අල්ලස් ගත්තැයි කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් බ්‍රිතාන්‍ය ජාතිකයකුගෙන් රුපියල් 5000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියකට හබරාදුව පොලිසියේ රථ වාහන කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය. 03 August 2018
ගෝඨා ඇතුළු 7 දෙනාට නොතීසි බාරදෙයි තංගල්ල වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකුට අධිකරණය මගින් නිකුත් කළ නොතීසිය ඔවුන් වෙත බාර දුන් බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි. 03 August 2018
මෝටර් රථයේ සිට හෙරොයින් පැකට් කළ දෙදෙනෙක් අත්අඩංගුවට පානදුර ප්‍රදේශයේ සුපිරි වෙළඳ සංකීර්ණයක රථ ගාලේ මෝටර් රථයක් තුළට වී හෙරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (3) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි. 03 August 2018
ජනමාධ්‍යවේදීන්ට කෙරෙන තර්ජන ගැන පාර්ලිමේන්තු විවාදයක් ජනමාධ්‍යවේදීන්ට කෙරෙන බව කියන තර්ජන පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ලබන 9 වැනිදා පැවැත්වේ.විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරන්නේ ඒකාබද්ධ විපක්ෂයයි. 03 August 2018
විසඳුම් නොලැබුණොත් අග්නිදිග දෙමාපියනුත් උපවාසයකට සැරසෙති අග්නිදිග සරසවියේ තාක්ෂණ පීඨයේ සිසුන්ට සිදුවී ඇති අසාධාරණයට කඩිනමින් විසඳුම් නොලැබුණහොත් කොළඹ නගර ශාලාව අසල ඇති අට්ටාලයෙන් සිසුන් බස්සවා දෙමාපියන් සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව ඔළුවිල් තාක්ෂණ පීඨ ශිෂ්‍ය දෙමාපිය එකමුතුවේ සාමාජික රංජිත් බෝඹුවල මහතා අද(03) පැවසීය. 03 August 2018
තවත් බදු සංශෝධන පනතක් 9 වැනි දා තවත් බදු සංශෝධන පනතක් ලබන 9 වැනි දා පාර්ලිමේන්තුව ඉදිරිපත් කෙරේ. එකතු කළ අගය මත බදු අයකිරිමේ සංශෝධන පනත් කෙටුම්පත එයයි. මෙමගින් වැට් පනතට අලුතින් සංශෝධන කිහිපයක් එක් කරනු ඇතැයි දැනගන්නට ඇත. පනත් කෙටුම්පත මැති සබයේ දී පැය හතරක් විවාද කර සම්මත කර ගැනීමට නියමිතය. 03 August 2018
මන්ත්‍රී වැටුපට පෙර සමෘද්ධිය වැඩි කරන්නලු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප වැඩි කිරීමට පෙර සමෘද්ධි දීමනාව දෙගුණයකින් වැඩිකරන්නැයි ඒකාබද්ධ විපක්ෂය රජයෙන් ඉල්ලීමක් කරයි. 03 August 2018
හොර රත්තරන් උකස් කළ හිටපු ඇමැති ආරක්ෂකයාට වැඩ වරදී ව්‍යාජ රන් ආභරණ කෝට්ටේ රාජ්‍ය බැංකුවකට උකස් කොට රුපියල් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාවකට වරදකරු වූ අමාත්‍යවරයෙකුගේ හිටපු පෞද්ගලික ආරක්ෂ නිලධාරීවරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 06ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (03) නියම කළේය. 03 August 2018
විල්පත්තු නඩුවෙන් නිදහස් කරන්නැයි ඇමැති රිෂාඩ් කළ ඉල්ලීම ඉවතට විල්පත්තු අභය භූමිය ආශ්රිත වනාන්තරය එළිපෙහෙලි කර ජනතාව පදිංචි කිරිම සම්බන්ධයෙන් තමාට එරෙහිව ගොනු වී ඇති පෙත්සම්වල චෝදනාවලින් නිදහස් කරන ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සිදු කළ ඉල්ලීම අද (03) අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. 03 August 2018
අම්පාර සුළි සුළඟින් නිවාස 217 කට හානි අම්පාර නාගරික ප්‍රදේශය හරහා හමා ගිය සුළි සුළඟින් මේ වන විට නිවාස 217 ක් පමණ හානියට පත්ව ඇති බව අම්පාර දිසාපති තුසිත පි වනිගසිංහ මහතා පවසයි. 03 August 2018
රෝහිත අබේගුණවර්ධනට රට යන්න අවසර සිය නීත්‍යානූකූල ආදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළ වල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාට මාසයක කාලයක් සඳහා විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (3) අවසර දුන්නේය. 03 August 2018
කොළඹ යුද හමුදා රෝහල අයිඑස්ඕ සහතිකයෙන් පිදුම් ලබයි කොළඹ යුද හමුදා රෝහල ප්‍රමිති ජාත්‍යන්තර සංවිධානය වෙතින් පිළිගත් (ISO 9001 සහතිකයෙන් පිදුම් ලැබීය. 03 August 2018
රන් බිස්කට් තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියකු අද (3) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 03 August 2018
දැරියට අතවර කළ පුද්ගලයා මවගේ පිහි පහරින් මරුට පස්හැවිරිදි දැරියකට ලිංගික හිරිහැර කළැයි කියන පුද්ගලයකුට එම දැරියගේ මව එල්ල කළ පිහි ප්‍රහාරයකින් සැකකරු රෝහල් ගත කිරිමෙන් පසු මිය ගිය බව මුල්ලේරියාව පොලිසිය පවසයි. 03 August 2018
මෝදර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට මෝදර මතුවැල්ල ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයා මිය ගිය බව මෝදර පොලිසිය කියයි. 03 August 2018
ඉඩෝරය නිමා කරමින් මුලතිව් දිස්ත්‍රීක්කයට අයිස් වැස්සක් මාස තුනකට වැඩි කාලයක් පුරාවට මුලතිව් දිස්ත්‍රීක්කයට බලපෑ අධික පෑවිල්ල නිමාවට පත් කරමින් ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවත් සමඟ අයිස් ද වැටුණු බවට මුලතිව් වැසියෝ පවසති. 03 August 2018
වවුනියාව සතොස ගබඩාවේ සීනි මළු මුද්‍රා තබයි වවුනියාව සතොස සුපිරි වෙළෙඳ සැලෙහි අලෙවි කිරීමට තිබූ සීනි සමඟ යූරියා පොහොර කවලම් කර පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීම හේතුවෙන් එම වෙළෙඳසැලේ ගබඩාවෙහි තිබූ සීනි මළු සියල්ලට මුද්‍රා තැබූ බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි. 03 August 2018
පර්පෙචුවල් ට්‍රෙෂරීස් දුරකතන සංවාද මැකුවාට ඇලෝසියස් පලිසේන ඇතුළු 5 ක් සැකකරුවෝ ජනාධිපති බැඳුම්කර වංචා විමර්ශන කොමිෂන් සභාවේ නියෝග පරිදි පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් ලබාදුන් එම සමාගමට අයත් දුරකතන සංවාද ඇතුළත් ඩීවීඩී තැටිවල ඇතැම් සංවාද මකා දමා විනාශ කළැයි 03 August 2018
මිලියන 10ක ’’අයිස්’’සමඟ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට රුපියල් මිලියන 10 කට අධික වටිනා ’’අයිස්’’ නැමැති මත්ද්‍රව්‍ය සමඟ ඉන්දිය ජාතිකයෙකු (30) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 August 2018
සංධානයේ මතය සෙසු පක්ෂ සමඟ සාකච්ඡාවෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂනායක ධූරය ඉල්ලීම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සංධානයේ මතය සංධානයේ සෙසු නායකයන් සමඟ සාකච්ඡා කර කතානායකවරයාට දැනුම් දෙන බව එහි මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. 02 August 2018
නවසීලන්ත අගමැතිනිය බිළිඳා සමඟ රාජකාරියට තම පළමු දරුවට උපත ලැබීමෙන් සති හයකට පසු නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් තම බිළිඳා සමඟ රාජකාරියට පැමිණියාය. 02 August 2018
වසර තුනට පොලිසියට එරෙහි පැමිණිලි 4437ක් ජාතික පොලිස් කොමිෂන් සභාව අලුතින් පිහිටුවීමෙන් පසු පොලිසියට එරෙහිව ලැබුණු මහජන පැමිණිලිවලින් සියයට 89ක් විමර්ශනය කර අවසන් බව එම කොමිෂන් සභාව කියයි. 02 August 2018
තද සුළඟකින් අම්පාරේ ගෙවල් 100කට හානි අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගර සීමාවේ නවගම්පුර ගම්මානය හරහා හමා ගිය සුළගක් නිසා නිවාස 100කට ආසන්න ප්‍රමාණයක් හානි වි ඇති බව අම්පාර දිසාපති තුසිත පී වනිගසිංහ මහතා පැවසිය. 02 August 2018
මරණ දඬුවම පිළිගත නොහැකියි - පාප්තුමෝ කියති “මරණ දඬුවම” පිළිගත නොහැක්කක් බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රකාශ කර ඇතැයි වතිකානය අද (2) සඳහන් කළේය. 02 August 2018
ජාතික සම්පත් මිලදී ගත්තොත් මම ආවම ඒවා අපසු ගන්නවා - මහින්ද ජාත්‍යන්තරය විසින් මිලදී ගනු ලබන මෙරට ජාතික සම්පත් තමන් බලයට පත්වූ පසු නැවැත ලබාගැනීම පිළිබඳව සැලකිලිමත් වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (2) පැවැසීය. 02 August 2018
මැති ඇමැති වැටුප් වැඩි කිරීමට මුදල් ඇමැතිගේ විරෝධය මේ අවස්ථාවේ මැති ඇමැතිවරුන්ගේ තබා කාගේවත් වැටුප් වැඩි කිරීමට තමා විරෝධය දක්වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (2) පැවැසීය. 02 August 2018
ලාඕස රජයෙන් ලංකාවට වීසා සහනයක් ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍ර ලාභීන්ට ලාඕස ජනරජයට පැමිණී මෙන් පසු වීසා බලපත් ලබාගැනීමේ පහසුකම හිමිවී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 02 August 2018
කෝටියකට විකුණන්න ගිය වාලම්පුරියක් ත්‍රිකුණාමලයෙන් අල්ලයි රුපියල් කෝටියකට අලෙවි කිරිමට සුදානම් කර තිබූ වාමාවෘත්ත වාලම්පුරියක් සමඟ සැකකරුවන් හතර දෙනෙකු අද (02) දහවල් අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය පොලිසිය කියයි. 02 August 2018
මහැදුරු කොල්වින් වෛද්‍ය සභාවෙන් ඉල්ලා අස්වේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 02 August 2018
පර්පචුවෙල් ප්‍රධාන ගැනුම්කරුට - තොරතුරු තාක්ෂණ නිලධාරීට ඇප ජනාධිපති බැදුම්කර වංචා විමර්ශන කොමිෂන් සභාවේ නියෝග පරිදි පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ලබාදුන් එම සමාගමට අයත් දුරකතන සංවාද ඇතුළත් ඩී වී ඩී තැටිවල ඇතැම් සංවාද මකා දමා විනාශ කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් එම සමාගමේ හිටපු ප්‍රධාන ගැනුම්කරු සහ හිටපු තොරතුරු තාක්ෂණ නිලධාරීවරයා එක් අයකුට රුපියල් ලක්ෂ තුනක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (02) නියෝග කළාය. 02 August 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026