත් පටන් ගන්න පුළුවන් වාතාවරණයක් හැදීගෙන ආවා . එකේ එක උච්ච මොහොතක් තමයි අප්‍රේල් 21 අපි හැමෝම අත් වින්දේ . ඒ තරම් තොරතුරු ලැබිලත් රටේ නායකත්වය මොකද කලේ කියලා ඔයා දන්නවනේ . අඩු ගානේ ඊට පස්සෙත් මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන මොන වගේ සහතිකයක් ද දුන්නේ කියලත් දැක්කනේ . අපේ පරිස්සම අපිම බලාගෙන ඉන්නේ . තවමත් උවදුර පහ වෙලා නැහැ . අපේ රටේ දේශපාලනය කියන්නේ කුරය දෙකට බෙදිච්ච සත්තුන්ගේ පොර පිටියක් වෙලා . ඒ නිසා අපි කිසිම දේශපානඥයෙක් විශ්වාස නොකරන තත්වයක ඉන්නේ . කොහොම හරි දුක් විදින මිනිස්සුන්ට යහපතක් වෙනවද කියලා තමයි අපිත් බලන් ඉන්නේ . එතැනදී එක පාරට ම අපිට මේ වගේ දේවල් පිලිකෙව් කරන්නත් බැරි තත්වයක් අපිට තියෙන්නේ.
චානක් , ඔයා වැරදියි හෝ නිවැරදියි කියන්න බැරි තත්වයක් තමයි අපිට උදා වෙලා තියෙන්නේ
මෙහි පිටපතක් ලබා ගන්න කැමතියි . කියවා බලා දැනගැනීම පිණිස ....
අන්තිමට සාරි පොටේ එල්ලිලා හරි ගොඩ යන්න හදනවා..
චානක්, ඝෝඨාහට ඔච්චර බයද? කොහොමත් ඉදිරියේදී රට බාරගන්නේ එතුමාලා නිසයි. කලාවන් වෙච්ච සිංහල පරට්ටයෝ නිසා හැමදාම රට පස්සට යනවා... හරි මිනිහෙක් අපි හොයාගන්න ඕනෑ. ඉදිරියේදී දැඩි තීරණ ගන්න කෙනෙක් එනවා.
අතක් පපුවේ තියාගෙන මොකක්ද මේ ජපකරන්නේ? ගහමු, වනසමු, ගිනිතියමු කියාද දන්නේ නැහැ...