(බිඟුන් මේනක ගමගේ )
ප්‍රධාන දේශපාලන පක්ෂ කිසිවකට ජාතික නායකයන් නොමැති බව ද එය රටේ අනාගතය සම්බන්ධයෙන් භයානක තත්ත්වයක් බව ද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
කළු ජූලියත් විසි හය වසරක යුද්ධයත් ජවිපෙ කැරැලිත් නිසා දේශපාලන පක්ෂවල දෙවැනි පෙළ නායකයන් අකල් මරණවලට ලක්වීම ඊට මූලික හේතුව යැයි ද ගුණසේකර මහතා කීය.
88-89 ඝාතන සමයේ තම පක්ෂයට පමණක් නායකයන් පනස් දෙනෙකු පමණ අහිමි වී යැයි කී හෙතෙම ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, විජය කුමාරණතුංග, සරත් මුත්තෙට්ටුවේගම, රංජන් විජේරත්න වැන්නන්ගේ අකල් වියෝව අද දවසේදී තදින් දැනෙන්නේ යැයි අවධාරණය කළේය.
වාමාංශික හා දක්ෂිණාංශික වශයෙන් දේශපාලන පක්ෂ අතර මතවාදී වෙනස්කම් පැවැතිය ද මෙම තත්ත්වය ගැන තමා කම්පා වන්නේ යැයි ද පක්ෂවල අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදයක් නොමැතිකම නිසා එය තවත් නරක අතට හැරී ඇතැයි ද ඩිව් ගුණසේකර මහතා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂයට ලෝක ප්රවණතා ගැන අවබෝධයක් නැතැයි ද ඔවුන් දේශපාලනය කරන්නේ මනෝමූල කාරණා මත යැයි ද ගුණසේකර මහතා පැවසීය.
පත පොත නොකියවන ලෝකය ගැන උනන්දුවක් නැති පිරිසකගෙන් පාර්ලිමේන්තුව පිරී ඇතැයි චෝදනා කළ හෙතෙම දේශපාලනයට පිවිසෙන බහුතරයකගේ අරමුණ ව්‍යාපාර ආරම්භ කිරීම යැයි ද කීය.
පක්ෂවලින් මැතිවරණවලට නාමයෝජනා දෙද්දී සුදුසුකම ලෙස සොයන්නේ ධනවත්කම මිස බුද්ධිය නොවන්නේ යැයි ද ඊට පක්ෂ නායකයන් කෙලින්ම වගකිව යුතු යැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්වැනි ඡේදය තමයි හරිම වැදගත්. වගකිව යුතුයි පක්ෂ නායකයා යැයි කියන පිරිස. මේ පිරිසට දේශනයක් කළ හැකි එකම මිනිසා තමයි දිමූ. ඔබට ජයවේවා..
ඇත්ත කතාව, ඔබතුමන්ලට දැන්වත් තේරුණු එක ලොකුදෙයක්...
පතපොත කියවන්න කලින් මේ මෝඩ රැළ ජනතාව කියන දේවත් අහනවද? ලෝකයේ අනිත් රටවල් සමග අපේ මේ. කට්ටිය එක මේසෙක එකට ඉන්දවන්න. පුලුවන්ද? හරිම නූගත් පිරිසක්. ඒ වගේම තමයි ශිෂ්‍යත්වය සමත් පොඩි දරුවෝ ලඟවත් තියන්න බැහැ... විනයත් අන්තිමයි. නමුත් අධ්‍යාපනයක් නැති වුනාට කතා. කරනකොට තමන් කියන්නේ මොනවද? කියලා තමන් දන්නේ නැහැ... මොලයක් තියෙනවා නම් මේ දුප්පත් රටේ මිනිසුන්ගේ සල්ලි සුරාකමින් සුරසැප විඳීද?. ලැජ්ජාවක් තියෙනවා නම් මේ හොරු පන්සල් යයිද? අපේ රටේ මහාචාර්යවරු පාර්ලිමේන්තුවට කැඳවලා හැමදාම මේ කට්ටියට මොලයට රුධිරය ගමන් කරවන වැඩ පිළිවෙලක් හදන්න ඕනෑ. නමුත් මෝඩ රැල සමග කතා කරන්න අමාරුයි. නුවණ තියෙන කෙනාට දැන් ජනතාව ඉස්සරවගේ නොවේ.. බුද්දිමත් නූගත් රැල එළියට දමන්න පුළුවන්..
පත පොත නොදකින මේ "225 ම " කෙසේ ගානක් කපාගන්නේද? කෙසේ මහජන මුදලින් තුන් වේල පිනට ගිල දමන්නේද? මහජන මුදලින් දිවි ඇති තුරා සිය පවුල් පිටින් සුර සැප විඳින්නේද යන්න පිළිබඳ උනන්දුව හැර වෙන කිසිදෙයක් නොමැත. එබැවින් නිකන්ද කාලකන්නි රිලව් 225 යන අනුවර්ත නාමය මේ 225 වූ හැතිකරයට මිනිසුන් කියන්නේ...
ඔය එන්නේ... ඔහොම එමු. හැබැයි වැඩි ජනතාවක් නම් දැන් දැන් ටිකටික ඔය බව දන්නවා. නමුත් කිසිම පක්ෂයක් ඔවුන්ට අවශ්‍ය සුදුසුකම් ලත් අයව අපේක්ෂකයන් විදියට ඉදිරිපත් කරන්නේ නැහැ. ලබන පාර බලමුකෝ මොකද වෙන්නේ කියලා...
පරක්කු වුනත් ඔබ දැන්වත් ප්රශ්නය වටහා ගෙන ඇති හෙයින් නායකත්වය දී ජනතාවට කරුණු කියාදෙන්න.
ඔයාලා තමයි මේ රට කෑවේ...
ජනතාවගේ වහල් චින්තනය දැන්වත් ඉවර කරලා ස්වාධිනව හිතන්න පුරුදු වෙන්න අවශ්‍යවේ
පැන්ෂන් යන කල තමා මොලේ පහල වෙන්නේ. පරක්කු වැඩි.
1971 වන විට හොඳ තරුණ පරපුරක් රටේ හිටියා. උගත් , දක්ෂ තරුණ රැල කිසිම අරමුණක් නැති විප්ලවයකට යොමු කර විනාශ කලා. අද ඒකෙ අඩුව නොමඳව දැනෙන්න පටන් අරගෙන. දැන් ඉන්න ඔය විප්ලව කාරින්ට කිසිම අරමුණක් නැහැ. මේ යන විදිහට ගියොත් රට අනතුරේ. අපේ උගතුන් දක්ෂයින් රටේ නැහැ. මොකද ඒ අයට රටේ තැනක් නැති නිසා. අපේ අයගෙන් විදේශයන් හොඳට වැඩ ගන්නවා වගේම හොඳ ගෙවීමකුත් කරනවා. රට ගොඩ අරන් දියුණු කරන්න නම් ඒ උගතුන් මෙරටට ගෙන්වා ගැනීමට ක්ෂණික වැඩ පිළිවෙලක් යෙදිය යුතුයි. කකුලෙන් අඳින ඉහල තනතුරු වල ඉන්න අය හොඳ විශ්‍රාම වැටුපක් සමග ගෙදර යැවිය යුතුයි. එය රටට පාඩුවක් නොවෙයි. මේ දැන් උනත් රජයේ කාර්යාලයකට ගිහින් බලන්න කීදෙනෙක් වැඩ කරනවාද? කීදෙනෙක් ජංගම දුරකතනයේ ඉන්නවද? කීදෙනෙක් තම රාජකාරි ස්ථානයේ ඉන්නවද කියා.
එතකොට සාටකලා නායකයෝ නොවේද ? අපි හිතලා තිබෙන හැටි වැරදිනේ එහෙනම් ..