ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ
නියමිත ඝණ පූර්ණය නොමැති වීමෙන් පාර්ලිමේන්තු රැස්වීම පැය 2 යි විනාඩි 15කට පෙර අවසන් විය.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා සිදුව ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සභාව කල්තබන අවස්ථාවේ ඉදිරිපත් කළ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී අද (12) විවාදයට ගැනිණි.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සභාවේ ඝණ පූර්ණය නොමැති බව පෙන්වා දුන් අතර එම අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කළ මන්ත්‍රීවරිය ද සභාවේ සිටියේ නැත.
මන්ත්‍රීවරුන් කැඳවීමේ සීනු විනාඩි 5ක් නාද කළද සභාවේ සිටියේ මන්ත්‍රීවරුන් 9ක් පමණක් වන අතර ගන පූර්ණය සම්පූර්ණ වීමට අවශ්‍ය මන්ත්‍රීවරුන් 20 ක් නොමැතිවීම හේතුවෙන් කටයුතු නවතා දැමීමට මුලසුනෙහි සිටි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා තීරණය කළේය.
ඒ අනුව පස්වරු 6.30 ට අවසන් වීමට තිබූ පාර්ලිමේන්තු රැස්වීම පස්වරු 4.15ට අවසන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආවා කියලා මොනවා කරන්නද? මොකද සකල සිරින් පිරි අපේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්න තියනවා කියලයැ..
කන්න හම්බ වෙනවා නම්, පඩි හම්බ වෙනවා නම් දායක මුදලක් නොගෙවාම අවුරුදු පහෙන් ජනතාවගෙන් හූරලා දෙන සුපිරි පැන්ෂන් පඩියක් හම්බ වෙනවා නම්, ඩියුටි ෆ්‍රී වාහන ගෙවල් කුලී දුරකථන කාර්යමණ්ඩල ඉන්ධන දීමනා වරප්‍රසාද සියල්ල ලැබෙනවා නම් ප්‍රශ්න කරන්න කචල් අදින්න කවුරුවත් නැති නම්... ආවේ නැහැ කියලා ප්‍රශ්නයක් නැතුව ජොලියේ ඉන්නවා ඇති. ඕක ඉතින් රටේ මිනිස්සු තාම තේරුම් ගත්තේ නැති එක සහ ඊට එරෙහිව හඬ නැගිය යුතුයි කියන එක දන්නැති කම කාගේ කරුමෙද?
අප වෛරයෙන් අදහස් ඉදිරිපත් කරනවා නොවැ... කරුණාකර හොඳින් මධ්‍යස්ථව සිතන්න. දියවන්නා ඔයේ හරකුන් 225ක් නඩත්තු වන්නේ ඔබේ අපේ මුදලින්. අද දින මේ හරකුන් කීදෙනෙක් එසේ " පුරවැසියන් විසින් වියදම් කල මුදල් වෙනුවෙන් සාධාරණයක් " ඉටු කළාද නැද්ද? මෙම ක්‍රියා මහා සාපරාධි පාපකර්ම නොවේද? මෙම මී හරකුන් 225 ඉදිරියටත් ඔබේ අපේ මුදලින් සැප ලබාදෙනවද? නැද්ද? යන්න ඔබ අප විසින් තීරණය කළ යුතු නොවේද? මේ " එක හරකෙකුටවත් " නිදහසට කාරුණු කීමට කිසිවක් නොමැතිබවත් දැන්වීමට කැමැත්තෙමු... අපගේ මෙම අදහස් දියවන්නා ඔයේ ඉන්න "හරක් 225 න් අඩුතරමින් එක හරකෙකුට " හෝ කියවීමට හැකිවේවා..!!!
සිකුරාදානේ, කට්ටියම එක්කහුවෙලා හවස දෙකක් දාගන්න හිතලා වේලපහින් යන්න ඇති... මේකද එතැනදී ඔය කිසිම බේදයක් නැතිව දෙකක් දාගෙන ඊට පස්සේ කැසිනෝ හරි වෙනින් පුද්ගලික සුඛවිහරණ එහෙම ලබාගෙන බිරිඳ හා ළමයින් ගාවට ශේප් වෙන්න යන්න තියනවානේ. මහජන ප්‍රශ්න, රටේ ප්‍රශ්න කිසිවෙක් ඒ ගොල්ලන්ට අදාළ නැහැ.
අපි රක්ෂාවට දවසක් නොගියොත් පඩිය කපනවා. අපේ දහදිය මහන්සියෙන් උපයාගන්න මුදලින් බදුගෙවලා.. විශ්‍රාමත් ගෙවනවා.. හෙන වදින්න ඕනේ..
මේ කාලකණ්ණි බයියන් නිසා මේ රටටත් රටේ මිනිසුන්ට වෙලා තියෙන විනාශය..!
ඕකට හොඳම විසඳුම තමයි මන්ත්‍රීවරුන්ට මාස්පඩි දීම නතරකර දවස් පඩි දීම... මේ ක්‍රමයෙන් මන්ත්‍රීවරුන්ගේ පැමිණීමත් ඉතා පහසුවෙන් ගණනයකර ගන්නත් පුළුවන්. ඊළඟ පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධ තීරණයක් ගන්න. විශ්‍රාම වැටුප් ගෙවීමත් පැමිණි දින ගණන අනුව ගණනය කරන්න.