ඕස්ට්‍රේලියාවේ හමුදා කණ්ඩායමක් ලංකාවට
ඉන්දීය සාගරයේ පොදු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඕස්ටේ්රලියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගිතාව වර්ධනය කර ගැනීමට ‘ඉන්දු - පැසිෆික් එන්ඩේචර් 2019’ වැඩසටහන යටතේ ඕස්ටේ්රලියානු ඒකාබද්ධ කාර්ය කණ්ඩායමක යුද, නාවික සහ ගුවන් හමුදා අංශ වලින් සමන්විත කණ්ඩායමක් හෙට (23) ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන බව මෙරට ඕස්ටේ්රලියා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.