(පද්මිණි මාතරගේ)
දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම අනියම් ආදේශක සේවකයන් වහා ස්ථිර නොකළහොත් තවත් දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට සුදානම්ව සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අනතුරු අඟවයි.
මෙම සේවක අර්බුදයට විසඳුම් ලබා ගැනීම සදහා කඩිනම් සාකච්ඡාවක්, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලා සිටින බව ද එම වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු එස්. පී. විතානගේ මහතා පවසයි.
වසර පහකට අධික කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල 1500 කට ආසන්න අනියම්, ආදේශක, තාවකාලික හා කොන්ත්‍රාත් සේවකයින් සිටින බවත්, ඔවුන් සේවයේ ස්ථිර නොකර, අලුතින් තවත් සේවකයින් පිරිසක් බදවා ගැනීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව ද ඒ මහතා චෝදනා කර සිටි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරන අදාළ සේවකයින් සේවයේ ස්ථිර කිරීමෙන් පසු, පවතින පුරප්පාඩු අනුව තවත් සේවකයින් බඳවා ගන්නේ නම් සිය වෘත්තීය සමිති සන්ධානය ඊට විරුද්ධ නොවන බව ද මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ප්‍රවාහන ඇමැතිවරයාට එම වෘත්තීය සන්ධානය ලිපියක් ද යවා ඇත.
එහෙත් එසේ නොකර තවත් වතාවක් දුම්රිය දෙපාර්තමේන්තුවට දේශපාලන පත්වීම් ලබාදීමට කටයුතු කළහොත් තවත් දුම්රිය වැඩ වර්ජනය කිරීමට සිදුවන බවත්, එවැන්නකට ඉඩ නොතබා වහාම කඩිනම් සාකච්ඡාවක් ලබාදෙන ලෙසට අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය අන්තවාදීන්ට ත්රස්නවාදීන්ට වඩා විපතක් හානියක් පාඩුවක් මේ රටටත් ජනතාවටත් කරනවා. රටට පිලිකාවක්. ළගදිම පාඩමක් ඉගෙන ගන්නව මිනිස්සුන්ගෙන්
කොහොමත් ඔතන ඉන්න ඔක්කොම දේශපාලන අතකොලු තමයි කෝච්චි වල තත්වය බලන්න කව්රුත් නැ. ෆෑන් වැඩකරන්නේ නැහැ, ආසන වල මකුණෝ. මේක පුද්ගලික කරා නම් හරි අපේ බදු සල්ලි කන්නේ නැතුව
අනිවාර්යෙන්ම පෞද්ගලික අංශයට දිය යුතු දෙපාර්තමේන්තුවක්, ඔය ගොඩක් මිනිස්සු ලක්ෂ ගණන් වලින් පඩි ගන්නවා ඉන්නේ ගෙදර.
කොච්චර සේවකයින් සිටියත් මගීන්ට දෙන සේවය බිංදුවයි.
මේ ඔක්කොම බහුභූත ඉල්ලීම් ළඟ එන මැතිවරණවලට පෙර ඉදිරිපත් කරන හේතුව මොකද? ඔය සියලුම අනියම් සේවකයන් බඳවා ගත්තේ අද ඊයේ දිනවලද? මීට පෙර කරන ලද වර්ජන ලැයිස්තුවට මේ ඉල්ලීම් ඉදිරිපත් නොකරපු මොට්ට සංවිධාන ගැන කවර කතාද? ඡන්ද දිනාගැනීමේ කුහක හේතු මුල්කරගෙන විරුද්ධ පක්ෂ සන්ධානගත වී කරන මෙවැනි ඉල්ලීම් මගින් දුම්රිය මගී ජනතාව අසරණ වන බව මේ ගොබ්බ රාලලාට නොතේරෙන්නේ මොවුන්ගේ පොල්ගෙඩියක් තරම් වන ඔළුගෙඩියේ අබ ඇටයක් තරම් වන මොළ ගෙඩියක් නැතිවීම බව දන්නෝ දනිති!!! ඇමතිතුමනි ජනතාවගේ නාමයෙන්, ලඟදී සම්මත කරගත් නීති අකුරටම ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සහ පොලීසියට අවශ්‍ය නම් තව තවත් බලය ලබා දෙන්න...
සුදු වෑන් තියෙන කාලේ මෙහෙම වර්ජන තියා තර්ජනයක් තිබුනේ නැහැ. අපේ රටට යහපාලනය හරියන්නේ නැහැ කියලා විපක්ෂයේ හැමදාම, හැමතැනදීම කියන්නේ ඒකනේ...
අලුතෙන් තැනෙන සැහැල්ලු දුම්රිය ධාවනය දුම්රිය දෙපාර්තමේන්තුවට දුන්නොත්, එ්කටත් වෙන්නේ ඔයටික තමයි...
කරුණාකරලා වැඩකරන්න බැරි අය අයින් කරලා අලුතෙන් බඳවා ගන්න. උගත් කොල්ලෝ, කෙල්ලෝ ලක්ෂ ගානක් ඉන්නවා රස්සාවල් නැතුව...
ඔය වැඩකට නැති විශ්වාස භංග ගේන්නේ නැතිව දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලික සමාගමකට හරි හමුදාවට දීලා එන්ජින් ධාවන පුහුණුවක් දෙන්න යෝජනාවක් ගෙනෙල්ල සම්මත කරන්න. ලක්ෂ ගණන් අතිකාල කාලා මදිවෙලා ඔලු ඉදිමිලා.
මේවා කරවන්නේ බලය ඩැහැගන්න මාන බලන දේශපාලන ලෝකයේ අනාත වෙලා ඉන්න කුඨ සාටකයින්ය..