(විනීතා එම් ගමගේ)
නව වැනි සාක් චිත්‍රපට උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ අනෝමා ජනාදරී මහත්මියට හිමිවිය.
එම චිත්‍රපටය සංස්කරණය කළ අජිත් රාමනායකට හොඳම සංස්කරණයට හිමි සම්මානය ලැබිණි.
නාගර් කිර්තාන් නම් ඉන්දියානු චිත්‍රපටය හොඳම වෘත්තාත්ත චිත්‍රපටය බවට පත්වූ අතර, හොඳම කෙටි චිත්‍රපටයට සම්මාන ලැබුණේ නා බොලේ වෝ හරාම් නම් ඉන්දියානු චිත්‍රපටයටය.
නාගර් කිර්තාන් අධ්‍යක්ෂණය කළ කෞෂික් ගංගුලි හොඳම චිත්‍රපට අධ්යක්ෂවරයා ලෙස සම්මාන ලැබීය. හොඳම තිරරචනයට සම්මාන ලැබුණේ ලෙටර් ටු ද ප්රසිටන්ට් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අසීස්ටය.
නාගර් කිර්තාන් චිත්‍රපටයේ රඟපෑ චක්රමෝර්ති හොඳම නළුවා සම්මානය ලැබීය.
ජූළි 2වැනි දින සිට පැවති සාක් චිත්‍රපට උළෙල ඊයේ(07) නිමාවට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම චිත්‍රපටියක් තිබුනාද? අපි දන්නෙවත් නැහැ.
ජාත්‍යන්තරයේ න්‍යායන්ට චිත්‍රපටි හැදුවහම මෙහෙම වෙනවා. රටේ සංස්කෘතියට පහරදීම ඔව්න්ගේ අරමුණ
සේන, අපිට හොඳ සංස්කෘතියක් තියෙනවාද...නිකම් පච කෙලින්නේ නැතිව ඉන්න.
අපෝ එහෙනම් වහාම සාටකලාගෙන් වහං වෙලා ඉන්න .
තවම චිත්‍රපටය නරබුවේ නැති නිසා මොකුත් කියන්න අමාරුයි . අපිට සංස්කෘතියක් තිබෙන බව හැබැව . ඒක හැම පෙරදිග ජාතියකට ම තියෙන දෙයක් . එතකොට පෙරදිග රටවලින් හොද කළා නිර්මාණ , චිත්‍රපට හැදෙනවා . අපි ඒවා බොහොමයක් දකින්නේ නැහැ මොකද ඒවා වාණිජ චිත්‍රපට නොවෙන නිසා . ඒ අයත් තමාගේ රටේ සංස්කෘතියත් සංස්කෘතිය පිටුපස සිදුවෙන නිහඩ අපරාධ ගැනත් කතා කරනවා දේශපාලනයත් ඇතුලත් ව . අපේ රටේ දී දේශපාලන අපරාධ ගැන නිහඩ පිලිවෙතකුත් සංස්කෘතිය පතුරු ගහනවිට ඝෝෂාකාරී පිලිවෙතකුත් පිළිපදින දෙබිඩි මානසිකත්වයක් තියෙන නිසා තමයි ජාතියට පහර වදින නිර්මාණ පමණක් දකින්න ලැබෙන්නේ .. මම දකින ගැටලුව එකයි. අනිත් අයගෙත් අදහස් දැනගන්න කැමතියි . නිවැරදි කිරීම් සතුටින් භාර ගන්නවා
දැන් බලන කොට සාක් චිත්‍රපට උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගතිපු එක වරදක් වගෙයි.
ආසියාවේ හොඳම මුදල් ඇමතිකම ලැබුණා වගේද දන්නේ නෑ..... අපිට වෙන්නේ ඒ වගේ දේවල්.... කොහොමත් මේ නිළිය ගැන ලොකු ප්‍රසිද්ධියක් අපේ ජනතාවගේ දැක්කේ නැහැ..
උපතින්ම අපේ අය රඟපාන්න දක්ෂයි. එක අපේ ලේ වලම තියනව.
මේ නිළිය කියන විදියට එයාගේ අම්ම සැලකුවේ පුතාලට විතරයිලු. දුවලා හරි නැහැලු, එ් නිසා මෙයා පුරුෂ විරෝධී අමුතු චරිතයක්...
මෙන්න සිංහල ගතිය... දිනපු එක අගය කරන්නේ නැතුව මඩ ගහනවා. මොන කතාව වුණත් ඇයගේ රඟපෑම හොඳනම් අගය කරන්න බැරි ඇයි? කුජීතයි... ඔබලා අර නුවර රේස් යනකොට රුසියන් ගැහැණු නැටුවම සංස්කෘතිය හෙව්වේ නැද්ද?
බස් එකක පාරක තොටක ගෑනියෙක්ට නිදහසේ යන්න බෑ..... හැබැයි කතාව 2500 වසරක සංස්කෘතිය ගැන....
මේ මගේ උණුසුම් සුභපැතුම් ජයවේවා...!!!
මෙතන දමා ඇති අදහස් දැක්කම මහා කණගාටුවක් ඇතිවෙනවා. තමන්ගේ රට , තම රටේ කලාකරුවන් හෙලා දමමින් තමන්ගේ කාලකන්නි කම ප්‍රදර්ශනය කරන මිනිසුන් වෙන් කිසිම රටක නැතිව ඇති
මෙයා නිලියක් විදියට දක්ෂයි. එ්ක අවිවාදිතයි. නමුත් අර "දියකැට පහනේ" හිටිය ජිනාදරී නෙමෙයි දැන් මේ ඉන්නේ. තමන්ගේ නිරුවත තමන්ගේ දරුවන් ඇතුළු මුළු ලෝකයටම පෙන්වලා "පොරක් " වෙන්න හදපු , පස්සේ තමාගේ ජුගුප්සාජනක දේ ඇතුළු කරලා පොත් ලියල "පබ්ලිසිටි " ගන්න හැදුවා. මම හිතන්නේ නැහැ දියකැට පහනේ ජිනාදරී අපට ආයෙමත් කවදාවත් හම්බවේවි කියලා...
බමුණා ඔහොම චිත්‍රපටයක් තිබුනාද කියා දන්නේ නැතිලු