(අංජුල මහීක වීරරත්න)
පාස්කු ප්‍රහාරය ගැන කරුණු සොයා බලන විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර සිටියි.
විශේෂ කාරක සභාවෙන් කැදවීමක් ලද විගස කාරක සභාව හමුවේ පෙනී සිට එහි සාමාජිකයන් අසනා ප්‍රශ්නවලට පිළිතුරු දීමට අග්‍රාමාත්‍යවරයා සුදානමින් සිටින බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර ගණුදෙනු සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙනී සිටියේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන විශේෂ කාරක සභාව අග්‍රාමාත්‍යවරයාට එම කාරක සභාව හමුවේ පෙනී සිටිය යුතු දිනය ඉදිරියේදි දැනුම් දෙනු ඇති බවද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හ්ම්ම් හ්ම්ම් ප්‍රශ්නෙයි උත්තරයි කලින් රෙඩි කරලා තමා බඩු එන්නෙ ...නරි නාටක
නාට්‍ය රචකයා නළුකැල හමුවන මොහොත.. බොරුව බොරුවෙන්ම වසා, කෙනෙකු රවටා ඒ කරමතින් බලයට පැමිණ, ව්‍යවස්ථාවෙන් වෙට්ටු දමා බලය රැකගෙන මුළු මහත් රටම, ජාතියම, ආගමද, ව්‍යවසනයකට ලක් කළ , මහා නාට්‍ය රචක තෙමේ තවම වැජඹෙත්...
මේ අර 62 ගොනාට ඇඳීමේ තවත් ව්‍යාපෘතියක්... අපි නොදන්නවද මේවා?
බැලුවත් බලන්නේ කව්රුන් ඉඳගනීදැයි අසුචි පුටුව මත..// කිව්වත් කප්පරක් කිව්වේ බොරු එදෙස බලා..// බැංකුව හොරා කෑවෙත් පුටුවේ ඉඩගන්නෙමියි කියා..// මරණාධාර සමිතියට හිතන්නෙත් යන්නට වාසිබලා..//
මම පුවතක් තිබුණා දැක්කා බිරිය මැරූ සැමියා පොලීසියට ගොස් බාරවෙයි කියලා, මට මේ පුවතයි, ඒ පුවතයි සමානයි වගේ දැනුණා. ඒ වැරැද්ද කරපු අය කොටස් කිහිපයක් ඉන්නවා. ඒකෙන් එක කොටසක් තමයි, තමන් කෙරූවරද නොපිළිගෙන තමන් නිවැරදිකරු වෙන්න උත්සාහ කරනවා. ඔය ඔහොම හිතන කට්ටිය ජනතාවට පිළිකුල්...
මරණාධාර සමිතියේ තනතුරුවල සිටිනා ..// ඔක්කොම මගේ ගොට්ටන් බව නොදැනා..// පත්තරකාරයෝ ලොකුවට ඒගැන ලියනා..// ප්රශ්නය අහන්නේ පිළිතුරු මට කියලා..//
අනාථාධාර සමිතියට යනබව කල්තියලා..// යැව්වා අඩබෙරය ගොට්ටන් හට කියලා..// ගොට්ටෝ එක එක පාට කැට අල්ලා..// ඇසුවා ප්‍රශ්න ගොඩ උත්තර මට කියලා..//
මම බව ලංකාවට නොරහසකි..// එනමුත් ගොට්ටෝ මගේ බලවත් හැමදෙසම..// වීරයා යනවා මාංචු දෙක අතගාමින්..// ගහ නැති නිසා වලලුත් එහෙ මෙහෙ වැනෙනවනේ.//
ඔය නාඩගම් නවත්වල අර මහබැංකු හොර අල්ලන්නකෝ.