(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකික ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමේ කටයුත්ත නතර කරන්නට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අම්පාරේදී අද (07) පැවැසීය.
ඒ සම්බන්ධයෙන් ජනතා සහාය පෙන්වීම සඳහා පාරට බැස ජනතාව සමඟ උත්ඝෝෂණය කර ඉඩම් අයිතිය අවශ්‍යවන බවට වන පණිවිඩය රටට දෙන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමේ පනත් කෙටුම්පත සකසා කැබිනට් අනුමැතිය ගැනීමට වසර දෙකක් ගතවූ බව කී අග්‍රාමාත්‍යවරයා දැන් ඒ පනත අනුමත කොට ගැසට් මගින් ප්‍රකාශ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් කළේය.
ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහනේ අම්පාර දිස්ත්‍රික් උත්සවයට සහභාගී වෙමින් මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
“සංවිධාන දෙකක් ඔබට සින්නක්කර අයිතිය ලබා දීමට විරුද්ධව කටයුතු කර තිබෙනවා. මේ පිරිස කව්ද? මේ මොන සංවිධානද? ප්රතිගාමී බලවේග ජනතාවට ඉඩම් අයිතිය දීමට අකමැති අය සිටිනවා.
දැන් මේ ඉඩම් අයිතිය නතර කරන්නට නඩු කියන්න හදනවාලු. මේ සටන අත්හරින්න බැහැ. අප දුරක් පැමිණ තිබෙනවා. ගිය වාරයේත් මෙවැනි කෙටුම්පතක් ඉදිරිපත් කළ විට නොයෙක් ආකාරයට කටයුතු කළා. එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනපති ලෙසත් අප ආණ්ඩුව ලෙසත් කටයුතු කළා. එතැනින් විවිධ දේ ගෙනාවා. මහ ඇමතිවරු ගෙනාවා. මේ කටයුත්ත නතර කරන්න ක්‍රියා කළා. එහෙත් මෙවර එය නතර කරන්න ඉඩ දෙන්නේ නැහැ. මෙම වැඩවසම් ආකල්ප වලට ඉඩ දෙන්නේ නැහැ’’ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.
අම්පාර දයා ඇපරල් උත්සව ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.




(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව හරහා මිස කෙලින්ම විදේශිකයින්ට ඉඩම් ලබාදීම අර්බුද ඇති කරන්නක්, සර් නියමයි..
මාසේ පෝය ළඟබවට සූත්තර පුංචාගේ හැසිරීම ස්ථිර කරනවා..
මෙතන ශ්‍රී ලාංකික කියනකොටම තේරෙනවා කාටද මේ ඉඩම් දෙන්නේ කියලා. වතුකම්කරුවන්ටත් මේ මුග්ධයා අනිවාර්යයෙන්ම ඉඩම්දී සිංහලයාට තවත් ප්‍රශ්න ඇතිකර මකබෑවී යාවි.
මෙයා පාරට බස්සන්නේ සිංහලයින්වද? නැතිනම් මුසල්මානුවන්ද?
පොටෝ එක දැක්කාම දෙන්න හිතෙනවා දෙකක්...
කූඨ, ආත්මාර්ථකාමී පරමාර්ථයන් මුදුන්පත් කරගන්නට වෙර දරනවා හැර කපටි, නිවටයෙක් රටකට වැඩක් ඇති යමක් කවදා නම් කරත්ද? මෙවැනි පිළිලවලින් රට කවදා ගොඩ ඒද? අහෝ දුකකි...!
ඔය වසර දෙකේ අගමැති හිටියේ කැබිනට් මණ්ඩලයේ නෙමෙයිද? බොරුවක් වත් හරියට කියාගන්න බැහැ.
ගාමිණී දිසානායකලා, ලලිත් ඇතුළත්මුදලි වගේ කොන්ද පණැති පුරුෂයන් හිටියා නම් ලංකාවටත් එක්සත් ජාතික පක්ෂයටත් මේ කලදසාව වෙන්නෑ...!
මේ නරියාව රටේ ජනතාව ප්‍රතික්ෂේප කළයුතුයි. මොහු ඇමෙරිකානු ඔත්තුකරුවෙකි.
අවුරුදු ගණනාවක් කඹුරපු වාර්ෂික බලපත්‍ර ඉඩමට පූර්ණ අයිතිය ලබාදීමට විරුද්ධ තමුන්ට සින්නක්කර ගෙයක්, ඉඩම්ක් හිමි කුහක මිනිසුන් වෙන්න අැති. වතු කම්කරුවන් වාර්ෂික බලපත්‍ර ඉඩම් නොමැති නිසා මෙයට අදාල නොමැත. ගාමිණීලා, ලලිත්ලා ප්‍රේමදාස යැව්වම ගිය ආකාරයත්... 2018 ඔක්තොබර් 26දී මුහුණ දුන් ආකාරයටත් අනුව කොන්ද තියෙන්නේ කාගාවද කියලා තේරෙනවා.
ඔය ඇමරිකානුවන් හෝ චීන්නුන් මෙහෙ ගෙවල් හදාගෙන පදිංචිවෙන්නේ නැත.
මොහුට වැඩ බැරිය. කපටිකම් හුරුය.
ජනතාවට ඉඩම් දීමට විරුද්ධ සංවිධාන දෙකක් තියෙනවාලු ඇයි ඒවා මොනවාද කියන්න බැරි. ඔහොම සඟවා කිව්වාම කියන්නේ බොරුවක් කියලම හිතෙනවා. තොරතුරු දැනගැනීම යටතේ ඔවුන් කවුද කියන්න. කියන්න බැරිනම් ඔවුන්ට අගමැතිත් බයයිකියා සිතන්න වෙනවා
පොඩි මිනිස්සු ගැන හිතලා කිසිම හොඳ දෙයක් කලේ නැහැ.
හලෝ දැනට අවුරුදු 35කට කලින් ලංකා සිතියමේ දෙමල ප්‍රදේශ රතුපාටින් පෙන්වන විට රටමද රතු පාටට පෙන්වුවේ නැහැ. දැන් රට මැදත් රතුපාටට පෙන්වනවා. රටවටෙම් තිබෙන භුමිය මුසල්මානුවාට හිමිවී සිංහලයා රටමැදට පලා යනවා. රට මැද දෙමළාට භූමිය දෙනවා. මේ පාහර පාලකයින් දැන් සිංහලයන් කොහේ යන්නද? වතු දෙමළුන්ට ගෙවල් 50000ක් හදනවා. එක ගෙයට පර්චස් 6 බැගින් දුන්නොත් තේ වතු වෙනුවට සිංහලයාට නඩත්තු කරන්න වෙන්නේ ඉන්දියානු කුලීකාරයින්වය...