(ඩයනා උදයංගනී)
ජනාධිපතිවරණය සදහා රාජපක්ෂ කඳවුරෙන් කුමන අපේක්ෂකයා ඉදිරිපත් කළ ද ගම ඉල්ලන හා ජයග්‍රහණය කරන අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පෙරමුණෙන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
රාජපක්ෂ පවුලේ ඕනෑම අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතිවරණයේ දී පරාජය කිරිමට සූදානම් බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් 2015 ට වඩා පුළුල් සන්ධානයක් ගොඩනගන බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී රටේ බහුතරයගේ මනාපය දිනාගනිමින් අති විශාල ජයක් ලබා ගන්නා බව කී ඇමතිවරයා ඉන් පසුව ගොඩනගන්නේ වසර දහයකටවත් මැතිවරණයක් අවශ්‍ය නැති තරමට ශක්තිමත් ආණ්ඩුවක් බවද ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ දූෂිත පාලනයට විරුද්ධව 2015 දී ජීවිත පරදුවට තබා තීන්දුවක් ගත් කණ්ඩායම ඉදිරියේදීත් තීන්දු ගැනීමට බිය නොමැති බව කී ඇමතිවරයා එදා ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණයකට ගියේ නම් එක්සත් ජාතික පෙරමුණට විශිෂ්ට ජයක් ලබන්නට හැකියාව තිබූ බව ද සදහන් කළේය.
නමුත් එදා පක්ෂයේ ජයග්‍රහණයට වඩා රට ගැන සිතා කටයුතු කිරීම නිසා දේශපාලන අර්බුද රැුසක් මතුවූ බව ද ඇමතිවරයා කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවට එක් වූ ඇමැතිවරු ආණ්ඩුව විවේචනය කිරීම නිසාත්, එම පක්ෂයේ සභාපතිකම භාරගත් මෛත්‍රීපාල සිරිසේන මහතා අංශක 180 කින් වෙනස් වීම නිසාත් ආණ්ඩුවේ ගමන වෙනස් වූ බව කී ඇමතිවරයා ඒ හේතුවෙන් පසුගිය රජය යටතේ මිනීමැරුම්, සොරකම් හා දූෂණ කළ අයට දඩුවම් කිරීමට නොහැකි වූ බව කියා සිටියේය.
වර්තමානයේදී එම දූෂිතයින්, තම ප්‍රතිපත්ති හා මතවාද සියල්ල වෙනස් කරගනිමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදානම්ව සිටින බව කී අමාත්‍යවරයා එවැනි පාලකයින් බිහි කිරීම යහපාලන රජයේ අරමුණ නොවන බව ද කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2015 මම ඇතුළු මගේ පවුලේ සහ යහළුවන් විශාල ප්‍රමාණයක් යහපාලනය වෙනුවෙන් ඡන්දය භාවිතා කළා. හොඳින් මතක තියාගන්න මොන අපේක්ෂකයා ඉදිරිපත් කළත් මෙවර අප කිසිවෙක් නුඹලා වෙනුවෙන් නැවත ඡන්දය දෙන්නේ නැහැ. විශේෂයෙන්ම සිංහල ජනතාව නැවත අවස්ථාවක් ඔබලාට නොදෙන්න වග බලාගන්නවා සිකුරුයි.
"දිනනවා යැයි හිතන" කියලා කිව්වා නම් තමයි වඩාත් නිවැරදි වෙන්නේ. සමහර මාධ්‍ය සමාගම් මඟින් උදේ සවස පුම්බන හැමතැනම එකම දේ කියවකියවා යමින් නැති ජනප්‍රියත්වයක් තියෙනවා යැයි මවාපෑමට උත්සාහ කරන දැනටමත් ජනාධිපති වෙලා වගේ කතාකරන, නැතිනම් වැඩ බැරි එහෙත් මොලකාරයෙක් ලෙසට ප්‍රචලිත ඩීල් කාරයෙක් ලෙස නම්දරා ඇති ගමේ ගොඩේ සාමාන්‍ය ජනතාව කරන කියන දේගැන මෙලෝ අවබෝධයක් නැති කොළඹ හතේ මානසිකත්වයෙන් පෙලෙන මිනිස්සු දාලද දිනන්න හදන්නේ?
සිහින දකින්නට ඔබලාට ඇති අයිතිය ගැන කිසිවක් නොකියමි. දිනන අපේක්ෂකයා ජනතා විශ්වාසයෙන් ඉදිරියට එමින් සිටියි. ඔහු තුළ රටත්-ජාතියත්-ධර්මයත්-පරිසරයත් ගැන ඇති පැහැදිලි චින්තනය අද අප දුටුවා. අපි බලමු. එහෙත් එකක් ස්ථීරව කිව හැකියි. ඒ දිනන අපේක්ෂකයා ආවේ ඔබේ පක්ෂයකින් නම් නොවේ.
ගොන්නු තප්පුලන පලියට ගොවියෝ කලබල වෙන්නේ නැහැ. ඒක නිසා මේක උණ සන්නිපාතයෙන් වගේ කියවන ඒවා ගැන එච්චර කලබල වෙන්න ඕනේ නැහැ.
අසුචි වලවල් ගැන කතාකරනවට හොඳනැද්ද තමන් වැටිලා ඉන්න අසුචි වලේ ඉන්නේ කව්ද කියලා තෝරන තරගයට ඉදිරිපත්වෙන... මේකත් අනුන්ගේ ඇඳුම් හෝදන වැඩක්...
හලෝ තාම මිනිහා තාත්තා ගාවද?
අපි දන්නා තරමින් නම් එක පුද්ගලයෙක් පමණක් රට ගැන හිතලා යමක් කළහෙයින් අද මෙරට වැසියෝ රටේ ප්‍රධාන ආහාරය වන බත් ටික හරි කනවා. අනික් එවුන් කෙලියේම පිස්සු... දැන් ඇති... පොදු ජනයා තීරණය කරාවි දිනවිය යුත්තේ කවුද කියන එක? වැඩි පුරසාරම් අනවශ්‍යයි.
දිනන්න දෙන්න එපැයි.
ඔයාලට වැරදුනේ අර මහා බැංකු කොල්ලය කරපු අයව බේරගන්න රනිල් කරපු ජරා වැඩවලට විරුද්ධ නොවීම.... එදා පක්ෂයක් හැටියට ඒ රනිල්ට ඕනෑවිදියට හොරු හංගන්න ඉඩ නොදුන්නා නම් UNP එකට තවමත් ජනතාව කැමති වන්න තිබුණා. ශ්‍රී දළදා මාලිගාව වටේ රේස් දුවන අය සිටින පොහොට්ටුවට ජනතාව අකමැති වෙන්න තිබුණා. එ්ත් ට්‍රයි එකක් දාලා බලන්න.
බය නැතිව රනිල් ගේන්න. දිනනවා සිකුරුයි.
ඔව් ඉතින් දවල් හීන බලබල හිටපල්ලා..
එහාට, මෙහාට බැණ බැණ ඉන්නේ නැතිව දිනන පැත්තකට පැනගන්න කල්පනා කළොත් නරකද? මෙච්චර හෙණ ගහන රටේ මං කියන්නේ පොඩිම පොඩි එකක්වත්... නෑනේ.. රටේ අවාසනාවට
ඡන්දෙන් පස්සේ දත්ටික ගලවන්න මිනිස්සු මග බලාගෙන ඉන්නවා.
දිනන පක්ෂය තෝරන්නේ මහා ජනතාවයි.
ඉන්න හිතෙන රටකට යන්න හිතන එක වෙලාවෙ හැටියට හොඳම අදහසක්
අවුරුදු 5ක් දුන්නත් බැරි වුණා. ආයේ දුන්නත් ඔය ටික තමා.
ඇත්තටම කියනවද, නැත්නම් කටට ආවට කියනවද කියල හිතාගන්න බැරිව ඉන්නේ.
හැමදාම එකම බණේ. බලය තියෙනකොට කරන්න බෑ. ඉදිරි අවුරුදු වල තමයි ඔක්කොම කරන්න හදන්නේ. මේ පාරවත් ලංකාවේ මිනිස්සුන්ට මොලය පැදෙයිද දන්නෑ
දවල්ද?
පිස්සුද ... ඔලුව හොඳ නැද්ද?
රට කාපු අය... තවත් දොඩවනවා.
තවත් කථා කරවනේ...? ගෙනාවොත් ගේන්නේ ඔබලා වගේම රට කන කෙනෙක්.. ආපහු නම් ඔයාලට ජනතාව අහුවෙන්නේ නැහැ.
‘දිනන අපේක්ෂකයා ගේන්නේ අපි‘ එයාව පරද්දන්නේ අපි...