(දයාරත්න ඇඹෝගම)
මහවිලච්චිය වම් ඉවුරේ කුඹුරු යායකදි මුවෙකු ඇනිම නිසා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උප නියාමකවරයෙකු අද (11)දින මියගිය බව විලච්චිය පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අංක 257,වම් ඉවුර,මහවිලච්චිය පදිංචිව සිටි ජි.ආර්.ලක්ෂමන් ප්‍රියංකර සේනාධීර(44)නැමති සිවිල් ආරක්ෂක බලකායේ උප නියාමක වරයෙකි.
ඔහු විල්පත්තුව සිවිල් ආරක්ෂක බලකායේ මහවිලච්චිය උප කාර්යාලයට අනුයුක්තව සේවය කල උප නියාමකවරයෙකි.
මියගිය මෙම උප නියාමකවරයා සිය කුඹුරේ වගා කොට ඇති වට්ටක්කා සහ වී වගාව පරික්ෂා කර බැලිම සදහා අද (11)දින කුඹුරට පැමින ඇතැයි පොලිසිය කියයි.
ඒ අවස්ථාවේ මුවෙකු පිටුපස සුනඛයන් කිහිප දෙනෙකු ලුහුබැද යද්දි මෙම පුද්ගලයාද ඒ පසුපස දිව යාමේදි මුවා විසින් ඔහුට සිය අං තට්ටුවෙන් පපුවට ඇන ඇතැයි පොලිසිය කියයි.
පසුව කුඹුරැ යායේ සිටි පුද්ගලයන් හදිසි ගිලන් රථ සේවයට දුරකතන ඇමතුමක් ලබාදි ගිලන් රථයක් ගෙන්වා ගෙන තුවාලකරැ විලච්චියට රෝහලට ඇතුලත් කොට තිබේ.
විලච්චිය රෝහලේ ප්‍රතිකාර ලබාගනිමින් සිටියදි ඔහු මියගිය බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් විලච්චිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද දන්නේ නැහැ... ඒයා මුවා පස්සේ දිවුවේ. අනික පිටිපස්සෙනුත් නෙමෙයි ඇනලා තියෙන්නේ.. ඉස්සරහින්
මට නම් හිතෙන්නේ මුවාව දැක්කම මෙයා මුවා පස්සේ එලවළා මුවාව අල්ලගන්න හදන්න ඇති.. එතකොට තමයි මුවා ඇනලා තියෙන්නේ. මුවාගේ පස්සෙන් පන්නපු කෙනාගේ පපුවට කොහොමද මුවා අනින්නේ? අනෙක මුවාගේ උසයි, මිනිහගේ උසයි බලනකොට මුවා පපුවට ඇනීම ගැන පොඩි ගැටළුවක් තියෙනවා. හොඳ වෙලාවට මෙයා අතේ ආයුධයක් තිබුනේ නැතුව ඇති. ඒ නිසා අහිංසක සතාගේ ජීවිතේ බේරුණා. ආයුධයක් නැති නිසා අත්දෙකෙන් මුවාව අල්ලාගන්න හදන්න ඇති.. එතකොට තමයි මුවා පපුවට අනින්න ඇත්තේ. කොහොම වුණත් සොබාදහමෙන් දිපූ දඬුවමක්....
දුවන මුවන් දැක නොදමනු නෙළූ පලා.
මදැයි , මුව මස් කන්න හැදුව අනේ අප්පේ මෙහෙමත් මිනිස්සු .