(නාලක සංජීව දහනායක)
ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට අයත් වත්තල කෙරවලපිටිය කසළ අංගණයට කසළ භාර නොගැනීම හේතුවෙන් කොළඹ මහනගර සීමාව තුළ සිව්වන දිනයටත් අද (8) විශාල කසළ ප්‍රමාණයක් එක්ව තිබෙන ආකාරය දක්නට ලැබුණි.
මේ හේතුවෙන් කොළඹ නගරය පුරාම දැඩි දුඟදක් හමායෑම හේතුවෙන් එදිනෙදා කටයුතු වෙනුවෙන් නගරයට පැමිණෙන ජනතාව මෙන්ම නගරයේ පදිංච් ජනතාවද දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව වාර්තාවේ.
වත්තල කෙළවරපිටියේ කසළ අංගණයේ ධාරිතාවය ඉක්මයෑම හේතුවෙන් පසුගිය 6 වැනිදා සිට කසළ බාරගැනීම නතර කරනු ලැබීය. ඒ හේතුවෙන් කසළ බැහැර කිරීමට නිෂ්චිත ස්ථානයක් නොමැතිවීම හේතුවෙන් එකතු කරගනු ලබන කසළ කොළඹ නගර සභා සේවකයන් විසින් නගරයේ ප්‍රධාන මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවලටද බැහැර කරති.
මරදාන ඩීන්ස් පාර, මරදාන එල්ෆිනිස්ටන් රඟහල ඉදිරිපිට බස්නැවතුම්පළ,රූබී සිනමාහල වැනි ස්ථාන කිහිපයක කසළ බැහැරකර තිබෙන ආකාරය දැකගන්නට ලැබුණි.
මේ වනවිට කසළ බැහැර කිරීමේ කටයුතු හෙට (9) සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රකාශකයෙක් පැවැසීය.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කුණු ගොඩවල් දැක්කම මට ලියන්න හිතුණා. අපේ රටේ අගනගරවලටවත් කුණු බක්කි සහ ඒවා උස්සා ඇතුළට කුණු හලාගෙන යාමට පුළුවන් වාහන ගෙනත් දිය යුතුයි. කුණු බක්කි නගර වාසීන්ට සහ ආයතනවලට විකුණන්න පුළුවන්. වාහන පමණයි නගර සභාව ගත යුත්තේ. මේ කුණු දෑතින් උස්සා පටවන කම්කරුවනුත් මනුස්සයන් බව සිතිය යුතුය.
වෙනස සැපද, එන්න හිතෙන රට..?
ලක්ෂයකින් පඩි වැඩිකරගන්න තියෙන උනන්දුව රටේ කුණු ප්‍රශ්නේ ඉවර කරන්න නැහැ. නගර සභාවල ඉන්න කම්කරුවොත් කප්පන් අරගෙන කසල බෙදලා වෙන්කරලා නොදුන්නත් ගෙනියනවා. හරියට දිරන කෑම වෙන් කරනවා නම් මෙතරම් කුණු ගොඩ ගැහෙන්නේ නැහැ. ඉක්මනට දිරාපත්වෙනවා. ඒ ගැන නීතිරීති හදලා ක්‍රමවත්ව එකතු කරන්නවත් 225 ඇතුළු පළාත්සභා වල ඉන්න නගර සභාවල තමන්ගේ වැසිකිළිය හදන්න කෝටි ගණන් වියදම් කරන සුපිරි නෝනලාටත් වුවමනාවක් නැහැ.
වැඩ බැරි සෝසි ආව දවසේ සිටම කොලඹ නගර සභාව ඉවරයි..
කොළඹ මහනගර සභාව අනුන්ගේ ඉඩම්වලට කුණු දාන්න මිසක් තමන්ගේ කුණු නිස්කාෂණය පිළිබඳව හිතන්නේ වත් නැහැ. එකතු කරන බදුවලට මොනවද කරන්නේ? කුණු නිස්කාෂණය ගැන ඉගෙනගන්න නිලධාරීන් කීදෙනෙක් නගර සභාවෙන් පිටරට වල සංචාරය කළාද?
"මේ සිරි ලකේ" අග නගරේ කොලොම් පුරේ සිරි - කෙසේ වනම් දෝ මේ සිරි කෙසේ වනම් දෝ " ආසියාවේ සංචාරක "හබ්" එක - ඉන්න හිතෙන රට...!
කුණු සියල්ල කන්ටේනර් පෙට්ටියක දමා පිටරට යවන්න.
ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රටක ඉතාම කලාතුරකින් දකින්න ලැබෙන සුන්දර දසුනක්... මෙවන් සුන්දර දසුන් නැරඹීමට ලෝකයේ අනෙකුත් රටවල නොදියුණු ජාතීන් මෙරට සංචාරය කිරීමට පොරකමින් සිටින බව ආරංචියි. කාටද ආඩම්බර..?
එක දවසක් කුණු ගඳ දැනිලා නගරයේ ඉන්න අයට හරිම අමාරුයි. කෙරවලපිටියේ ඉන්න මිනිස්සු ඒ ගඳ ඉවසන් ජීවත්වෙන එක තමා හරිම දෙය කියලා පාලකයන් හිතන එක කණගාටුවකි. සමාජයට නොයෙකුත් ලෙඩ වපුරලා මිනිස්සුන්ගේ ජන ජීවිතයත් අවුල් කරලා. මේක කලේ මෛත්‍රී ඉන්න ජනාධිපති විශේෂ ගැසට් එකක් ගහලා. මිනිස්සු අසරණ කරලා. කුණු එහෙට මෙහෙට ගෙනියන එක නිසා අපේ රට ජරා ජීරණ තත්වයකට පත් කරලා දැම්මා. ජෛව විවිධත්වයට පාරිසරික සමතුලිතතාවයට ඉතාමත් වැදගත්කමක් ඇති මුතුරාජවෙල කුණු දාලා විනාශ කරපු එකට මෛත්‍රී ජනාධිපතිතුමා පැහැදිලිවම සම්බන්ධයි. නිසි දැක්මක් නැතිව වැදගත් ස්ථානයක් විනාශ කරලා දැම්මා. ලොරි එහෙට මෙහෙට ගෙනියන්න රජය දරන වියදමෙන් දිස්ත්‍රික්ක 22කට කුණු වෙන්කරලා ඒවා වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් දේවල් ප්‍රතිචක්‍රීකරණය කරලා ඉතුරු ඒවා පරිසරයට හානි නොවෙන්න, තාක්ෂණය තුලින් අළුකරලා දාන්න පුළුවන්කම තියෙද්දී අනුවණකම පෙන්නලා කිසිම ප්‍රශ්නයක් විසඳන්න වුවමනාවක් නැති කෙනෙක්ට 62 ලක්ෂයක් ඡන්දෙ දීලා එ්කේ විපාක විඳවන එකද රටේ පුරවැසියන් විදියට අපිට උරුම...?