ඇවන්ගාඩ් අවි ගබඩාවේ සැකකරුවන්ට ඇප ගාල්ල වරාය ආසන්නයේ ඇවන්ගාඩ් නෞකාවේ නීති විරෝධි ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින එම අවි ගබඩාවේ භාරකරු සහ මෙහෙයුම් කළමනාකරු ඇප මත මුදා හරින ලෙස දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියෝග කළේය. 01 August 2018
කථිකාවත් පනත ගේන්නේ හිමිවරුන් දඬුකඳේ ගහන්නයි - මැදගොඩ අභයතිස්ස හිමි යෝජිත භික්ෂූ කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනතින් භික්ෂූන් වහන්සේ යටත් කර භික්ෂූන් වහන්සේ දඬු කඳේ ගැසීම සඳහා කූඨ සැලසුමක් රජය සතු බව මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ. 01 August 2018
කලුතර කම්හලක ගින්නක් කලුතර උතුර පැල්පොල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගත් බව කලුතර උතුර පොලිසිය පවසයි. 01 August 2018
‘කතානායකට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවත් පුදුමයක් නෑ’ පක්ෂග්රාහීව කටයුතු කිරීම නිසා ඉදිරියේ දී කතානායකතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවද පුදුම වීමට හේතුවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (1) පැවසීය. 01 August 2018
ගාමිණී සෙනරත් ඇතුළු 4කට විශේෂ මහාධිකරණයෙන් සිතාසි ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළැයි චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි 01 August 2018
ඔන්චිල්ලාවේ ලණුවට ගෙල සිරවී දරුවා මියයයි කිලිනොච්චිය මුලංකාවිල් අන්බුපුරම් ප්‍රදේශයේදී අද (1) 13 හැවිරිදි පාසල් දරුවෙකු ඔන්චිල්ලාවේ ලණුවට ගෙල සිරවීමෙන් මිය ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි. 01 August 2018
පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් දිවයිනට පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අද දහවල් ශ්‍රී ලංකාවට පැමිණියාය. 01 August 2018
ජනපති කොමිෂන් සභාවේ නිල කාලය මාස 5 ක් දිර්ඝ කරයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, මිහින් ලංකා සමාගම සහ ශ්‍රී ලන්කන් කෙටරිස් සමාගම යන ආයතනවල සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිල කාලය තව මාස පහක් දීර්ඝ කර තිබේ. 01 August 2018
වන සංරක්ෂණය ගත් ඉඩම් යළි ගොවීන්ට පුත්තලම දිස්ති‍්‍රක්කයේ ගොවි ජනතාව විසින් වගා කරමින් සිටියදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ගත් ඉඩම් යළි නිදහස් කිරීමට සංරක්ෂක ජනරාල්වරයා එකඟතාව පල කළ බව වාරිමාර්ග හා ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 01 August 2018
අධිකරණයට මත්කුඩු රැගෙන ආ අයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂයකට අධික වටිනා මත්කුඩු තොගයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයකු අද (1) දහවල් අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය කියයි. 01 August 2018
වාහන තීරු බදු ඉහළට එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි මෝටර් රථවල තීරු බදු අද (1) සිට ඉහළ දැමු බව මුදල් අමාත්‍යාංශය පවසයි. 01 August 2018
මහරගම මන්ත්‍රීවරුන්ගේ පත්කිරීමට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනී මහරගම නගර සභාව සඳහා යතුරුපැදිය ලකුණින් තේරී පත්වූ නාගරික මන්ත්‍රීවරු 23 දෙනෙකුගේ පත්කිරීම බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සම එම පෙත්සම්කාර පාර්ශවය විසින්ම අද (01) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගන්නා ලදී. 01 August 2018
වැඩතහනමකට ලක්වු කොස්තාපල් හෙරොයින් සමඟ අත්අඩංගුවට පාතාලය සාමාජියන් සමඟ සම්බන්ධකම් පැවැත්වීම් සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් හොරොයින් මත්කුඩු සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය සමඟ මිනුවන්ගොඩදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 01 August 2018
මඩු දේවස්ථාන පෙදෙස පුජා භුමියක් ලෙස ප්‍රකාශයට මන්නාරම් දිස්ත්‍රික්කයේ මඩු දේවස්ථානය පිහිටි ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 01 August 2018
ආවා කල්ලියට බියේ යාපනයේ ග්‍රාම සේවකවරු වැඩ වරති ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් යාපනය කෝපායි බලප්‍රදේශයේ සියලුම ග්රාමසේවකවරු ක්ෂේත්‍ර රාජකාරි කටයුතු වලින් ඉවත්ව අද (1) උදෑසන සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතුවල නිරතව සිටිති. 01 August 2018
ත්‍රී’මලේ ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරයට ආරියවතී ගලප්පත්ති පත්කරයි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වු ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා ඒකාබද්ධ විපක්ෂයට එක්වීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ත්‍රිකුණාමලය ආසන සංවිධායක ධුරයට 01 August 2018
තණමල්විල ප්‍රා. සභාවේ පාලක පක්ෂයේ සභිකයෙක් ස්වාධීන වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි තණමල්විල ප්‍රාදේශීය සභාවේ හම්බෙගමුව කොට්ඨාසය නියෝජනය කරන එම පෙරමුණේ ප්‍රාදේශීය සභික ජගත් සුරනිමල මහතා ස්වාධීනව කටයුතු කිරිමට තීරණය කළ බව පැවසීය. 01 August 2018
කරුණානිධිගේ සුවදුක් බලන්න තොණ්ඩමන්ලාත් යති දැඩි අසාධ්‍ය තත්වයෙන් පසුවන තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ විපක්ෂ නායක එම්.කරුණානිධි මහතාගේ සුවදුක් විමසීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතා ප්රමුඛ එම කොංග්‍රසයේ නියෝජිතයින් පිරිසක් (30) වැනි දා ඔහු ප්‍රතිකාර ලබන චෙන්නයි කාවේරි රෝහලට පැමිණ තිබේ. 01 August 2018
පස්කන්දක් කඩා වැටී පතල්කරුවෙක් මරුට මඩොල්සිම පිටමාරුව ප්‍රදේශයේ පතලක් කපමින් සිටි පුද්ගලයින් පිරිසක් මතට පතලේ පස් කන්දක් කඩා වැටීම නිසා එයට යටවීමෙන් එක් පුද්ගලයකු එම ස්ථානයේදීම මිය ගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා අසාධ්‍ය තත්වයෙන් මඩොල්සිම රෝබේරිය රෝහලට ඇතුළත් කර ඇතැයි මඩොල්සිම පොලීසිය කියයි. 01 August 2018
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකට පොලිසියෙන් වෙඩි වැල්ලවත්ත චාලිමන්ට් පාරේ දී පොලිස් අණ නොතකා පලා යමින් සිටි මෝටර් රථයකට පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කමල් අබේරත්න සහ ඔහුගේ ගෝලයකු තුවාල ලබා ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි. 01 August 2018
ගාල්ලේ තවත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකරනවා - අගමැති ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන්ට ප්‍රමාණවත් නොවන බවත් ඊට වඩා විශාල ක්‍රීඩාංගණ කොළඹ පාසල්වල පවා ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද (31) පැවැසීය. 01 August 2018
පියාගේ දේහය පන්සලේ තබා බුහුමන් දක්වන බුද්ධ පුත්‍රයෙක් පියාගේ දේහයේ අවසන් කටයුතු දක්වා විහාරස්ථානයේ තැන්පත් කර තබා ගැනීමේ සිද්ධියක් පිළිමතලාවෙන් වාර්තා වේ. 01 August 2018
විජයකලාගේ ප්‍රකාශය ගැන පොලිස් පරීක්ෂණ අවසන් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගෙන ආ යුතු බවට කාන්තා හා ළමා කටයුතු හිටපු ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිසිය කළ පරීක්ෂණ මේ වන විට අවසන්ව ඇත. 01 August 2018
මන්නාරම් ද්‍රෝණියේ ස්වාභාවික වායු ඝණ අඩි කෝට් ලක්ෂයක් මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණය කර ඇති තරමක විශාල බැර කුඩා නිධියෙහි මෙගොවොට් 2000 ක විදුලි බලාගාරයකට අවුරුදු 30ක කාලයක් ක්‍රියාත්මක කළ හැකි ස්වාභාවික වායු ඝණ අඩි කෝට් ලක්ෂය ඉක්මවන ප්‍රමාණයක් පවතින බව අලුත්ම ගවේෂණයකදී තොරතුරු අනාවරණය වී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 31 July 2018
නිල්ගල ඖෂධ වනයේ ගින්නක් අම්පාර දිස්ත්‍රික්කයේ ගල්ඔය ජාතික වනෝද්‍යානයට අයත් රතුගල මාකඩකන්ද කොටසේ සිට මොණරාගල දිසාවේ නිල්ගල ඖෂධ වනය දක්වා ප්‍රදේශය ප්‍රධාන මාර්ගය දෙපස වනාන්තරය මේ දිනවල ගින්නට හසුවී ඇති බව රතුගල ආදීවාසීහූ කියති. 31 July 2018
රාජ්‍ය නායකයා වෙන්න ජනපතිගෙන් රාජිතට ආශිර්වාද වත්මන් ආණ්ඩුවෙන් ඉවත් නොවී රාජ්‍ය නායකයා වීමට කල්පනා කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 31 July 2018
දයා ගමගේ ගෙනා යෝජනාවක් කැබිනට් රැස්වීමේදී විසිවෙයි වැඩිහිටි සුබ සාධානය සඳහා වෙනම ලොතරැයියක් හඳුන්වාදීමට සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අද (31) කැබිනට් රැස්වීමේදී ප්‍රතික්ෂේප වී ඇතැයි වර්තා වේ. 31 July 2018
දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධ කැබිනට් රැස්වීමේදී උණුසුම් මත ගැටුමක් දුමිරිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශේෂ කැබිනට් පත්‍රිකාවක් හේතුවෙන් අද (31) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන් වන ආචාර්ය සරත් අමුණුගම,දොස්තර රාජිත සේනාරත්න යන මහත්වරුන් සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතා අතර උණුසුම් මත ගැටුමක් ඇතිවූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 31 July 2018
රාජ්‍ය ආයතන වලට පරිභාහිරව සේවකයන් 7500ක් බඳවාගෙන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට පරිභාහිරව සේවකයන් 7500ක් පමණ බඳවාගෙන නීති විරෝධී ලෙස වැටුප් ගෙවමින් තිබෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. 31 July 2018
ඒකාබද්ධයේ රැස්වීමට ආණ්ඩුවෙන් ඉවත්වූ හිටපු ඇමතිවරු 3 ක් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමට ආණ්ඩුවෙන් මෑතකදී ඉවත්වූ හිටපු ඇමතිවරුන් වන එස්.බී දිසානායක, සුසිල් පේ‍්‍රම්ජයන්ත සහ ජෝන් සෙනෙවිරත්න යන මහත්වරු සහභාගී වූහ. ඔවුන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමට සහභාගිවූ පළමු අවස්ථාව මෙයයි. 31 July 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026