(ඉන්දිකා රාමනායක)
තමන් අත්අඩංගුවට ගැනීම පදනම් විරහිත බවට සඳහන් කරමින් මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය වෙත යොමුකර තිබූ අභියාචනය ජාත්‍යන්තර පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පැවසීය.
තමන් වරදක් සිදුකර නොමැති බවත් එසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් තමන් වෙත රතු නිවේදන නිකුත් කිරීම නීතිවිරෝධී බව පවසමින් අර්ජුන් මහේන්ද්‍රන් මහතා ජාත්‍යන්තර පොලිසිය වෙත මෙම අභියාචනාව ඉදිරිපත් කර තිබූ බවද අබේසේකර මහතා කියා සිටියේය.
මෙම රතු නිවේදනය නිකුත් කිරීමට හේතුව හා යොමුකර තිබු ලේඛන සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර එය නිවැරදි ආකාරයෙන් ඉදිපත් කර ඇති බවට තොරතුරු තහවුරු කරගෙන මහේන්ද්‍රන් මහතාගේ අභියාචනය ප්‍රතික්ෂේප කර ඇති බවද ශානි අබේසේකර මහතා කියා සිටියේය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව නිකුත් කර ඇති රතු නිවේදනය තවදුරටත් එලෙසින්ම කි‍්‍රයාත්මක වෙමින් පවතින බවද ශානි අබේසේකර මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතු පාට නිවේදන තිබුනට කොළ පාට නිවේදන ඊට වඩා ප්‍රබලයි.
මහේන්ද්‍රන් කියයි මම කිසිවරදක් කරලා නැහැ... බොරු නම් රනිල්ගෙන් අහන්න කියලා...
කෙහෙල් කැනක් හොරකම් කළොත් ඉන්න තැන හොයාගන්නවා. නමුත් මහබැංකුව සුද්ද කරලා මහජන මුදල් විනාශ කළ කෙනෙක් හොයාගන්න තවම බැරි වුනානේ. මෙයාගේ යාලුවන් දන්නෙත් නැහැ ඉන්න තැන...
මෙයාව හොයාගන්න බැහැ කියනවා නේද? ඉතින් ඔය ඉන්නේ, අල්ලගෙන එන්න කියන්නකෝ...
ඒ කියන්නේ මහේන්ද්‍රන් ඉන්න තැන ජාත්‍යන්තර පොලිසිය දන්නවා කියන එකද?
මෙම වංචනිකයාට එය සිදු කිරීමට මෙන්ම රටින් පැනයාමට උදව් කළ, තවදුරටත් මෙරට දේශපාලනයේ ඉහළින් වැජඹෙන කීපදෙනා හට නීතිය ක්‍රියාත්මක නොවීම මුළු ශ්‍රී ලාංකීය ජාතියේම අභාග්‍යයකි...
සනී ලොක්කෝ අපිට ඔබ විශ්වාසයි. මහේන්ද්‍රන්ව ගේන්න.
ලෝකෙන් උතුම් රටවන මේ හොරුන්ගේ පාරාදීසය පාලනය කිරීමට ඔබවැනි කම්බා හොරෙකුගේ අවශ්‍යතාවය තදින්ම දැනෙන මොහොතක්. ඔය සිංගප්පූරු පුරවැසිකම අතහැර මේ රටට වඩින්න. ඇත්ත වශයෙන්ම, ඔබවැනි විශිෂ්ඨයින් අයත් විය යුතුව ඇත්තේ, සිංගප්පූරුවට නොව මේ සිරි ලංකාවටයි...
තත්වය එහෙම නම් ඔහුව අත්අඩංගුවට අරන් අපට භාර දෙන්න කියලා රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් සිංගප්පූරුවෙන් ප්‍රබල ඉල්ලීමක් කරන්නේ නැත්තේ මොකද? ජනාධිපතිතුමා මොකද මේ ගැන කියන්නේ? ඔබතුමා කිව්වනේ ඔබ එහි ගිය වෙලාවේ එහෙ පාලකයන් ඔබව හොඳට පිළිගත්තා කියලා? රාජ්‍ය තාන්ත්‍රිකව මෙහෙම සුළු දෙයක්වත් කරගන්න බැරිනම් අපේ බදුසල්ලි කෝටි ගණන් වියදම් කරමින් මේ රටවල සවාරි යන එක වැඩක් තිබෙනවද?
අයියෝ.., රෝහල්ගත වෙන්න බැරි වුණාද?