ඇමෙරිකානු රාජ්ය ලේකම්ගෙන් සුබපැතුම්
ශ්රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමටත්, සමෘද්ධිය ප්රවර්ධනය කිරීමටත්, ස්ථාවර හා සාමකාමී අනාගතයක් තහවුරු කිරීම උදෙසාත් එක්ව කටයුතු කරමු යැයි මෙරට 71 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකාවේ රාජ්ය ලේකම් මයික් පොම්පෙඕ සඳහන් කරයි.