(රංජිත් කරුණාවීර)
වසර දෙකහමාරක් විදේශගතව සිට ලංකාවට පැමිණි බිරිඳට පිහියකින් ඇන ඝාතනය කළ සැමියා අද (07) උදැසන හසලක පොලිසියට බාරවී තිබේ.
ඔවුන් දෙදෙනා අතර කලක සිට පවුල් ආරවුලක් තිබු බවට තොරතුරු අනාවරණය වු බව හසලක පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අංක 1139, 28 ඇළ කොලොන්ගොඩ, හසලක පදිංචි තලවතුරේ ගෙදර ශ්‍රියානි දයාරත්න නැමැති වයස 42 වු තිදරු මවකි.
පිහි ප්‍රහාරයට ලක්වූ බිරිඳ එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඇගේ සිරුර නිවස අසළ වූ කුඹුරේ කමතට ඇදගෙන ගොස් පිදුරු ගොඩකට දමා ගිනි තබා ඇති අතර ගින්නෙන් සිරුරට සුළු පිළිස්සුම් සිදුව ඇතැයි පොලීසිය කියයි.
බිරිද විදේශගතව සිට මීට සතියකට පමණ පෙර ලංකාවට පැමිණ ඇති අතර, ඇය ඇයගේ හසලක කොලොන්ගොඩ නිවසට නොපැමිණ, ඇය ඇයෙගේ මවගේ ගම්පොල නිවසට ගොස් ඇත. එහි සතියක් පමණ රැඳී සිට පෙරේදා (06) මව සමග කොලොන්ගොඩ නිවසට පැමිණ ඇත.
ඊයේ (07) උදැසන මව නුවර බස් රථයකට නග්ගවා නිවසට පැමිණ ආහාර ගනිමින් සිටියදී සැමියා සමග ආරවුලක් ඇතිව එහිදි සැමියාගේ පිහි ප්‍රහාරයකට ලක්ව කාන්තාව මියගොස් ඇත. වැඩබලන මහියංගන මහේස්ත්‍රාත් එස් ගෝවින්ද මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරමින් අනතුරුව මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා සිරුර මහියංගන මූලික රෝහල වෙත යොමුකරන ලෙසට නියෝග කළේය.
පොලිස් භාරයට පත් වූ ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මලා තමයි පවුල් කඩන්නේ. විශේෂයෙන්ම බිරිඳගේ අම්මා. ඔවුන් හිතන්නේ බැනා යනු ඕපපාතික සත්වයෙක් ලෙස... එයාට අම්මා අප්පා නොමැත කියා... මොන මගුලටද ගෙදර යන්නේ? නැතිව වෙන කොහෙවත් ගියායැ... අනේ මන්දා...
විදේශ ගතවෙලා කාලයකින් ගෙදර යන දවසට ඒ මනුස්සයා කොතරම් බලාගෙන ඉන්න ඇතිද? අනික විදේශගතවෙලා ඒ රටවලදී නටන නාඩගම් දකින්න එරට වලම ඉන්න යනවා තමයි...! හැමෝම නොවේ එ්ත්... සමහරුන් නටන නාඩගම් දැක්කහම ඇත්තටම මේවට මුල මේකම වෙන්නත් ඇති.
කසාද බැදපු දෙන්නෙක්ගෙන් එක්කෙනෙකුට දික්කසාද වෙන් ඕනේ. අනෙත් කෙතා මැරුවත් දික්කසාදය දෙන්නේ නැහැ කියනවා කසාදය හේතුවක් කරගෙන පලිගැනිමේ අදහසින්. නිතියෙනුත් බැහැ එකට සතුටින් සිටිය නොහැක බව ඹප්පු කරලා දික්කසාද වෙන්න. අපේ රටේ නිතියට තේරෙන්නේ මෙහෙම පවුල් වල අයට හොදට මැරෙනකම් පවුල්කන්න පුළුවන් කියන එකද? නැක්නම් මිනිමැරැම් වෙලා නවතිනවා කියන එකද?
මම ස්ත්‍රී වාදියෙක් නෙමි නමුත් මගේ පුද්ගලික අත්දැකීම් වලට අනුව ඔය රටවල් වලදී , දහසක් නීති රීති මැද්දේ අපේ ගැහැණු වගේම පිරිමිත් අයාලේ යනවා.
ඒත් මරන්නේ ඇයි? තමන්ව එපා නම් වෙන් වෙලා කැමති කෙනෙක් එක්ක ඉන්න ඉඩ දෙන්න. තමන් ඊට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න.
සමහර අය දාල යන්න කීවාට යන්නේ නැහැනේ.
ගැහැණු බැලමෙහෙවරකම්වලට රට යන්නේ මිනිස්සු ගෙදර ආර්ථිකය ගොඩ නගන්නේ නැතිනිසා නේද? එක්කෝ හම්බ කරන්නේ නෑ. හම්බ කරනවා නම් ඒවා බීලා නාස්තිකරනවා. ඊට පස්සේ බිරිඳ සහ දරුවන්ව හිංසනයට ලක් කරනවා. මේ නැතිකරලා තියෙන්නේ ජීවිතයක් නේද? මිනිස්සු ඒක කොයි තරම් සැහැල්ලුවට අරගෙනද? බත් කකා හිටපු බිරිඳට පිහියෙන් ඇන්නාම අපේ මිනිස්සු හොයන්නේ ඒ ගෑණුකෙනා රට ගිහිල්ලා මොනවා කළාද? අනාචාරයේ හැසිරුණාද? වගේ දේවල් (හරියට දන්නෙත් නෑ... මැරුණ ගැහැණියට චරිත සහතික ලියනවා.) බත් කකා ඉන්නකොට නෙමෙයි තණකොල කකා ඉන්න සතෙක්වත් මරපු නැති මිනිස්සු හිටපු රටක් නේද මේ තරමට පිරිහිලා තියෙන්නේ. මෙතන සමහර පිරිමි දාලා තියෙන අදහස් දැක්කාම අපේ සමාජයේ පිරිහීම පේනවා.
පිරිමින්ට බනින වද දෙන දරුවන්ට වද දෙන මහළු දෙමව්පියන්ට වද දෙන තමන් හම්බ කරන එක තමන් තියාගෙන සැමියට සියළු බර පටවලා ඉන්න ගැහැනුන්ව සහ බිගෙන ඇවිත්බිරිදට දරුවන්ට තඩිබාන වද දෙන පිරිමින්ව පහසුවෙන් හා ඉක්මනින් දික්කසාද කරන්න පුළුවන් වෙන්නේ කවදාද අපේ රටේ? කතාව ඩිජිටල්. ටැබ් දෙනන් යනවා ඉස්කෝලෙ ළමයින්ටත්. ආච්චිලාටත් ෆේස් බුක් තයෙනවා. නමුත් දික්කාසද නිතිය දැක්කම හිනා යනවා
ජිවිතේට ඔප්පු කරනන් බැරි කරුණූ 2 ක් (ලිංගික බෙලහිනකම, අනාචාරයේ හැසිරිම) සහ ද්වේශ සහගත හැරයාම කියලා එක කරුණක් තමයි අපේ රටේ දික්කසායක් ගනන් පුළුවන් හේතු. මේවා ලන්දේසින්ගෙක් කොපිකරලා ඒ කාලේ දාපු නිති. අද ලන්දේසි මේවා වෙනස්කරලා දෙන්නට එකට සතුටින් ඉන්න බැරිනම් වෙන්වෙන්න හැකි විදියට නිති වෙනස් කරලාත් දශක ගාණක් ගිහින්. අපි සුද්දන්ට බැන බැන උන්ගේ නිති වෙනස් නොකර රටේ මෙහෙම මිනිමැරුම් වැඩිවෙන තැනට වැඩ සිද්ධ කරලා තවත් බලන් ඉන්නවා.
උඩරට නීතිය හා මුස්ලිම් නීතිය යටතේ ඉක්මනින් හා පහසුවෙන් දික්කසාදය ලබා ගත හැක. උඩරට නීතිය යටතේ දෙදෙනාගේම කැමැත්ත තිබේ නම් හෝ ඔවුන්ට සතුටින් එකට ජීවත් විය නොහැකි නම් දික්කසාදයක් ලබාගත හැක. මේ සඳහා උසාවියේ නඩුවක් පැවරීමට වුවමනා නොවේ. පාලක නිලධාරියෙකු ඉදිරිපිට දික්කසාද වීමට හේතු ඉදිරිපත් කොට දික්කසාදය ලබාගත හැක. නමුත් සාමාන්‍ය නීතිය යටතේ විවාහ වුනාම දික්කසාද වෙන්න නම් අනාචාරය, ද්වේශ සහගත අතහැර යාම, සහ විවාහ වනවිට පවතින සුවකළ නොහැකි ලිංගික බෙලහීනතාවය ඔප්පු කළ යුතුයි. එකම රටක ඉන්න මුස්ලිම් හා උඩරට අයට ලේසියෙන් දික්කසාද වෙනන පුළුවන් වීමත්, බහුතර සාමාන්‍ය ජනතාවට එසේ කිරීමට නොහැකි වීමත් සම්පූර්ණයෙන්ම වැරදියි නේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම තියෙනවා ජාතිය, ආගම, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස්ව සලකන්න එපා කියලා. නමුත් මෙහෙම නීතිත් තියෙනවා.
සාමාන්‍ය නීතිය යටතේ ප්‍රධාන වැරදි තුනක් මත දික්කසාදය ලබාගැනීමට නම් 1. අනාචාරය 2. ද්වේශ සහගත අතහැර යාම, සහ විවාහ වන විට පවතින සුවකළ නොහැකි ලිංගික බෙලහීනතාවය... නමුත් ලංකාවේ නඩු කීයක් මේ වනවිට ලිංගික බෙලහීනතාවය හෝ අනාචාරය ඔප්පු කර දික්කසාදය ලබාගෙන ඇත්දැයි නීතිඥ මහතෙකුගෙන් විමසීමට කැමැත්තෙමි. කිසියම් සමීක්ෂණයක් හෝ සිදුකර ඇද්ද? ඔප්පු කිරීමට ඉතා අපහසු මෙන්ම කාට හෝ කීමට පවා ලැජ්ජ හිතෙන නීති පනවා ඇති ඵලය කුමක්ද?
රෝම, ලන්දේසි නීතියේ අනාදිමත් කාලයකට පෙර ඔවුන්ගේ ක්‍රිස්තියානි ආගමට අනුකූලවන ලෙස පනවා ඇති දික්කසාද නීතිය මේ වනවිට රෝමානු වැසියන්වත් පාවිච්චි කරන්නේ නැත. එකට ඉන්නම බැරි වුණත්, වද දුන්නත් දික්කසාද නම් මේ ආත්මෙදි ගන්න බැරි තැනට අපේ මිනිස්සුන්ව පත්කර ඇත්තේ ඇයි? නීති විශාරදයින්ට මෙය තේරෙන්නේ නැද්ද? නොඑසේනම් නඩු ඇදගෙනයාම වාසි නිසා මෙම හනමිටි නීති තවදුරටත් පවත්වාගෙන යනවද?
මේ පුද්ගලයා කර ඇතිදේ මම 100% අනුමත කරනවා. එක්කෙනෙක් හෝ පවුල් ජීවිත ගෙවන්න අකමැති නම් ඔහුට හෝ ඇයට දික්කසාද වීමට නීතියෙන් ඉඩ දිය යුතුයි. නැතිනම් මේ විදිහට ජීවිත අවසන් වෙනු ඇත.