(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පසුගිය අවුරුදු පහක කාලය තුළ මෙම ආණ්ඩුවේ අසාර්ථකම අමාත්‍යාංශය ජනමාධ්‍ය අමාත්‍යංශය බව ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අධිනීතීඥ අජිත් පී. පෙරේරා මහතා අද(11) බණ්ඩාරගමදී පැවැසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ පුස්තකාලය සහිත දෙමහල් පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
රුපියල් ලක්ෂ 350ක වියදමින් මෙම ගොඩනැගිල්ල ඉදිකෙරිණි.
අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“රජයක් අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ප්‍රවාහනයට, මාර්ග සංවර්ධනයට හා දුප්පත්කම තුරන් කිරීමට මේ කරන වැඩ ගැන ජනතාව දැනුවත් නැහැ. ජනතාව අහනවා ඕගොල්ලො මොකක්ද කළේ කියලා. මේ ජනතාවගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක ආණ්ඩුවේ ප්‍රශ්නයක්.
ආණ්ඩුවේ වැඩපිළිවෙළ ජනතාවට දැනෙන විදියට අඛණ්ඩව ඉදිරියට ගෙන යන්න ජනමාධ්‍ය අමාත්‍යංශය අසමත් වෙලා. වැඩ කරනවා පමණක් නෙවෙයි, වැඩ කරන බව පෙන්නන්නත් ඕනේ. නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මිනිස්සු තීරණ ගනිද්දි ඒ තීරණ ගැනීමට ඉවහල් වන දැනුම පුරවැසියන්ට ලැබෙන්නෙ නැහැ. රජයේ ක්‍රියාකාරීත්වය ගැන බොහෝදෙනෙක් ප්‍රශ්න කරන්න හේතුව වැඩ නොකරපු හින්දා නෙවෙයි, වැඩ කරපු බව ඒත්තු ගන්වන්න ජනමාධ්‍ය අමාත්‍යංශය අසමත්වීම හින්දායි.
මේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු හැටියට මම ආණ්ඩුව කළ දේවල් ගැන ආඩම්බර වෙනවා වගේම කරන්න බැරි වුණ දේවල් ගැන දුක්වෙනවා. ඔක්තෝම්බර් 21න් පස්සේ මාධ්‍ය ප්‍රකාශකවරයෙකු නැති ආණ්ඩුවක් මේක. කැබිනට් ප්‍රකාශකවරයෙකු නැති ආණ්ඩුවක් මේක. මේ අඩුපාඩුකම් ගැන ආණ්ඩු පක්ෂයේ රැස්වීම් තුළ හා කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ කතාකරලා තියෙනවා.
මම ඉතා සතුටු වෙනවා අධ්‍යාපන, ප්‍රවාහන සෞඛ්‍ය සම්බන්ධයෙන් රජය කළ කැපවීම ගැන. නමුත් මේවා කියන්න ශක්තියක් තියන වැඩපිළිවෙළක් නොවීම මම කනගාටුවෙනවා.
විදුලිබල ඇමතිට හා ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණය බාර ඇමතිවරුන්ට මේ වැඩේ කරන්න බැහැ. මේ වැඩේ කරන්න පුලුවන් බලයක් තියෙන, හැකියාවක් තියෙන පුද්ගලයකු මේ ධූරය දැරිය යුතුයි” යැයි අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට බණ්ඩාරගම ජාතික පාසලේ විදුහල්පති පූජ්‍ය මකුරුප්පේ සෝමලංකාර හිමි, මහජන නියෝජිතවරු, හිටපු විදුහල්පතිවරු, අධ්‍යාපන නිලධාරීවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම ගානේ සංස්ථා මණ්ඩලයක් වත් නැහැ. ඒ අතර කෝටි ගණනින් මාටියා..
මහින්ද විනාශ වුනේ වැඩබැරි පවුලේ හොරු සල්ලාලයන් නිසා... මෙයාලා නැතිවෙන්නේ හාමුගේ වැඩ බැරි කල්ලිය නිසා.
අම්මේ කට කනේ.. මෙවන් මුදල් නාස්තියක්.. මේ මුදල් ගෙවල් වලින් ගෙනත් වගේ වියදම් කරන හැටි...
අපිට නම් මේ අවුරුදු 71ටම ලැබුණු අසාර්ථකම රජය මේක. එහෙනම් මේ රජයේ දෙපාර්තමේන්තු ගැන කියන්න ඕනේ නැහැ නේද?
ඇත්තටම වැඩක් කරනවා නම් පේන්න පේන්න දඟලන්න ඕන නෑ ඔහේ කිව්වට. ඒවා මිනිසුන්ට දැනෙනවා. කරන්නේ වැඩ කරනවා කියකියා කෝටි ගණන් කොමිස් කන්න පුළුවන් වැඩටිකක් කරගෙන ජනතාවට කොකා පෙන්වනවා.
ඇමතිය වුනත් සියල්ල දන්නේ මමනේ..// මුදල් වුනත් මහජන වියදම් කලේ මමනේ..// නාස්ති වුනත් සියල්ල පාඩුව ජනතාවටනේ..// එබැව දැනදැනත් "බූරුවො" තේරුවේ ඔවුන්මනේ...//
හැම අමාත්‍යංශයක්ම ගන්න දෙයක් නැත, ඔක්කොම දුෂිත විදිහට යටින් ගසා කෑම සහ අකාර්යක්ෂම ක්‍රමය. රවී දුන්නු වැඩ වල හැටියට, සූත්තර පුංච් එක්ක මේ කස්ටිය තවම ඉන්නවා කියන එක ලැජ්ජාවක්. ඇයි මුන්ට රට ගැන සිතා වැඩ කරන්න බැරි..
මෙයා කරපු එක වැඩක් තියෙනවා බණ්ඩාරගම , කුඹුරක් පුරවල මල්ලිට ෂෙඩ් එකක් දාල දුන්න
මොකක්ද එතකොට සාර්ථක අමාත්‍යංශය ? වැඩ කලොත් ප්‍රචාරය අවශ්‍ය නැහැ. ජනතාවගේ ඇඟට දැනේවි. ඔබලා ගමට එනතෙක් ජනතාව මග බලාසිටි.
ඉතිහාසයේ සාර්ථකම රජය මෙය වේ . සියලු බාල්දි වලට මුහුණදෙමින්, නඩු කියමින් විශාල වැඩ කොටසක් කරඇත. කොමිසන් සභා , අණ පනත්, රක්ෂණ, නිවාස, පඩි වැඩිවීම්, විශ්‍රාම දීමනා, සමෘද්ධි, අඩු මිලට බෙහෙත් ,පාසල් සංවර්ධනය , ගම්පෙරළිය , අඩු පොලි ණය, සහන ලබාදෙමින් කල සේවය අනගි නව බස් රථ, නව දුම්රිය හා අධිවේගී මාර්ග අද හෙට ජනතාවට ලැබෙන විට පඩියට කොමෙන්ට් කොටන අය ට තරු පෙනේවි.
මෙයා කොහොමද නීතිවේදියෙක් වුණේ? කව්ද කියන්නේ මෙයා නීතිවේදියෙක් කියලා..?