රජරට කිරි ගොවියෝ කිරිපිටි සමාගමේ ප්‍රාදේශීය කාර්යාලය වටලති ප්‍රසිද්ධ කිරිපිටි සමාගමකට සපයන ලද කිරි සදහා ලැබිය යුතු මුදල් ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරි ගොවින් දහසකට අධික පිරිසක් අද (03) එම ආයතනයේ අනුරාධපුර ප්‍රාදේශිය කාර්යාලය වටලා එහි නිලධාරින් සිර අඩස්සියට ගත්තේය. 03 September 2018
පන්තිභාර ගුරුවරිය නැතැයි දඹුල්ලේ පාසලක පළමු වසරේ සිසුන් ආපසු හරවා යවලා තුන්වැනි පාසල් වාරය ආරම්භක දිනයේම දඹුල්ල ප්‍රදේශයේ විදුහලක පළමු ශ්‍රේණිය (ඒ) පන්තියේ දරුවන් පාසල් නොමැතිව නැවත නිවසට හරවා යැවීමේ පුවතක් වාර්තා විණි. 03 September 2018
‘ඒකාබද්ධය සමඟ එක්ව ඇතැම් මාධ්‍ය දැගලූවද ආණ්ඩුවේ මයිල් ගහක්වත් හෙළවීමට බෑ’ ‘ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව ඇතැම් මාධ්‍ය දැගලූව ද ආණ්ඩුවේ මයිල් ගහක්වත් හෙළවීමට නොහැකි’ යැයි මුදල් හා ජනමාධය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 03 September 2018
බදාදා පාර්ලිමේන්තුව නොපැවැත්වීමට හේතුවක් නෑ එළඹෙන බදාදා (5) සහ බ්‍රහස්පතින්දා (6) දිනවල පාර්ලිමේන්තුව නොපැවැත්වීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැතැයි කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 03 September 2018
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස හේමසිරි ප්‍රනාන්දු පත් කෙරේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. 03 September 2018
බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරු සිව් දෙනාට ඇප ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයක් අතුරතුර රාජ්‍ය දේපළවලට හානි කළැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනීසිටි භික්ෂූන් වහන්සේ සිව් නමක් රුපියල් ලක්ෂ එකහමාරක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (3) නියෝග කළාය. 03 September 2018
ව්‍යාජ මුදල් නෝට්ටු 13 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට පිටකොටුව බැස්ටියන් මාවතේ දී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 13 ක් සමග පුද්ගලයකු අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 September 2018
නඩුව අසා නිමවන තුරු ජොන්ස්ටන් ඇතුළු තිදෙනා රිමාන්ඩ් වයඹ පළාත් සභා මැතිවරණයේ දී සතොස මුදල් අවභාවිතා කළැයි චෝදනාවට ලක්ව සිටින පසුගිය රජයේ වෙළඳ ඇමැති ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකු නඩුව අසා නිමවන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (3) නියෝග කළාය. 03 September 2018
හෙරොයින් ළඟ තබාගත් බන්ධනාගාර නියාමක රිමාන්ඩ් හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදී අක්මීමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බන්ධනාගාර නියාමකවරයකු සැප්තැම්බර් 5 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් පී.කේ.එල්.බණ්ඩාර මහතා නියෝග කළේය. 03 September 2018
පාන් ගෙඩියක් රුපියල් 5 කින් ඉහළට පාන් ගෙඩියක මිල අද (03) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 05 කින් ඉහළ දමන බව සමස්තලංකා බේකිරි හිමියන්ගේ සංගමය පවසයි. 03 September 2018
පොරවෙන් ගසා පුද්ගලයකු ඝාතනය කරයි දෙනියාය පොලිස් බල ප්‍රදේශයට අයත් බෙලිඅත්ත කුඹුර ,කොළවෙනිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු පොරවෙන් ගසා අද (02) පස්වරු 5.00 ට පමණ ඝාතනය කර ඇතැයි දෙනියාය පොලිසිය කියයි . 02 September 2018
ලක්ෂ 10 ක ටැමඩෝල් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා ටැමඩෝල් පෙති හයදහසක් සමඟ ජාඇලදී පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 02 September 2018
ඒකාබද්ධයේ රැළියේ දී මහජන සාමයට බාධා කළොත් නීතිමය ක්‍රියාමාර්ග කොළඹදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයේදී ජන ජීවිතයට හා මහජනතාවගේ සාමායට බාධා ඇති කළහොත් සුදුසු උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා පැවසීය. 02 September 2018
පෞද්ගලික බස් වලට විශේෂ චාරිකා තහනම් කරන්නේ විරෝධතාවට බයවෙලා ජනතාව කොළඹට ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වන නිසා ඊට බිය වී සිටින ආණ්ඩුව 01 වැනිදා සිට 08 වැනිදා දක්වා බස්නාහිර මාර්ග බලපත් හිමි පෞද්ගලික බස් වලට විශේෂ චාරිකා තහනම් කිරීම විකාරයක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 02 September 2018
වැඩි සිසුන් පිරිසකට 5 සමත් ශිෂ්‍යාධාර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වන දරුවන්ගේ ශිෂ්‍යාධාර පිරිනමන සිසුන් ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර ඇත. 02 September 2018
රාජ්‍ය සේවයේ සංයුක්ත දීමනාව ඉහළට රාජ්‍ය සේවකයන්ට ලබාදෙන සංයුක්ත දීමනාව (සේවා ස්ථානයෙන් බැහැර සේවා දීමනාව) රුපියල් 700 සිට රුපියල් 1000 දක්වා වැඩිකර තිබේ. 02 September 2018
ආවා කල්ලියේ නායකයා හඳුනාගනී යාපනය අර්ධද්වීපයේ සමාජ විරෝධී අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ ආවා කල්ලියට මේ වනවිට නායකත්වය සපයන්නේ එම කල්ලියේ ආරම්භක නායකයා වන කුමාරේසරත්නම් විනෝදන් හෙවත් ’’ආවා’’ යැයි බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබේ. 02 September 2018
පොලිස් නිලධාරිනිය ඝාතනය කළ පෙම්වතා රිමාන්ඩ් පානදුර වළාන දූෂණ මර්දන අංශයේ සේවයේ කළ පොලිස් නිලධාරිනියක් පිහියකින් කපා සිරුරට ගිනි තබා ඝාතනය කළැයි සැකපිට හාලිඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු 14 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට බදුල්ල දිසා විනිසුරු හා අතිරේක මහේස්ත්‍රාත් තාරක ජනදාස මහතා නියෝග කළේය. 02 September 2018
ගලහ සිද්ධියේ සැකකරුවන් හත්දෙනා රිමාන්ඩ් ගලහ රෝහලේ දී ප්‍රතිකාර සඳහා ඇතුළු කළ දරුවකු මිය යමේ සිද්ධියෙන් පසු රෝහලට අලාභ හානිකර කලබල ඇති කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනා සැප්තැම්බර් 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර වැඩ බලන මහෙස්ත්‍රාත් හරීෆ් ඩීන් මහතා අද (02) නියෝග කළේය. 02 September 2018
ඒකාබද්ධයේ තීරණාත්මක සාකච්ඡාව අඟහරුවාදා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (4) පස්වරුවේදී කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතය. 02 September 2018
අල්ලේ සඟවාගෙන යා හැකි ගිනිඅවියක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට අල්ලේ සඟවාගෙන රැගෙන යා හැකි නවීන පන්නයේ ගිනි අවියක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු දෙමටගොඩ ගුවන් පාලම අසළ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 02 September 2018
එජාපයේ 72 වැනි සංවත්සරය 6 වැනි දා එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ලබන 6 වැනි දා පෙරවරු 9.00ට ආරම්භ වේ. 02 September 2018
ගනේමුල්ල සංජීවගේ ගෝලයෙක් ගිනිඅවි-උණ්ඩ සමඟ අත්අඩංගුවට ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීම සදහා පාතාල සාමාජිකයන් වෙත ටී 56 ගිනි අවි 3 ක් හා මැගසින් 7 ක් හා උණ්ඩ 168 ක් ලබා දී එම අපරාධය සිදුකිරීමට ආධාර අනුබල ලබාදුන් බව කියන සම්බන්ධයෙන් ගනේමුල්ල සංජීව නැමැති පාතාල සාමාජිකයාගේ ගෝලයකු රාගමදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 September 2018
වෙඩි තැබීම් රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙක් අල්ලයි යතුරුපැදියෙන් ගොස් ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අපරාධ සිද්ධීන් රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 02 September 2018
මන්ත්‍රී චන්දිම පොහොට්ටුවට බඳවා නොගන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හබරාදුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක චන්දිම වීරක්කොඩි මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බඳවා නොගන්නා ලෙස එම පක්ෂ නායකත්වයෙන් ඉල්ලා සිටිමේ උද්ඝෝෂණයක් අද (2) හබරාදුව නගරයේ දී පැවැත්විණි. 02 September 2018
කලණ හස්තියා ප්‍රතිකාර සඳහා රිදියගම සෆාරී උද්‍යානයට ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයට අයත් කලණ හස්තියා නේවාසික ප්‍රතිකාර කටයුතු සදහා රිදියගම සෆාරි උද්‍යානය වෙත රැගෙන ගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ මිරිස්ස සමුද්‍ර ජීවී ඒකකයේ ස්ථාන භාර නිලධාරී ඒ.ටී.ආර්.රවීන්ද්‍ර මහතා පැවසීය. 02 September 2018
පාන් ඇතුළු බේකිරි නිෂ්පාදන වැඩි කරනවාදැයි තීරණය අද තිරිඟු පිටි මිල වැඩි වුවද පාන් ඇතුළු බේකරි නිශ්පාදන මිල වැඩි කිරීම සම්බන්ධව අද (02) දිනයේ තීරණයක් ගනු ලබන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය. 02 September 2018
‘ගාල්ල වරායේ කොටසක් විදේශීය සමාගම්වලට හොරෙන් දෙන්න උත්සාහ කරනවා‘ ගාල්ල වරායේ කොටසක් යොදාගෙන ක්‍රියාත්මක කිරීමට යන සංචාරක හෝටල් ව්‍යාපෘතිය ගැන සංවර්ධන කමිටු කිසිවක සාකච්ඡා වී නැතැයි ද එහි ඇත්තේ ගාල්ල වරායේ කොටසක් විදේශීය සමාගම්වලට රහසිගතව ලබාදීමේ උත්සාහයකැයි ද විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. 02 September 2018
මසුන්ට දාන්න ගිය ඩයිනමයිට් බෝට්ටුවේ පිපිරීමෙන් අයෙක් මරුට මන්නාරම, මුහුදු සීමාවේ මසුන් අල්ලමින් තිබූ බෝට්ටුවක සිදුවු පිපිරීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මන්නාරම් පොලිසිය පවසයි. 02 September 2018
‘විග්නේෂ්වරන් තව දුරටත් පක්ෂයට අවශ්‍ය නෑ‘ සුමන්තිරන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා තවදුරටත් දෙමළ ජාතික සන්ධානය තුළ තබා ගැනීමට නුසුදුස්සෙක් බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය. 02 September 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026