දුම්රිය වර්ජනයක් ඇතිවිය හැකි බව කැබිනට් රැස්වීමේදී කිව්වා - රාජිත
දුම්රිය රියදුරු, නියාමක, ස්ථානාධිපති සහ පාලකවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ගෙන ආ කැබිනට් පත්‍රිකාවට මුදල් ඇමතිවරයා දිගින් දිගටම විරෝධය පෑම හරහා යළිත් දුම්රිය වර්ජනයක් ඇතිවිය හැකි යැයි තමා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීත් පැවසූ බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.