(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට යළිත් අමාත්‍යධුරයක් ලබා දුනහොත් ඔහුට විරුද්ධව නැවත විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ 'ලංකාදීප'යට පැවැසූහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක සහයෝගය ඇතිව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ අතර, පසුව බදියුදීන් මහතා ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන සියලු මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු සිය තනතුරුවලින් ඉල්ලා අස්වූහ.
එලෙස ඉල්ලා අස් වූ අමාත්‍යවරුන්ගෙන් කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මහත්වරුන්, ඔවුන් පෙර කටයුතු කළ අමාත්‍ය ධූරයන්හිම යළි දිවුරුම් දුන් අතර අනෙකුත් අමාත්‍යවරුන්ද යළිත් සිය අමාත්‍යධුර ලබා ගැනීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම් ෆවුසි මහතා ප්‍රකාශ කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නහි වේරේන වේරානි. සම්මන්ති ද කුදාචනං. මෙකයි බුද්ධ වචනය
පරදින්නට බලාගෙනම ගේන්න.
ඉදිරි මාස ටිකේත් මේවගේ... අර එයාවගේ මහජන අපේ මුදල් කාලාදමන නාඩගමක් ඇති ආණ්ඩුව එයාලගේ පාර්ට් එක එයාලත්, මෙයාලගේ පාර්ට් එක මෙයාලත් කරනවා. නමුත් හැම ප්‍රශ්නයක්ම එතැනමයි. ඊළඟ ඡන්දෙදි ඔය ඔක්කොම ගැනම බලාගන්නම්.
තණ්හාය ජාති සෝකෝ...!!! වහාම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ධුරයෙන් අස්වනු ඔබ වහන්සේට කිසිවකු යලිත් අවස්ථාවක් ලබාදෙන්නේ නොදේ...
බදියුදීන් වැරදි කරලා තිබෙනවා නම් ඒවා ඔප්පු කරන්න සාක්ෂි තිබෙනවා නම් කෙලින්ම ඔහුව මන්ත්‍රීකමෙන් නෙරපන්න විශ්වාස භංගයක් ගෙන එන්න...
බුද්ධ චීවරේට ඇති ගෞරවයට හානිනොකර උපැවිදිව ඔය සියලු දේ කර ජාතිවාදී කටයුතු හමාරක යලි මහණවන්න බුදුදහම යනු සියල්ලන්ට මෛත්‍රිය කරන ආගමක්... ඒ නිසයි පරාර්ථකාමීව සියලුසත්වයන් නිදුක් නීරෝගීකම තමන්ට දෙවනුව ඒ සියලු දේ ප්‍රාර්ථනා කලේ. ඔයාගේ අවශ්‍යතාවය තීරුබදු වාහන අරන් විකුණා මුදල් ඉපැයීම නම්, පාර්ලිමේන්තු සැප සම්පත් භුක්ති විඳීමට නම් අදම උපැවිදි වන්න.
ගේන්න... ගෙනත් පරදින්න. මහජන මුදල් විනාශ කරන්න.
රිශාර්ඩ් බදුර්දීන් කිසිකාලෙක විපක්ෂයේ ඉඳලා තියෙනවද? හැමදාම ඇමතිකමේ හිටය නමුත් මෙදාපාර විතරයි එයා එපාවෙලා තියෙන්නේ. මෙතන තියෙන්නේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්ද? දේශපාලනමය ප්‍රශ්නයක්ද? අපේ හාමුදුරුවනේ... මම දැක්කා කවුදෝ කියලා තියෙනවා දැන්වත් ගිහින් හරියට මහණ වෙන්න කියලත්...
කරන දෙයක් විපක්ෂයේ අනිත් මන්ත්‍රීවරු සමග එකඟත්වයෙන් කරන්න. ලඟදී හොඳටම අහගත්තා නොවේද? තනියෙන් උපවාස කළාට, ඡන්ද දිනන්න බැරිය.
විශ්වාසභංග කොච්චර ගෙනාවත් ඔච්චර තමයි කියලා වැටහෙන්නෙත් නැති පාටයි. නීතියෙන් ඔප්පුකළහැකි දෙයක් කරන්න තරම් හැකියාවකුත් නැති හැඩයි. දැන් කාගේකාගේත් හෙළුව යම් යම් ප්‍රමාණයෙන් බුද්ධිමත් මහජනතාව ඉදිරියේ කව්රු කව්රුත් පෙන්නලා තියෙන්නේ. මෙහි හෙළුව යනු සැගවී තිබුන මෝඩකම බව වටහාගන්න. කටේ නරිවාදන් රෙද්දපල්ලෙන් බේරෙනවා. මෙවැනි අය බුදුසසුනට කැළලක් නොවෙයිද ?
මේ ගැන සොයා බැලීමට බුද්ධි අංශයට පැවරිය යුතුයි.
කාට එරෙහිවද ඔය විශ්වාස බංගය ගේන්න කැහිපට ගහගෙන වලිකන්නේ? ඉත්තන් මාරුකරනවා වගේ අගමැති, ඇමතිවරු එහෙම මාරුකරන්නේ සිරිසේන ලොක්කා නිසා එයට විරුද්ධව දෝෂාභි යෝජනාවක් ගේන්නේ නැත්තේ මොකද?
ඔව් හාමුදුරුවනේ ඒක කරන්නම ඕනේ... මොකද බදියුදීන් මුස්ලිම් අන්තවාදයට කෙලින්ම උදව් කරපු බව අද මුළු රටම දන්නවා. මේක නොදාන්නේ මේ දෙපැත්තේම ඉන්න දේශපාලකයෝ විතරයි. මිනිස්සු රවට්ට රවට්ටා බොරු කොමිසන් දාගෙන නාඩගම් නටනවා.
මේ උන්නාන්සේ කාටද මේ කඩේ යන්නේ? බුදු දහමේ මේ වගේ දේශනාවල් කොහෙද තියෙන්නේ? දේශපාලනය නිසා පන්සල හදාගෙන මාලිගාවක් වගේ ගිහි සැප විඳිමින් මේ කරන ප්‍රකාශන ජාතිවාදයේ වෛරී ප්‍රකාශන නවත්තන්න... කරුණාකර.
රතන හිමියෝ - ආනන්ද අලුත්ගමගේ සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගැටෙති. මුන්වහන්සේ කා සමගත් ගැටුම් ඇතිකරගන්නවා... මොනම පාලනයක් වත් සුදුසු නමක් නොවෙයි...
හරියට හරි අපේ හාමුදුරුවනේ, සිංහල බෞද්ධයා ඔබ වහන්සේ සමගයි. මුසල්මානුවන් නැතිව බැරි නායක හාමුදුරුවරු ඉන්න බව පෙනෙනවා. ඒ ගොල්ලෝ පනින රිළවුන්ට ඉනිමං තියන අය...
මේ ලංකාවේ ඔය කියන විශ්වාසභංග හරි යන්නේ නැහැ. මොකද තමන්ගේ වරප්‍රසාද වාසි රැකගන්න මේ වගේ වෙලාවකදී එකට එකතු වෙනවා. ලංකාවේ තියෙන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්රදායේ නම විකුණන් කන පට්ටපල් බොරු කරන කපටි ඉන්න පාර්ලිමේන්තුවක්.. හොඳයි දැන් බලන්න අර කතෝලික ඇමැති මන්ත්‍රීවරු ඒ දවස්වල ඇඬුවා... අනේ අපිට ගම් පළාතේ මිනිස්සුන්ට මූණ දෙන්න බැහැ. බෝම්බවලින් මැරිච්ච මිනිස්සුන්ට සාධාරණය නොකොළොත් අපිට තීරණයක් ගන්න වෙනවා වගේ කතන්දර කියකියා. දැක්කනේ ඒ හාදයෝ ටික ඊයේ කරපු වැඩේ? ඔය මිනිස්සු ගමට ගිහින් මුහුණ වෙනුවට වෙන මොකක් හරි එකක් දීලා ඕක ශේප් කරන්න හිතනවා ඇති....
මුළු අවුරුද්ද පුරාම පාර්ලිමේන්තු රැස්වෙනවා කියලා කරන්නේ... කාවහරි අල්ලන්භංග කරන එක... කාලය නිකරුනේ ගෙවමින්..., මැති, ඇමතිවරු හොඳට මාස් වැටුප ගන්නවා. ආගමික නායකයින් ජනතාව සමග පෙළ ගැසී අපේ රටේ නීති ක්‍රියාත්මක කරන්න. පොඩි මිනිහට එක නීතියක්... ලොකු එකාට වෙන නීතියක්... එහෙම බැහැ. හොරු වැඩිවෙන්නේ මේ නිසයි... මුළු රටම උපවාස කරලා නීතිය රජ කරවලා මේ 225 එකපාරින් හිර ගෙදරට යවන්න.. මහහොරු එළියේ.. රටේ නායකයා ලොකුම හොරා බව දැනගෙනත් ඔහුට උසස් නිලතල පිරිනමනවා... මේවා නතර කරන්න.
කරන්නේ බොරුනේ.. චෝදනා තියේ නම් ඔප්පු කරන්නකෝ කයිවාරු නොගහ...
එකිනෙකාට ගරු නොකරමින් භේදභින්න කරමින් වෛර ගිනිදැල් අවුලමින් විනාශය කරා තල්ලු කරගෙන යන මේ දේශය ගොඩගන්න සැබෑ බුදුබණක් දෙසන්නට, සිත් කරුණාවෙන් මෛත්‍රියෙන් පුරවන්න නැවතත් "වඩිනු මැන නිදුකාණෙනි"...
හාමුදුරුවනේ කරුණාකරලා ඔබවහන්සේට ලබන පාර්ලිමේන්තුවට යන්න ඡන්ද ඕනෑවට ජාතිවාදී ගිනිදැල් අවුළුවන්නේ නැතුව ඉන්න. කරන වැඩක් චීවරය අයින් කරලා කරන්න.
බමුණුආරච්චි, කොන්ත්‍රාත් එකක් කරන බව පේනවා. ලැජ්ජයි ඕයි.
යුද ජයග්‍රහණය කරන්න හමුදාව මෙහෙයවපු ෆොන්සේකාට ආරක්ෂක හෝ නීතිය හා සාමය ඇමතිකම දෙන්නත් බැහැ. නමුත් රිෂාඩ්ලට, හකීම්ලට, කබීර්ට දෙන්න කියලා රනිල් නම් කරලා එවන ඕනෑම ඇමතිකමක් දෙනවා. මේ ඔක්කොම අවුල් වලට මුල මෛත්‍රිපාල සිරිසේන ඔහුට විරුද්ධව ඉස්සෙල්ලාම දෝෂාභියෝගයක් ගෙන එන්න ඕනේ ඊට පස්සේ... ජනතාව කැමති අලුත් ජනපතිවරයෙක් පත්කර ගනිවී... ඊට පස්සේ ඔහුට කියලා අවුරුදු 4 1/2 පාර්ලිමේන්තුව විසුරවලා අලුත් ආණ්ඩුවක් පත් කරගත යුතුයි.. එසේ නොකරනකන් රට අවුල්...
භික්ෂුව රකින්න ඕනේ භව ගමන නවතන්න උපකාර වෙන ප්රාතිමෝක්ෂ ශීලයද..? එහෙම නැතිනම් පංචස්කන්ධය පිනවමින් අගතියට පාර කප්පවන දේශපාලනයද?
මේ රට කෑවේ වෙන කවුරුවත් නොවේ..
ගේන්න හාමුදුරුවනේ ගේන්න
මෙයා කොහොමටත් අවුරුදු 4කට සැරයක් මේ රඟපෑම් කරනවා.. පනින්න ලේසිවෙන්න.. 2015ට පස්සෙ දැන් 2019...
තථාගත බුදුරදුන්ගේ ධර්ම-විනය අනුව භික්ෂූන්ට උපවාස කිරිමට කිසිදු හැකියාවක් නැත. උපසපන් භික්ෂූව, අදින්නාදාන පාරාජිකාපත්තියේ පස්විසි ආවාරයේ (ආකාරය) සාහත්ථික පංචකයේ ධූර නික්ඛේපයෙන්, (පාරාජිකාපත්තියට නිශ්රයවන වටිනාකම ඇතොත්) පාරාජිකාපත්තියට (උපසම්පදා මහණකම සම්පූර්ණයෙන්ම අහෝසි වීම) හෝ භණ්ඩදෙය්‍ය වේ (අලාභය නැවත දීම) භාවයට හෝ පත් වීම නියතය. එපමණක්ද නොව එයට අනුබල දෙන, වචනයකින් හෝ අනුග්‍රහය දක්වන සියලු උපසපන් භික්ෂූන්ට පාරාජිකාපත්තියට හෝ භණ්ඩදෙය්‍ය භාවයට පත් වීම නියතය. මේ පිළිබඳව විනය පිටකයේ පාරාජිකා පාලිය ද, තත් විනය අටුවා සමන්තපාසාදිකා, කංකාවිතණී යන අටුවා ද, විමති විනෝදනී , සාරාර්ථ දීපනී, වජිරබුද්ධි, විනයාලංකාර ආදී ටීකා ද පූජනීය රේරුකානේ චන්දවිමල නාහියන් විසින් රචිත උපසම්පදා ශීලය ද කියවීමෙන් මේ පිළිබඳව අවබෝධය ලබා ගත හැක. විනය ගරුක නොවූ භික්ෂූන්ගේ විනය විරෝධී වැඩ නිසා ධරම-විනය නොදත් ගිහියන් පමණක් නොව පැවිදි භික්ෂූන් වහන්සේලා පවා මහත් අනර්ථයක් කර ගන්නා බව කිව යුතුය. විශ්වාසභංගයකට පක්ෂ වී අනිකාගේ ධූරය අහිමි වීමෙන්ද ඉහත ආකාරයට භික්ෂුව පාරාජිකා (භණ්ඩදෙය්‍ය වූ විට අලාභය නොගෙවීමෙන්) වීම නියතය.
අරූ මැරුවා... අපිත් මරමු කියලා රටවල් කරන්න බෑ. මොන ජාතිකයා වුනත් රටේ නීතියට අනුව ඉන්නේ නැත්නම් දඬුවම් කරන්න ඕනෑ. ඉන්න දේශපාලුවෝ එකෙක්වත් නීතියට අනුව ඉන්නවද නැහැනේ. හොරකම්, සුදුවෑන්, පවුල් නඩත්තු, එල්ටීටීඊ එකට, මුස්ලිම් අන්තවාදීන්ට සල්ලි දෙන ඒවා වගේ වැඩ තමා ඔවුන් කරන්නේ. ඉතින් මෙතන මේ ත්රස්තවාදීන් ත්‍රස්ත වැඩ කළාම ජාතිය බලබලා ඉඳලා වැඩක් නෑ. නීතියට අනුව දඬුවම් කරන්න ඕනෑ. නැත්නම් JVP එක මරපු මැරිල්ලට සිංහල ඔක්කොම ත්‍රස්තවාදියෝ කියන්න වෙනවා.
නිවැරදි වීසදුම විය යුත්තේ රතන හිමි මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමයි. රනිල් වික්‍රමසිංහට මෙය කළ හැකියි.
මෙයාගේ මුහුණ දකිනකොට මට හිතෙනවා ගිහින් මුස්ලිම් ආගම වැළඳගන්න. මෙහෙම හොරු රැළක් ලොවෙත් නැහැ.
රතන භික්ෂුවගේ තවත් නාට්‍ය ජවනිකාවක් ළඟදී බලාපොරොත්තු වෙන්නේ කවුද?
"කවටයා" නමැති සිංහල චිත්‍රපටිය මෑතකදී, කල සාර්ථක නිර්මාණයක්. ඒ වගේම බුද්ධික, හෝ මන්ද බුද්ධික සියලු දෙනාම එකතු වී රසවිඳිය හැකි සිනමා පටයක්...
හරි ඔබ වහන්සේ ගේන්න බලන්න
බමුණා ගිය ආත්මයේ කොට්ටෝරුවෙක්ද කොහෙද. කොටනවා දමාගෙන
බමුණා ඒ කාලේ හතර වටේටම කෙටුවා