මව්බිමේ ස්ථාවරත්වයට කිසිවෙකුටත් බලපෑම් කිරීමට තමන් ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී අද (11) පැවැත්වු පොදුජන පෙරමුණු මහ සම්මේලනයේදී රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.
අනාගත දේශපාලනයේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට ලැබුණු අවස්ථාව වගකීමෙන් හා නිහතමානීව බාරගන්නා බව ද ඔහු සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද අදහස් දැක්වීය.
‘අද ශ්‍රී ලංකා දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයක්. මේ පත් කිරීම මම ගෞරවයෙන් හා නිහතමානීව බාර ගන්නවා. අනගාත දේශපාලනයේ විප්ලවීය වෙනසක් කරන්න බාර දුන් වගකීම යුග මෙහෙවරක් ලෙස දකිනවා. මගේ රාජකාරීයේ දී මා සාර්ථකව වගකීමෙන් ඉටුකළා. සීමාවන්ට කොටු නොවී සම්මතයෙන් ඔබ්බට ගොස් ඒ වගකීම ඉටු කළා. අනාගතයේද ඒ සියලු ජනතාව වෙනුවෙන් නොපැකිළ සිදු කරනවා.
රටතුළ පූර්ණ ආරක්ෂාව සැපයීම මාගේ මූලික අරමුණයි. රටේත් දූදරුවන්ගෙත් ආරක්ෂාව මම බාර ගන්නවා. ආගම්වලට ගරු කරමින් සංස්කෘතියට ගරු කරමින් ජීවත් වුණ ජාතියක් අපි. අපේ ශක්තිය එයයි. සියලු දෙනාට එකට ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන බවට මම සහතික වෙනවා. අන්තවාදයට ත්රස්තවාදයට ඉඩ තබන්නේ නැහැ‘ යැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.
ලංකා ඉතිහාසයේ නව ගමනක් ලෙස ඇරැඹු මෙම දේශපාලන ගමනේදී සමස්ථ මැතිවරණ ව්‍යාපාරය නීතිගරුක සදාචාර මැතිවරණ ව්‍යාපාරයක් ලෙස පැවැත්වීමට කටයුතු කරන මෙන් පාක්ෂිකයින්ගෙන් ඉල්ලීමක්ද කළේය.
එමෙන්ම පොලිතීන්,ප්ලාස්ටික් භාවිත නොකර මැතිවරණ ව්‍යාපාරය කළ යුතු බවත් අනික් පක්ෂවලට ආදර්ශයක් විය යුතුයැයිද සිය පාක්ෂිකයින් හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය කතාව අවසානයේදී ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභය ජනපති නම් ලයික් අකමැති නම් ඩිස්ලයික්...
ගෝඨාභය දිනුවොත් ලංකාවේ ඉන්නේ මෝඩ තකතීරු ජාතියක් බව ලෝකයටම පෙනීයනවා.
වටේටම ඉන්නෙත් වැඩිපුරම සුබ පැතුවේත් කලින් රටේ වස්තුව හොරාකාපු කට්ටියමනේ. හිතාගන්න පුළුවන් දිනුවොත් වෙන්න යනදේ. ඇමෙරිකාවේ ඉන්න දරුපවුල සහ ගේදොර වතුපිටි එහෙමත් අත්හැරලද ඡන්දෙට එන්නේ මහත්තයෝ..?
ඕක තමයි ඉතින් ඔයගොල්ලන්ට කියන්න තියෙන වගන්තිය...
මෙන්න ඇමරිකන් පුරවැසියාගේ දේශප්‍රේමීත්වය අපට වඩා කොතරම් ඉහළද?
මෙම ව්‍යාජ දේශප්‍රේමීත්වය... අසීමාන්තික දේශානුරාගය කිසිදා යහපතක් සිදුකර නැත. ජර්මනිය, ජපානය විනාශය විය. එසේවුවද අව්‍යාජ දේශප්‍රේමීත්වයක් තිබූ එ් රටවල් නැවත නැගී සිටියේය. තම ගෙදර කුණු පාරට දමන, වාහනයේ කුණු පාරට දමන මෙරට ජනතාවගෙන් කුමක් බලාපොරොත්තු වන්නද...?
මෝඩයින්ට හොඳයි ඔය කතා...
සාමාන්‍ය දේශපාලකයින් තුළ ඇති බයිලා, ගොන්පාට්, මෝඩ චූන් නැතුව ඉලක්කයකට වැඩ කරන්න ඔබට හැකිවේවා…!!!
අගනා කතාවක්... ඔබතුමා පැවසූ අකාරයටම ඔබතුමා අපේ රටට කොයිතරමක් නම් ආදරය කරනවාද කියලා අර ඇමෙරිකාවට ගිහින් එහෙ පුරවැසිභාවය ලබාගත්ත දවසේ අපර ඕනෑවටත් වැඩියෙන් පෙනී ගියා... ඔබතුමා "පවරාදුන් වගකීම් සියල්ලම කිසිඳු සීමාවන්ට කොටු නොවී ඉටු කළ" ඉස්තරම් ආකාරය අපේ හමුදා මූලස්ථානය දවස් තුනක් ඇතුළත තීරණයක් අරගෙන හෝටලයක් හදන්න චීනුන්ට සින්නක්කරව විකිණූ වෙලාවේ, මුහුද ගොඩකර චීනයට අලුතෙන් නගරයක් හදන්න සින්නක්කරව ලියලා දුන්නු වෙලාවේ, අර ඩොල් කියන ඇමෙරිකානු කෙසෙල් සමාගමට අක්කර දහස් ගණනක වනාන්තරයක් විකුණපු වෙලාවේ, තාජුදීන්, එක්නැලිගොඩ, වැලිකඩ, වැලිවේරිය, සිරස වගේ සිදුවීම් වුණු වෙලාවේ අපි නම් හරිම ලස්සනට දුටුවා මහත්තයෝ... දේශපාලන ප්‍රතිවාදීන්ට හිංසා කරන, පෞද්ගලික අපවාද කරන, බොරුකියා ජනතාව රවටන මැතිවරණ සංස්කෘතිය වෙනස් කරපු අන්දම නම් අපට ඇතිවෙනකල් අහගන්න පුළුවන් වෙයි. සරත් ෆොන්සේකා මහත්තයාගෙන් මගේ හිතේ... ජයවේවා...!!!
ජනතාවට යුද්ධය පෙන්නා සුද්දය දුන් අයට නම් මෙවර නොරැවටෙමි. සියළු රටවැසියනි, රට, ජාතිය මංකොල්ල කාරයින්ගෙන් බේරාගැනීමට නාගානන්ද දිනවමු.
පැරණි හොරු අලුත් විදියට එන්නේ මෙහෙමයි.
වතුවැඩ කාරයින්ට ජයවේවා...!!!
ගෝඨා ලංකාවේ ජනාධිපති වුණාම ලෝකේ වටේ රවුම් ගහන්න බැහැනේ. ගෝඨාගේ නෝනා නම් පසුගිය සතියේ ඇමෙරිකාවට ඇවිත් ආපසු ගිය වගයි අපට දැනගන්න ලැබුනේ...
දෙමව්පියන්ගේ සොහොනට මිලියන ගණන් වියදම් කෙරුවේ ජනතාවගේ මුදල්... හරියට නැවත පණගන්න වගේ පැරදුනොත් වහකන්න වෙන්නේ.. වෙන රටවල මේවගේ කට්ටිය ඉන්නේ හිරගෙවල්වල... බලය අයුතු ලෙස පාවිච්චි කරමින් රටට, ජනතාවට කරපු විනාශයට.. කෝ මේ අධිකරණ ඇමතිලා? ඇයි නීතියට වැඩ කරන්නේ නැත්තේ? පොඩි මිනිහට වරදක් කරලා බේරෙන්න හැංගුණොත් කොහොම හරි හොයාගන්නවා. නීතිය සැමටම එකද? හිරගෙවල් වල ඉන්න අසරණයින් නිදහස් කරන්න... රටේ දේපල, මුදල් හොරාකපු අය එළියේ...
ඊට ඉස්සෙල්ලා වැලිකඩ ඉන්න පුළුවනි .
සමහර ප්‍රතිචාර දිහා බැලුවම යුද්ධය අවසාන නොකර හිටියා නම් හොදයි කියලා හිතනවා...
කොයි මව්බිමද? උපන් එකද? නැත්නම් අවුරුදු 17ක් හිටපු එකද?
අපි බලාපොරොත්තු වෙනවා පොදු නීතිය, ආරක්ෂාව සහ රටේ පිරිසිදු භාවය.
මව්බිමේ ස්ථාවරත්වයට කිසිවකුටත් බලපෑම් කරන්න දෙන්නේ නැහැ. දැන් ඔයා ජනපති වෙලාද? ඔවැනි ප්‍රකාශ කරන්නේ දිනුවට පසුවයි. මෙහෙව් මෝඩයින්ටනේ රටක් බාරදෙන්නේ?
මෙතන ලියන ඇමරිකානු විරෝධීන්ට.., ඇමෙරිකානු පුරවැසිකම දෙන්න කතාකළොත් කීයෙන් කීදෙනා නොගෙන ඉඳියිද?
හාර්ට් එකට 'බයි-පාස්' කළාට ඇමෙරිකාවේ නඩුවලට බයි-පාස් බැරිවෙයි. මොකද පුරවැසිකම අයින් කරගන්න දෙන දිවුරුමේ මෙහෙම තියෙනවා "මාගේ පුරවැසිභාවය ඉවත්කර ගැනීමෙන් මා මීට පෙර කළ හෝ මින් ඉදිරියේදී කරන ලද ඇමෙරිකානු නීතිය කඩකරන වරදක් සම්බන්ධයෙන් ඇමෙරිකානු නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම්වලින් මා නිදහස් වන්නේ නැති බවට එකඟ වෙමි "
දැන් බලාගන්න පුළුවන් වෙයි.. කොන්ද පණ ඇති විනිසුරුවන් ලංකාවේ ඉන්නවද කියලා.. කොඳු නැති අය මරණ බියට මෙයාගේ නඩුවලින් ඉවත් වෙයි.
වෙන කවුරු නැතුවත් ලසන්ත ආව ගමන් පරාදයි.. හෘද සාක්ෂිය දන්නවා ලසන්තව මැරුණේ කොහොමද කියලා.
කොණ්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියන්න සීයේ. 70 පැනපු නිසා වයර් ශෝර්ට් වගේ... සිරිසේන හොඳයි බලන් ගියාම... පොහොට්ටුවත් ඉවරයි මේ ජෝකර්ලා නිසා...!
"උතුරේ ජනතාවට විශේෂිත ගැටළු පවතින බව පිළිගන්නා බවත් තම පාලනයක් තුළ අනිවාර්යයෙන්ම එම ගැටළුවලට විසඳුම් ලබාදෙන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි" - ලංකාවෙ දෙමළ මිනිස්සුන්ට ' කල්ලතෝනි ' කියලා කියන බමුණා මේකට මොකද දන්නෙ නැහැ කියන්නේ? ගොට්ලර් ඊයේ වෙනකම් කිව්වේ දෙමළ මිනිස්සුන්ට යුද්දෙන් පස්සෙ ප්‍රශ්න නැහැ කියලනේ...
බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් උනොත් ඔයාලා පුරවැසිකම හොයනවද.. ගෝඨාභයගේ පාලනය යටතේ ගිය ආණ්ඩුව පැවතුනේ නැහැ. වෙනත් පාලකයෙක් යටතේ හැබැයි ගෝඨාට පැවරුණ වගකීම යුද්ධය අවසන් කිරීමත්, ඉතාමත් පිරිසිදු නගර නිර්මාණයත් උපරිමයෙන්ම සාර්ථක බව අමතක කරන්න එපා. හරි ගිය ආණ්ඩුවේ ඒ වගේ සාර්ථක වුණ එක දෙයක් කියන්නකෝ. ආසයි දැනගන්න. හොරකම් නම් කවුරු ආවත් කරයි. හා නැද්ද. හැබැයි සමහරු හොරකම් විතරයි...සමහරු සංවර්ධනයත් එක්ක හොරකම්....
සමරේ, කොළඹ කුණු කොහාටද ගියේ කියලා ඔය දන්නවාද? කොළඹ සුද්ද කරලා තව පළාතක් ජරකරන එකද හරි...? ගෝඨා යුද්ධයේදී ත්‍රි පුද්ගලයින්ගේ එක්කෙනෙක් පමණි. රටක් පාලනය කරන්න මෙයා නුසුදුස්සෙක්...
බලපෑම් කරන්න රටක් ඉතුරු වෙන්නෙත් නැහැ
මගේ මව්බිම කියල කියන්නේ ඇමෙරිකවටද ලංකාවටද මා නොදන්නා නිසා අහන්නේ