ගෝනහේනේ වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාල කඩවත ගෝනහේන ප්‍රදේශයේ දී කාන්තාවකට මීට සුළු මොහොතකට පෙර වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි. 07 August 2018
පාතාලයේ ‘පොඩිවිජේ’ අත්අඩංගුවට කොලොන්නාව ප්‍රදේශයේ කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයකු වු පොඩි විජේ නැමැත්තා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි. 07 August 2018
ස්වාභාවික විදුලි බලාගාරය ඉදිකරන්න හම්බන්තොට නගර සභාවෙන් කොන්දේසි 17 ක් හම්බන්තොට වරාය ආශ්‍රිතව චීන සමාගමක් මගින් ඉදිකිරීමට යෝජිත මෙගා වෝට් 440 ක් ස්වාභාවික විදුලි බලාගාරය (එල්.එන්.ජී බලාගාරය) ඉදිකිරීමට කොන්දේසී 17 ක් හම්බන්තොට මහ නගර සභාව මගින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දන්වා යවා ඇති බව හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කීය. 07 August 2018
යුද සමයේදී පළාගිය 27 ක් ආපසු එති පසුගිය යුද සමයේ දී එයට බියෙන් ඉන්දියාව වෙත පළා ගොස් , එරට රැදවුම් කදවුරු වල වාසය කළ ශ්‍රී ලාංකික සරණාගතයන් 27 දෙනෙකු අද දහවල් ආපසු ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබුණි. 07 August 2018
දෙවිනුවර දේවාලයේ කපුවා රිමාන්ඩ් ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දී පූජා වට්ටියට තබන ලද පඩුරක් ගැට ගැසීම සදහා රෙදි පටියක් ඉල්ලා සිටි සිව් දරු පියෙකුගේ හිසට යකඩ බන්දේසියකින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් එම දේවාලයේ ප්‍රධාන කපුවා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා 09 වනදා වන තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය නියෝග කර ඇත. 07 August 2018
මතුගම පහරදීමකින් අයෙක් මරුට මතුගම කටුගහහේන ප්‍රදේශයේ වත්තක් අසල දී වෑන් රථයකින් මුහුණු බැදගෙන පැමිණි නාදුනන පිරිසක් සිදුකළ පහරදීමකින් මෝටර් රථයක ගමන් ගත් පුද්ගලයන් තිදෙනාගෙන් අයකු මිය ගොස් අනෙක් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මතුගම පොලිසිය කියයි. 07 August 2018
දුම්රිය ගැටුම සම්බන්ධයෙන් සිව් දෙනෙක්ගේ වැඩ තහනම් පොල්ගහවෙල හා රඹුක්කන අතර පිහිටි පනලීය දුම්රිය ස්ථානය අසලදී සිදුවු දුම්රිය ගැටුම සම්බන්ධව කොළඹ සිට රඹුක්කන දක්වා ධාවනය වු අංක 164 දුම්රියේ රියදුරු රියදුරු සහයක, ප්‍රධාන නියාමක හා උප නියාමකවරයාගේ වැඩ තහනම් කර ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පවසයි. 07 August 2018
උතුරු මැද ‘වකුගඩු ලෙඩුන්ගෙන්’ අඩකට රෝගය නෑ උතුරු මැද පළාතේ රෝහල්වලදී සිදුකළ පරීක්ෂණවලදී වකුගඩු රෝගය වැළඳී ඇති බවට හඳුනාගනු ලැබූ රෝගීන්ගෙන් සියයට පනහකට පමණ එම රෝගය වැළඳී නැති බව දෙවනුව සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රමිල් රාජක්‍රිෂ්ණ මහතා උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ. 07 August 2018
තලවිල ආ බැතිමතුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කළ 22 ක් අත්අඩංගුවට තලවිල සාන්ත ආනා සිද්ධස්ථානයේ වාර්ෂික මහා මංගල්‍යයට පැමිණ සිටි බැතිමතුන් වෙත මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි පුද්ගලයින් 22 දෙනකු දින තුනක කාලයක් ඇතුළත අත්අඩංගවට ගත් බව පුත්තලම දිසා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය කියයි. 07 August 2018
යාපනය හෙල්ලූ කල්ලිවල 22 ක් අත්අඩංගුවට යාපනය ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදුවූ පුද්ගල කපාදැමීම්, නිවාස වෙත පහරදීම්, පුද්ගලයින් වෙත තර්ජනය කිරීම් ආදි සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයින් 22 දෙනෙකු ගෙවුණු දින කිහිපය තුළදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසයි. 07 August 2018
රට ඉන්න ලක් ඉංජිනේරුවරුන්ට ජනපතිගෙන් ආරාධනාවක් ශ්‍රි ලංකාවේ සංවර්ධන කටයුතුවලට උදව්වීමට වසර දෙක තුනකට හෝ මෙරටට පැමිණෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ ගතව සිටින ශ්‍රි ලාංකික ඉංජිනේරුවන්ට අද (6) විවෘත ආරාධනාවක් කළේය. 06 August 2018
වෛද්‍යවරුන්ගෙ බද්ද අඩුකරන බව සෞඛ්‍ය ඇමැති කියයි වෛද්‍යවරුන්ගෙන් අයකරන ආදායම් බද්ද සියයට 15 දක්වා අඩුකරකරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹදී අද (6) පැවැසීය. 06 August 2018
වෛද්‍යවරුන්ගේ බදු අඩුකරන තීරණයක් නෑ - මුදල් ඇමැති වෛද්‍යවරුන්ගේ හෝ කිසිදු වෘත්තිකයකුගේ හෝ ආදායම් බදු ප්‍රතිශතය අඩුකිරීමට තීරණයක් ගෙන නැතැයිද එවැන්නක් කිසිසේත් කළ නොහැකි බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. 06 August 2018
මෙන්ඩිස් තහනම ඉවත් කරන්න ඉහළ අධිකරණයෙන් ඉල්ලන්නලු පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමට අනුබද්ධ ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ අත්හිටුවා ඇති රුපියල් කෝටි 13ක් වටිනා බැංකු ගිණුම්වලට අදාළ තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීම් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම සමාගමේ නිතීඥවරුන් වෙත දැනුම් දුන්නාය. 06 August 2018
පොලිස් කාන්තාවගේ සාක්කිය අකුරැස්ස හිටපු සභාපති හබ නොකර පිළිගනී අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නමැත්තා යටතේ සේවය කළ යුවලකගේ බාලවයස්කාර දියණිය රවටාගෙන හෝටලයකට ගෙන ගොස් දුෂණයට ලක් කලැයි සාරුව ලියනගේ සුනිල් නමැත්තාට එරෙහිව පවරා ඇති නඩුවේ පොලිස් කොස්තාපල්වරියකගේ සාක්කිය හබ නොකොට පිළිගැනීමට විත්ති පාර්ශ්වය එකඟවීම නිසා නඩු විභාගය ලබන 27 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා නියෝග කළේය. 06 August 2018
වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට ජලය ලබාදෙන්න වැයවූ මුදල කෝටි 5000ක් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකට බලපෑ වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට ජලය ලබාදීම වෙනුවෙන් මේ වසරේ ගතවූ කාලයේදී රුපියල් කෝටි 5000ක මුදලක් වැය කරන්නට සිදුවූ බව වාරිමාර්ග හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ක්‍රිස්ටිලාල් ප්‍රනාන්දු මහතා පැවසීය. 06 August 2018
විදේශ රැකියා ආයතන වලට විරුද්ධව මුල් මාස හත තුළදී නඩු 163ක් නීති විරෝධී ආකාරයට ශ්‍රමිකයින් පිටත් කර යැවීමට උත්සාහ කළ හා මුදල් වංචා කළ විදේශ රැකියා ආයතන හා පුද්ගලයින්ට විරුද්ධව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේ මුල් මාස හත තුළදී නඩු 163 ක් පවරා ඇති බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 06 August 2018
චිත්‍රපට සංස්ථාවට එරෙහි වාරණය 30 දක්වා දිගටම චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු ජාතික චිත්‍රපට සංස්ථාවට පවරාගැනීම වළක්වාලමින් නිකුත් කර තිබූ වාරණය මෙම මස 30 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළේය. 06 August 2018
දුම්රිය දෙකක් ගැටී 32 කට තුවාල - දුම්රිය ගමනා ගමනයට බාධා පොල්ගහවෙල සහ රඹුක්කන අතර පිහිටි පනලිය දුම්රිය ස්ථානය අසන්නයේදී අද (06) පස්වරු 6.30ට පමණ එකම මාර්ගයේ ගමන් ගත් දුම්රිය දෙකක් ගැටීමෙන් එම දුම්රිය වල ගමන් ගත් මගීන් 32කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. 06 August 2018
ජනපතිට ලැබෙන දීමනා මන්ත්‍රීන්ට නැහැ - මරික්කාර් ජනාධිපතිතුමාගේ වැටුප රුපියල් 97 000ක් වුවද නිල නිවාස, නිල වාහන, ඉන්ධන ඇතුලූ දීමනා සියල්ලක්ම ලැබෙන බවත් මන්ත්‍රීවරුන්ට මේ සියල්ලක්ම ලැබෙන්නේ නැති බවත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී අද(06) පැවසීය. 06 August 2018
වැඩ තහනම් වූ කොළඹ නාගරික කොමසාරිස් යළි සේවයට මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්ව සිටි කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා විසින් යළි සේවයේ පිහිටවනු ලැබ තිබේ. 06 August 2018
වෙනිසියුලා ජනපති ඝාතන තැත ජවිපෙ හෙළා දකියි වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ ඝාතනය කිරීමට දැරූ බියගුලු තැත හෙලාදකින්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 06 August 2018
විමල්ගේ අල්ලස් නඩුව නොවැම්බර් 02ට කල් යයි ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවකුව සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි වලට අදාළ ලේඛන උපදවා ඇති පරිගණක පරීක්ෂා කිරීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විත්ති පාර්ශ්වයට අද අවසන් වශයෙන් දින ලබා දුන්නේය. 06 August 2018
උසස් පෙළ ලියන්න ගිය සිසුවා පැහැර ගත්තැයි පැමිණිල්ලක් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටීමට ඥාති නිවසක සිට අද (6) උදෑසන විභාග මධ්‍යස්ථානය වෙත යමින් සිටි සිසුවෙකු වෑන් රථයකින් පැමිණි බව කියන පිරිසක් පැහැරගෙන ගොස් අහංගම ගොයියාපාන ප්‍රදේශයේ දමා ගිය බටට එම සිසුවා මාතර පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. 06 August 2018
විපක්ෂ නායක ධූරය නොලැබුණොත් පාර්ලිමේන්තුවේ ගෝරි - ඒකාබද්ධය පාර්ලිමේන්තුවේ විපක්ෂනායක තනතුර සම්බන්ධයෙන් කතානායකවරයා නිවරදි තීන්දුවක් නොගන්නේනම් හෙට (7) පාර්ලිමේන්තුවේදී අරගල කරන බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි. 06 August 2018
ණය කපා හැරි දිස්ත්‍රික්කවලට යළි ණය දීම නවතින හැඩ රුපියල් ලක්ෂයට අඩු ණය කපා හරින බවට රජය විසින් නිවේදනය කරනු ලැබූ දිස්ත්‍රික් 12 හි, එම ප්‍රමාණයේ ණය ලබාදීම මූල්‍ය ආයතන විසින් නවත්වා ඇතැයි එම ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි. 06 August 2018
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට ලක්ෂ 2ක දීමනාවක් - රෝහිත අබේගුණවර්ධන ජනාධිපතිවරයා විසින් මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිවීම නතර කරනු ලැබුවද ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (6) පැවසීය. 06 August 2018
ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියට නිලධාරීන් අසූහාරදාහක් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය ආයතන 3500ක් අධිවේගී අන්තර්ජාල තාක්ෂණය හරහා එකිනෙකට ජාල ගත කිරීමේ ‘ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය’ ට මේ වනවිට රාජ්‍ය නිලධාරින් අසූ හාර දහසක් පමණ නිල වශයෙන් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. 06 August 2018
වැටුප් වැඩි කිරීමට එජාප පසුපෙළ මන්ත්‍රීන්ගේත් විරෝධය පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමේ යෝජනාවක් ඇත්නම් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් ලෙස එයට විරෝධය පළ කරන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී අද (6) පැවසීය. 06 August 2018
පාසල් ව්‍යාපෘතියේ ඉදිකිරිම් සමාගම් වලට කෝටි 1800 ක පොල්ලක් ළඟම පාසල හොඳම පාසල කිරිමේ වැඩසටහන අනුව ආරම්භ කළ ව්‍යාපෘතිය යටතේ පාසල් 200 කට අධික ප්‍රමාණයක් අලුත්වැඩියා කිරිමට පටන් ගත්තද අදාළ ඉදිකිරිම් සමාගම් වලට රුපියල් මිලියන 18,000 ක මුදලක් නොගෙවීම නිසා ව්‍යාපෘතිය අවුල් වී ඇත. 06 August 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026