( තිලකරත්න දිසානායක)
ගම්පහ ප්‍රදේශයේ කාන්තාවකගේ ඇගට පොළගෙකු දමා දෂ්ඨ කරවීමට උත්සාහ දැරූ එම කාන්තාවගේ සැමියා සමඟ අනියම් ඇසුරක් පවත්වා ඇති බවට සැක කරන කාන්තාවක් ගම්පහ මුලස්ථාන පොලීසිය මගින් අද (7) අත් අඩංගුවට ගෙන ඇත.
ඉකුත් 30 වැනි දින නයි පනික්කියෙකුට රුපියල් 25,000 ක මුදලක් ලබාදීමට පොරොන්දුවී පොළගෙකු රැගෙන විත් ඔහු ලවා බිරිදගේ ඇගට දෙවරක් දමා තිබේ.
ඇය එයින් බේරී තිබු අතර මීට සම්බන්ධවී ඇති පනික්කියා ,ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත් අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
මෙලෙස පොළගෙකු දමා දෂ්ඨ කිරීමට සලස්වා සර්ප විෂ ශරීර ගත වීමෙන් බිරිද මිය ගිය බවට ඒත්තු ගැන්වීමට උත්සාහ දැරූ ඇයගේ 54 හැවිරිදි සැමියා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පවසන පොලීසිය, ඔහු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරන අතරතුර අනියම් ඇසුරක් පවත්වා ඇති බව කියන තැනැත්තිය අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම තැනැත්තිය ගම්පහ,පදිංචි 42 හැවිරිදි එක් දරු මවකි. මෙම තැනැත්තියගෙන් ප්‍රශ්න කිරීමේදී පොලීසියට පවසා ඇත්තේ, තමන් මෙම පුද්ගලයා විසින් පවත්වාගෙන යනු ලබන සපත්තු නිෂ්පාදනය කිරීමට සහාය ලබාදීම සිදු කරන බැවින් ඔහුගේ නිවසට නිතර යන එන බවය.
පොළගා දමා ඝාතනය කිරීමේ සිද්ධියට මෙම කාන්තාව සම්බන්ධදැයි සෙවීමට ඇයගේ පරීක්ෂණ අරඹා ඇතැයි පොලීසිය පවසයි.
සැකකාර කාන්තාව අද (7) ගම්පහ මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. බිරිද ඝාතනය කිරීමට තැත් කළ සැමියා අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු වෙමින් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව තුළ අනාචාරය, මෙවැනි මිනිමැරුම් වර්ධනය වීමට ඒක හේතුවක් ලෙස දික්කසාදය ලබාගැනීමේ ක්රමයේ අසීරුකම දැක්විය හැක. දික්කසාදය ලබාගැනීමේ ක්‍රමය සරල කිරීමෙන් සමාජය තුළ පවතින විවාහය සම්බන්ධ බොහෝ ගැටළු මග හරවා ගත හැකිය. දෙදෙනෙකුට එකට ජීවත් විය නොහැකි නම් උදා... ගැහැණිය/පිරිමියා නිරතුරු අහේතුකව රණ්ඩු කරනවා නම්, දරුවන්ට තඩිබානවා නම්, මහළු දෙමව්පියන්ට කරදර කරනවා නම් සැමියාට, බිරිඳට සලකන්නේ නැත්නම්, තමන් හම්බකරගෙන පවුල ගැන නොසායා රිසිසේ ජීවත්වේ නම්, නිරතුරුව පොලිසි යනවා නම් මෙහෙම නයි පොළඟුන් වගේ ඉන්න පවුල් වලටවත් දික්කසාද ලබාගන්න බැරිනම් ඇති පලේ කුමක්ද?
අපේ රටේ තියෙන නීති අනුව. මොලේ අමාරුවක් තිබුණත්, ගෙදර නිතරම රණ්ඩු කරලා අනෙත් පාර්ශ්වයේ හා දෙමව්පියන්ගේ දරුවන්ගේ හිත් විනාශ කරමින් සිටියත්, ගෙදර වැඩ කටයුතු නොකර තමන්ට රිසිසේ සිටියක්, පිරිමියෙක් නම් දිනපතා බීලා ඇවිත් රණ්ඩු කළත්, නිරතුරු පොලිස් පැමිණිලි කරමින් රණ්ඩු කරමින් වදදෙමින් ජීවත් වුණත් ලංකාවේ දික්කසාද නීතිය අනුව දික්කසාදය ගන්න බැහැ. දික්කසාදය ගන්න නම් ලිංගික බෙලහීනතාවය, අනාචාරටයේ හැසිරීම හෝ ද්වේශ සහගත හැරයාමක් කරන්න ඕනේ. ඒවා නොකර වද දිදී රණ්ඩු කර නිවාසවල අපායක් කරමින් සිටියත් දික්කසාද කරන්න බැහැ. මෙහෙම නීති මොනවටද? බොහෝවිට වැරැද්ද කරන පාර්ශවයට අනෙක් පාර්ශවයට දික්කසාද ලබාදීමට අකැමැති වේ. මැරෙන කම් අදිනවා මලත් දික්කසාද දෙන්නේ නැහැ.. ගැලවිලා යන්න දෙන්නේ නැහැ කියලා කියමින් රණ්ඩු කරමින් නිවෙස් ඇතුලේ වෙන්ව අසතුටින් වැලපෙමින් ජීවත් වෙන මොනතරම් අය සිටිනවද? යන්න සමීක්ෂණයක් කර බලන්න...
සාමාන්‍ය නීතිය යටතේ ප්‍රධාන වැරදි තුනක් මත දික්කසාදය ලබාගැනීමට නම් 1.අනාචාරය 2. ද්වේශ සහගත අතහැර යාම, සහ විවාහ වන විට පවතින සුවකළ නොහැකි ලිංගික බෙලහීනතාවය... නමුත් ලංකාවේ නඩු කීයක් මේ වනවිට ලිංගික බෙලහීනතාවය හෝ අනාචාරය ඔප්පු කර දික්කසාදය ලබාගෙන ඇත්දැයි කිසියම් සමීක්ෂණයක් හෝ සිදුකර ඇද්ද? ඔප්පු කිරීමට ඉතා අපහසු මෙන්ම කාට හෝ කීමට පවා ලැජ්ජ හිතෙන නීති පනවා ඇති ඵලය කුමක්ද? රෝම ලන්දේසි නීතියේ අනාදිමත් කාලයකට පෙර ඔවුන්ගේ ක්‍රිස්තියානි ආගමට අනුකූලවන ලෙස පනවා ඇති නීති මේ වනවිට රෝමානු වැසියන්වත් පාවිච්චි කරන්නේ නැත. ඇයි අපි මෙහෙම කරලා එකට ඉන්නම බැරි වුණත් වද දුන්නත් දික්කසාද නම් මේ ආත්මෙදි ගන්න බැරි තැනට අපේ මිනිස්සුන්ව පත්කර ඇත්තේ? නීති විශාරදයින්ට මෙය තේරෙන්නේ නැද්ද? නොඑසේනම් නඩු ඇදගෙනයාම වාසි නිසා මෙම හනමිටි නීති තවදුරටත් පවත්වාගෙන යනවද?
සතුටින් එකට ජීවත් විය නොහැකි නම්, දිගින් දිගටම රණ්ඩු නම් පහසුවෙන් දික්කසාදයක් ලබාගත හැකි හේතුවක් ලෙස එයද ඇතුළත් කර ලංකාවේ දික්කසාද නිතිය වෙනස් කල යුතුව ඇත. එය මානව අයිතිවාසිකමකි.
ජිවිතේට ඔප්පු කරනන් බැරි කරැණූ 2 ක් (ලිංගික බෙලහිනකම, අනාචාරයේ හැසිරිම) සහ ද්වේශ සහගත හැරයාම කියලා එක කරුණක් තමයි අපේ රටේ දික්කසායක් ගනන් පුළුවන් හේතු. මේවා ලන්දේසින්ගෙක් කොපිකරලා ඒ කාලේ දාපු නිති. අද ලන්දේසි මේවා වෙනස්කරලා දෙන්නට එකට සතුටින් ඉන්න බැරිනම් වෙන්වෙන්න හැකි විදියට නිති වෙනස් කරලාත් දශක ගාණක් ගිහින්. අපි සුද්දන්ට බැන බැන උන්ගේ නිති වෙනස් නොකර රටේ මෙහෙම මිනිමැරුම් වැඩිවෙන තැනට වැඩ සිද්ධ කරලා තවත් බන් ඉන්නවා.
කසාද බදින්නේ කාලා බලලා නෙමෙයි. අනෙක කසාද බදින කොට අපි දන්නේ නැහැ එකට ඉන්න බැරි තත්වයක් ආවොත් මලාට අනෙක් කෙනා අකැමැතිනම් දික්කසාද කරනන් බැහැ කියලා. විශේෂයෙන්ම යෝජිත විවාහ වලදි ලෙඩ තියෙන අයව මානසික රෝග තියෙන අයව බොරු කරලා බන්දවනවා. පස්සෙයි තේරෙන්නේ මෙයත් එක්ක ඉන්න බැහැ කියලා. අනේ ඒත් අපේ නිතිය නිදා මැරෙනකම් වද විධිමින් ජිවක් වෙන පිරිමි ගැහැනු සහ ඒ අයගේ දරුවන් දහස් ගණණන් ඉන්නවා.
පහසුවෙන් හා ඉක්මනින් දික්කසාද ලබා ගැනිමට හැකි වන ලෙස නිති වෙනස් කරන්න. එහෙම උනානම් මෙහෙම වැඩකරන්නේ නැහැ අයින් වෙලා යනවා මිසක්. නමුත් ලංකාවේ දික්කසාදය කියන්නේ ගැහැනු අයට ඉල්ලමක් කරගෙන තියෙන්නේ. බහුතර අය කියන්නේ මම දෙන්නේ නැහැ දික්කසාදෙ. මට කෝටිගානක් දෙනවානම් විතරයි දෙන්නේ කියලා. ඇයි මේ? ඇත්තටම ලංකාවේ දික්කසාද දෙන්නේ උසාවියෙන්ද? අදාළ ගැහැණු කෙනාද? පිරිමින්ට බනින වද දෙන දරුවන්ට වද දෙන මහළු දෙමව්පියන්ට වද දෙන තමන් හම්බ කරන එක තමන් තියාගෙන සැමියට සියළු බර පටවලා ඉන්න ගැහැනුන්ව සහ බිගෙන ඇවිත්බිරිදට දරුවන්ට තඩිබාන වද දෙන පිරිමින්ව පහසුවෙන් හා ඉක්මනින් දික්කසාද කරන්න පුළුවන් වෙන්නේ කවදාද අපේ රටේ? කතාව ඩිජිටල්. ටැබ් දෙනන් යනවා ඉස්කෝලෙ ළමයින්ටත්. ආච්චිලාටත් ෆේස් බුක් තයෙනවා. නමුත් දික්කාසද නිතිය දැක්කම හිනා යනවා.
මෙතැනදී මිනීමැරීමට තැත්කිරීමේ වරදට අහිකුණ්ඨිකයා සහ කන්තාවගේ සැමියාට විරුද්ධව චෝදනා ගොනු කරන්න අවශ්‍යතරම් සාක්ෂි තිබෙනවා. කොහෙවත් ඉන්න අනියම් බිරියක් අල්ලාගෙන දඟලන්න අවශ්‍ය නැහැ..