( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකු ගොනු කර තිබූ විශේෂ පෙත්සම් විභාගය අද (12) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳ තීන්දුව ඉදිරියේ දී කතානායකවරයාට දැනුම් දෙන බව නිවේදනය කළේය.
එසේම පෙත්සම සම්බන්ධයෙන් වන ලිඛිත දේශන 15 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන්නැයිද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන්ට නියෝග කළේය.
මෙම පෙත්සම් බුවනෙක අළුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන මහත්වරුන් හමුවේ සළකා බැළිණි.
පෙත්සම්හි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කරනු ලැබ ඇත.
පෙත්සම්කාර මන්ත්‍රීවරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් වලින් පෙන්වා දෙන්නේ ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ යෝජිත රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත තුළින් බලපත්‍ර හිමි ඉඩම්ලාභීන්ට ඒවායේ අයිතිය පවරා දීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.
එම යෝජනා ප්රගතිශීලී ඒවා ලෙස බැලූ බැල්මට පෙනී ගිය ද ඇමෙරිකාව සමඟ ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා පිහිටුවීමට යෝජිත ආර්ථික තීරුව සඳහා ඉඩම් සම්පාදනය කර ගැනීමේ අරමුණෙන් රජය මෙම පනත් කෙටුම්පත ගෙන ඒමට සූදානම් වන බවට තොරතුරු දැන ගන්න ලැබී තිබෙන බවද පෙත්සම්කරුවෝ පෙන්වා දේ.
ඉඩම් විෂයට අදාළ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දිවයිනේ සියලූ පළාත් සභා වලින් ඒ පිළිබඳව අදහස් ලබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව යටතේ සිදුකළ යුතු අත්‍යවශ්‍ය කටයුත්තක් වුවද එසේ පළාත් සභාවලින් අදහස් ලබා ගැනීමට රජය කටයුතු කර නොමැති බව ද පෙත්සම්කරුවන් කියා සිටී.
ආණ්ඩුකම ව්‍යස්ථාවට පටහැනි ලෙස ඉදිරිපත් කර තිබෙන මෙම පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයකින් මූලික අයිතීන් ද උල්ලංඝණය වන බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති. මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන්නැයි ද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රජයේ ඉඩම් ලබාගත් ගොවීන් හා අනෙකුත් පාර්ශවයන් පසුව කාට හරි විකුණා දමති. ගොවීන් බොහෝවිට විකුණා අඳ ගොවියන් වශයෙන් ඉඩම් මිලට ගත් මුදලාලිලා ළඟ වැඩ කරති. අන්තිමට ඉඩම් ලබාගත් ගොවියාට ඉතුරුවන්නේ අමුඩය පමණි. ඉඩම් ලබාගත් ගොවින් 80%ක් පමණ මෙම ඉරණම අත්වේ. මහවැලි ප්‍රදේශවල ඉරණමත් මෙයයි. මේ නිසා වරින්වර අයිතිය නියාමනය කර නියම අයිතිකරුට ඉඩම් ලබාදිය යුතුයි. මේ අතර කිසියම් වැඩසටනක් මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කර මෙම ඉඩම් ලබාගැනීමට කටයුතු කළහොත් අපේ ගොවීන් ඉඩම් ටිකදී කොහේ හෝ යනවා ස්ථිරයි. මධ්‍යම රජයේ පාලනය හා නියාමනයක් දිගටම තිබීම අත්‍යවශ්‍යයි.
මෙය ඉඩම් මුදලාලිට විකිනීමට වඩා දුර යන තත්වයකි. විදේශික බහුජාතික සමාගම් වැඩි කල් නොගොස් මෙම ඉඩම් අයිතිය මිලට ගනු ඇත. කනගාටුවෙන් වුවත් කිව යුත්තේ ඇතැම් පාලකයන්ගේ වුවමනාව එයයි.