(ඉන්දිකා රාමනායක)
මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියේ, හා විශේෂ කාර්ය බලකායේ දහසකට අධික පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙම මස 5 වැනි දිනෙන් ආරම්භ වු අතර එය සිට 15 වැනි දින දක්වා පැවැත්වේ.
අවසන් දින වන 12,13,14,15 යන දින හතර තුළ බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වීමට නියමිත බව ඒ මහතා කීය.
එම සියලූ බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථවාහන හැසිරවීම වෙනුවෙන් මෙම පිරිස යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
පොලිසිය අමතරව හමුදාවේ භට කණ්ඩායම් ද යොදවා ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
වාහන වලින් බැතිමතුන් පැමිණෙන්නේ නම් වාහන අංක, රියදුරුගේ නම ඇතුලූ පැමිණෙන අයගේ නම් සදහන් ලයිස්තුවක් රැගෙන පැමිණෙන්නේනම් එය පරීක්ෂණ වලට පහසුවක් බව හෙතෙම දහන් කළේය.
එවැනි නම් ලයිස්තුවක් රැගෙන පැමිණයත් නැතත් සියලූ බැතිමතුන් පරීක්ෂා කර දේවස්ථාව භූමියට ඇතුළක් කර ගන්නා බවත් . එසේ නම් ලයිස්තුවක් රැගෙන එන්නේනම් එවුන් පරීක්ෂා කරන නිලධාරීන්ට පහසුවක් මෙන්ම බැතිමතුන්ට ද පහසුවක් බව හෙතෙම කීය.
එම රැගෙන එන ලයිස්තුව ඔවුන් අයත් දේවස්ථායෙන් සහතික කර ගන්නේනම් එය ද පහසුවක් බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොද හොදම දෙයක්. පොලිසියට හා හමුදාවට දෙවියන් වහන්සේගේ අාශීර්වාදය හා ආරක්ෂාව නොඅඩුව ලැබෙනවා අපිව ආරක්ෂා කරනවාට. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි...
ඔය ස්ථානය පැරණි මුස්ලිම් සොහොන්බිමක්...
අර ඉස්සර හිටපු... කොටින්ට ආවඩපු රායප්පු ජෝසප්, මන්නාරම් රදගුරු කොහෙද දන්නේ නැහැ නේද?
ඔය ගොල්ලන්ගේ වැඩේ අනිත් ආගමක කව්රු හරි මොනවා හරි කරනවා දක්කගමන් මොනවා හරි අන්චියක් අදින එක.., ඔයා දන්නවද ඊට බොහොම ඉස්සර ඔතන කාලි අම්මගේ දේවාලයක් තිබුණා කියලා... ඇත්ත නැත්ත මම දන්නේ නෑ ඔයපැත්තේ ගම්බදට වන්නට මිනිස්සු හිතනවා ඕය දේව මාතාගේ පිළිරුව ඒ පැරණි එකම කියලා. කොහොම වුණත් ඒ කාටවත් ඔයගොල්ලන්ට වගේ ප්‍රශ්නයක් නෑ. හැමෝම ආගමික භේදයකින් තොරව එතනට ගිහින් පිහිට යදිනවා. ඒක නිසා කරුණාකරලා ඒ ගොල්ලන්ට නිදහසේ ආගම අදහන්න දෙන්න, අන්තවාදී බහුබූත අදහස් රටේ පතුරවන්නේ නැතුව...
දැන් මේ ගොල්ලෝ හමුදාවට හරිම කැමතියි. හැබැයි ඉස්සර ඔය කොටි ඉන්න කාලේ බලන්න ඕනේ.. එ්කට ඉගෙන කොටි සමරපු හැටි. කලේ මාරුවුණාට කොටින්ගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ. නොර්වයි කියන්නේ ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ට උදව් කරන රටක්... එ්කනේ කොහෙවත් ඉන්න නොර්වේ අය අපේ රට ගැන තීරණ ගන්න හැදුවේ....