(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු )
පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ ආණ්ඩුවට තව දුරටත් රට හා ජනතාව පිළිබඳ වගකීම් ඉසිලීමේ අයිතියක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
මෙවැනි ආණ්ඩුවක් ගෙදර යැවීමේ හැකියාව පාර්ලිමේන්තුවට තිබෙන බව කී මන්ත්‍රීවරයා විපක්ෂය නිසි අයුරින් කටයුතු කළහොත් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමේ හැකියාවක් තිබෙන බවද කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ආරම්භ කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඕක හවසට හම්බ වුණාම කියන්නකෝ. අපිට කිව්වා කියලා වැඩක් නෑ අනේ !. ගෙදර ප්‍රශ්න ගෙදරම විසදා ගන්න ඕනි! ගෙදර ගින්දර පිටට දෙන්න එපා කියල කියලා අහලා නැද්ද.?
මේ දේවල් ගැන කතා කිරීමේ කිසිම සදාචාරයක් නැහැ
රනිල් රජතුමාගේ මැති සභයේ අන්දරේ තමයි මෙයා. හොඳට ගෙවනව ඇති මයෙ හිතේ
ඒක දැන්ද ජෙප්පොන්ට තේරුනේ ලක්ෂ 57 ජනතාව ඕක තේරුම් ගත්තේ 2015 දී . ජනාධිපති තේරුම් ගත්තේ 2018 ඔක්තෝබර් මාසේ. ජෙප්පෝ තේරුම් ගත්තේ ඊයේ පෙරේදා. බලය අරන් රටගැන තේරුම් ගන්න කොට රට නැතිවෙලා ඉවරයි.
ගෙදර යවපු එවුන් ආයිත් ඇතුලට දාගත්තේ අපිද ????බොරු නාට්‍ය සංදර්ශන.....කුහක කමේ සීමාවක් නෑ ඔය කට්ටියට.....
ආණ්ඩුවට එරෙහිව දැඩිව නැගී එන ජනතා විරෝධය සමනය කිරීමට..., ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනැල්ලා, පහසුවෙන්ම ආණ්ඩුවට ජයග්‍රහණය කිරීමට ඉඩ ප්රස්ථා හදලා දීලා ජනතාවගේ ආණ්ඩු විරෝධය සමතලා කිරීමේ තුච්ඡ වැඩ පිළිවෙළක්...
ඔය අයම තමයි ගෙදර යවන්න හිටිය අයව බේරාගත්තේ... දැං විකාර නියවනවා...
විජේවීර මහත්තයා හිතනවා ඇති මොවුන් එක්ක ඉන්න නොලැබී මැරුණු එක කොච්චර හොඳද කියා.