හිටපු ඇමැතිනි විජයකලා මාසයකට පමණ පසු මැතිසබයට එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගෙන ආ යුතු බවට ප්‍රකාශ කළ හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ඒ ප්‍රකාශය කර මාසයකට පමණ කාලයකට පසුව මුල්ම වතාවට මැතිසබයට අද (7) පැමිණියාය. 07 August 2018
රජයේ වියදමින් ඇමතිවරුන්ට නීතිඥයන් ඉල්ලූ කැබිනට් පත්‍රිකාව ඉවතට ඇමැතිවරුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරෙන මූලික අයිතිවාසිකම් නඩුවලදී ඇමැතිවරුන්ට රජයේ වියදමින් පෞද්ගලික නීතිඥවරුන්ගේ සහය ලබා ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (7) ප්‍රතික්ෂේප කරන ලැබූ බව වාර්තාවේ. 07 August 2018
පොලිස් කොමිසම අමතර රැස්වීම් කැඳවයි ජාතික පොලිස් කොමිසම රැස්වන සභා වාර ගණන වැඩිකිරීමට තීරණය කර ඇතැයි එහි සභාපති පී.එච් මනතුංග මහතා ලංකාදීපයට පැවසීය. 07 August 2018
ඉරානය සමඟ වෙළෙදාම් කරනවා නම් ඇමෙරිකාවෙන් තහංචි ඉරානය සමඟ වෙළඳාම් කරන කිසිවකුට ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ වෙළෙඳාම් කළ නොහැකි යැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 07 August 2018
දුම්රිය වැටුප් වැඩි කිරිමට මංගලගේ විරෝධය දුම්රිය සේවයේ වැටුප් වැඩි කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අද (7) පැවති කැබිනට් රැස්වීමේ දී මුදල් ඇමැති මංගල සමරවීර මහතා විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ. 07 August 2018
කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීහු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙති ප්‍රදේශීය සභා 149ක සේවය කරන කළමනාකරණ සහකාර සේවයේ අධි පන්තියේ පරිපාලන නිලධාරීන් ඉවත් කර ඒ සඳහා ශ්‍රි ලංකා පරිපාලන සේවයේ නවක නිලධාරීන් පතිකිරීමේ උත්සාහයක රජය නිරත වන බව සමස්ත ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත් ධර්මසේන මහතා කොළඹදී අද (7) පැවසීය. 07 August 2018
කොළඹ ආරක්ෂක සමුළුව මේ මස 30 සහ 31 2018 කොළඹ ආරක්ෂක සමුළුව මෙම මස 30 සහ 31 වැනි දින දෙක තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානාත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. 07 August 2018
ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය ගැනීම පනතට පටහැනිලු එස් ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඇතිකර ගෙන තිබෙන ගිවිසුම පනතට පටහැනි එකක් වන අතර එමගින් මණ්ඩලයට විශාල මූල්‍යමය පාඩුවක් සිදුව ඇතැයි අද (7) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබේ. 07 August 2018
විජයකලාගේ ප්‍රකාශය ගැන නීතිපති වාර්තාව තවම ලැබී නෑ එල්.ටී.ටී.ඊය ප්‍රවර්ධනය කිරීම සඳහා යාපනයේදී කතාවක් කළ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් පියවර ගැනීමට අවශ්‍ය වාර්තා නීතිපති වෙතින් තවමත් ලැබී නැතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය. 07 August 2018
කිරිල්ලවල වෙඩි තැබීමෙන් තුවාල ලැබු කාන්තාව මරුට කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ අද (7) දහවල් සිදු වු වෙඩි තැබීමෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව මිය ගිය බව පොලිසිය පවසයි. 07 August 2018
‘වාද්දුව වෙරළ සාදය පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙනවා’ පුද්ගලයන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ වාද්දුව වෙරළ සාදය පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක බවත් එහි බලපෑම මත මෙතෙක් කිසිදු සංවිධායකයකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා කොළඹදී අද (7) පැවසීය. 07 August 2018
ජනාධිපති නියමයෙන් මොරගහකන්ද ව්‍යාපෘතියේ දුෂණ හොයන්න විශේෂ ඒකකයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මොරගහකන්ද - කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට අදාලව දුෂණ වංචා හා අක්‍රමිකතා සොයාබැලීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ. 07 August 2018
කරුණානිධි සමුගනී පස්වතාවක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ අමාත්‍ය ධුරය සහ ද්‍රවිඩ මුනේත්ර කලහම් පක්ෂයේ නායකත්වය හෙබ වූ එම්. කරුණානිධි මහතා අද (7) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. 07 August 2018
ඇමෙරිකාව ඉරානයට නව සම්බාධක පනවයි ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුම’ හේතුවෙන් ඉවත් කරන ලද සම්බාධක ඇතුළුව ඉරානයට නව සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත. 07 August 2018
‘භවතරණයට’ ආසියා චිත්‍රපට සම්මාන උළෙලේ ප්‍රථම තැන චීනයේ ෂෙන්ජියෑන්ග් ප්‍රාන්තයේ පැවති ආසියා සංචාරක චිත්‍රපට හා රූපවාහිනී සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂක දේවින්ද ඩී.කෝන්ගහගේ මහතා විසින් අධ්‍යක්ෂණය කළ ‘‘භවතරණය’’ චිත්‍රපටයට හිමිව ඇතැයි චීනයේ බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. 07 August 2018
විපක්ෂනායක ධූරය ඒකාබද්ධයට දීමේ තීරණය මේ සතියේ විපක්ෂනායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීම සම්බන්ධයෙන් තවත් නීතිමය කරුණු දෙකක් ගැන විමසීමට ඇති බැවින් ඒ පිළිබඳ අවසන් තීරණය මෙම සතිය තුළ ලබා දෙන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය. 07 August 2018
සීගිරි කේබල් කාර් ගැන සමාගම කතා කරයි සීගිරි කේබල් කාර් ව්‍යාපෘතියෙන් සීගිරි පර්වතයට කිසිදු හානියක් නොවන්නේ යැයි ද යෝජිත ගමන් මග වැටී ඇත්තේ උතුරු දොරටුවේ සිට සිංහ පාදය දක්වා පමණක් යැයි ද අදාළ ව්‍යාපෘති සැකසුමෙහි නිරත විදෙස් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත ඩබ්ලිව්. සරත් පෙරේරා මහතා පැවැසීය. 07 August 2018
මත්තල ගුවන් තොට ඉන්දියාවට පැවරීමට විරෝධය පා හෙට උද්ඝෝෂණයක් මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට පැවරීමට ගත් තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලා හෙට (8) කෑම පැයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම් නිදහස් සේවක සංගමය තීරණය කර ඇත. 07 August 2018
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ රෝහලේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ශල්‍යකර්මයක් සඳහා රෝහල් ගත කර ඇති බව බොදුබල සේනා සංවිධානය පවසයි. 07 August 2018
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථා සභාපති යළි රිමාන්ඩ් අල්ලස් සිද්ධියකට අදාළව රක්ෂිත භාරයේ සිටින ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති 10 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 07 August 2018
මන්ත්‍රී වැටුප් ප්රශ්නය විසඳන හැටි පුරවැසි හඬ කියයි ආර්ථිකයට අලූත් බරක් නොවන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ ප්රශ්නය විසඳීමට නම් කාර්යාලයීය දිමනාව ලෙස නාමකරණය කරමින් දැනටමත් ගෙවනු ලබන රුපියල් ලක්ෂයක මුදල 07 August 2018
මුරකරුට අතකොලුවෙන් පහරදුන් බාස්ට මරණ දඬුවම රුපියල් දහයක් සම්බන්ධයෙන් ඇති වු කතාබහක් දුරදිග යෑමෙන් ලී මොලේ මුරකරුට අතකොලූවකින් පහරදී මරා දැමීමේ චෝදනාවට වරදකරු වු එම ලී මොලේ ප්‍රධාන බාස්වරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා අද (7) මරණ දඬුවම නියම කළේය. 07 August 2018
නීතිවිරෝධි ඖෂධ තොගයක් ගුවන් තොටෙන් අල්ලයි ඩයසපෑම් (Diazepam) නැමති වෛද්‍ය අනුමැතියකින් තොරව නිකුත් නොකරන, රජයේ ඔසුසල් වලින් පමණක් පාලනයක් ඇතිව නිකුත් කරන බෙහෙත් පෙති තොගයක් සමඟ ඒවා විදේශ ගත කිරීමට රැගෙන ආ නියෝජිතවරයකු අපනයනය ගුවන් බඩු ගම්මානයේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 07 August 2018
මැති ඇමැතිවරුන්ට වැඩි වැටුප් එපා යයි එජාප මන්ත්‍රීවරු කියති පාර්ලිමේන්තුවේ ඉදිරි කාල සීමාව ඇතුළත කිසිම අමාත්‍යවරයකුගේ හෝ මන්ත්‍රීවරයකුගේ වැටුප වැඩි නොවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඒකමතිකව තීරණය කළ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මාධ්‍ය හමුවකදී අද (7) පැවසීය. 07 August 2018
අල්ලස් ගත් අපනයන - ආනයනය පාලකවරයා යළි රිමාන්ඩ් වසර 10 ක් පැරණි වාහන දෙකක් ජපානයෙන් ගෙන්වා ගැනීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් ඉල්ලා ලබා ගත් බව කියන අපනයන ආනයනය පාලකවරයා ලබන 21 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 07 August 2018
එමිල් රංජන් - රංගජීව යළි රිමාන්ඩ් වැලිකඩ සිරකරුවන් පිරිසක් ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බාරයේ සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් 07 August 2018
නුවරඑළිය හිටපු නගරාධිපතිට ඇප නුවරඑළිය නගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේ ගමගේ මහතා රුපියල් 20,000/- ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 07 August 2018
අධ්‍යාපනය අනිවාර්යය කිරිමේ ප්‍රචාරණයට මිලියන 113 ක් පාසල් දරුවන්ට වසර දහතුනක් අධ්‍යාපනය අනිවාර්යය කිරිමට රජය ගෙන ඇති තීරණය රටම දැන සිටියදී රුපියල් මිලියන 113 ක් වැයකර යළිත් ඊට පුළුල් ප්‍රචාරයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කරමින් සිටියි. 07 August 2018
මධ්‍යම කාරක සභාව රැස්වී මැතිවරණය ගැන තීරණ ගනිවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට (8) රැස්වූ විට ඉදිරි මැතිවරණ පැරණි ක්‍රමයට තැබිය යුතුද? නොඑසේ නම් අලූත් ක්‍රමයට තැබිය යුතු ද යන්න පිළිබඳ පක්ෂයේ මතය පිළිබඳ තීරණයකට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 07 August 2018
හොරෙන් ප්‍රංශ දුපතට ගිය 21 දෙනා රිමාන්ඩ් ප්‍රංශයේ රී යුනියන් දූපතට බහුදින ධීවර යාත්‍රාවකින් නීතිවිරෝධීව යාත්‍රා කරමින් සිටි යුද හමුදා හිටපු සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළු 21 දෙනා ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය නියම කළාය. 07 August 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026