IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ඇතින්නියන් තිදෙනකුගේ මළ සිරුරු හමුවෙයි

(කාංචන කුමාර ආරියදාස)

හබරන හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේ තිබී අද (28) දහවල් වනවිට තවත් මියගිය ඇතින්නියන් තිදෙනෙකුගේ මළසිරුරු හමු වූ බව වනජීවී නිලධාරීහු පවසති.

ඒ අනුව මේ වන විට මිය ගිය ඇතින්නියන් 7 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට හැකි වූ බව වනජීවී නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.

ඊයේ (27) වනවිට වන අලින් 4 දෙනෙකුගේ මළ සිරුරු සොයාගත් අතර අද (28) අලුයම  එක ඇතින්නියකගේ මළසිරුරක් සොයාගත් බවත් එම ඇතින්නිය ආසන්නයේ වයස අවුරුදු 4ක පමණ කුඩා පැටවකු රැඳී සිටීම විශේෂත්වයකි.

මෙම කුඩා අලි පැටවා තම මව මියගිය බව නොදැන මව අසලට වී රැඳී සිටින ආකාරයත්, එමෙන්ම කිසිවකුටත් එම ස්ථානයට ළංවීමට ඉඩ නොදී මව බලා ගන්නා ආකාරය ද බොහෝ දෙනෙකුගේ සංවේදී දර්ශනයක් බවට පත්විය. එමෙන්ම මෙම කුඩා අලි පැටවා සිය මියගිය මවගේ මුඛයට සහ සිරුරට ස්පර්ශ කරමින් නැගිට්ටවීමට සඳහා උත්සාහ කරන අයුරුද දැක ගැනීමට හැකිවිණි.

සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්  යුද හමුදාව හබරණ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් මළසිරුරු ඇත්දැයි සොයා සිදුකරන මෙහෙයුම් පෙරවරුවේ ආරම්භ විය. මෙම මෙහෙයුමේ දී යුද හමුදා නිලධාරීන් කණ්ඩායමට සහ ප්‍රදේශවාසීන් කණ්ඩායමකට  රක්ෂිතය තුල  තිබී  ඒ ආකාරයෙන් තවත් ඇතින්නියන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමු වූ බව වනජීවී නිලධාරීහු පවසති.

මියගිය වන අලින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ සිදුකරන ලදී. කුඩා අලි පැටවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට ඉඩ නොදෙන නිසා එම වන අලි පැටවා නිර්වින්දනය කොට වෙනත් ස්ථානයකට පළවාහැර  පරීක්ෂණ කටයුතු කිරීමට වනජීවී නිලධාරීහු ක්‍රියා කළහ.

දැනට හමුවූ  මළසිරුරු 7ම ගැහැණු සතුන්ගේ වීම විශේෂත්වයකි. එමෙන්ම මෙම සතුන් ගැබ්බරව සහ කුඩා පැටවුන් සහිත මව්වරුන් බව වනජීවී නිලධාරීහු කියති.

මෙම සතුන් මියයෑම  පිළිබඳව තවමත් නිශ්චිත ප්‍රකාශයක් කිරීමට නොහැකි බවත් තවදුරටත් ඒ පිළිබඳව පරීක්ෂා කරන බව වනජීවී නිලධාරීහු  සඳහන් කළහ.

මියගිය වන අලින් නැරඹීම සඳහා දෙස් විදෙස් ජනතාව විශාල වශයෙන් හබරණ   රක්ෂිත ප්‍රදේශයට පැමිණ සිටි අයුරුද එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් ජනතාව ලොකු කුඩා සියලු දෙනාම කියා සිටියේ වන අලින් ඝාතනය වීම පිළිබඳව දැඩි කම්පනයකට පත්ව සිටින බවය.
 



අදහස් (19)

ඇතින්නියන් තිදෙනකුගේ මළ සිරුරු හමුවෙයි

Shan Saturday, 28 September 2019 09:36 AM

ආණ්ඩුවට අලින්ගෙන් වැඩක් නැහැ. හංසයෙක්ට මොනවා හරි වුණොත් එයාලා බලයි. අනේ අපේ රටේ අලි සම්පතට ගිය කලක්..

:       286       330

dilan Saturday, 28 September 2019 11:57 AM

අපේ අර ඒ දණ්ඩේ යන, ක්‍රිකට් ගහන, දුවන පනින අපේක්ෂකතුමා නම් නිතරම යාල වනෝද්‍යානයේ සැරිසරන්න රුසියා.. හැබැයි වන සතුන්ට ආදරේට නෙමෙයි, වන සතුන්ගේ මසට ඇති කෑදරකමට...

:       2       113

AnuraSaturday, 28 September 2019 02:13 PM

ඇයි අනිත් පැත්තෙන් තරඟ කරන එක්කෙනා කැලෙන් හොරකන් කරපු අලි පැටියෙක් ගෙදර තියන් ඉඳලා නඩුවකුත් ගියා නේද? වන ජීවි එකේ අය කියන විදිහට මේකත් ඒ වගේ සිද්ධියක් කියලා තමයි ඒ ගොල්ලෝ සැක කරන්නේ...

:       131       82

RaveendraSunday, 29 September 2019 02:13 AM

අනිත් පැත්තේ "එකා" හෝ මේ පැත්තේ "එකා" හෝ මොන පැත්තේ "එකා" වුනත් වැඩේ වැරදි නම් වැරදි ලෙස දැකීමට අප වැඩිදෙනෙකු අකමැතිවීම යනු අප මොනතරම් මෝඩ තකතීරු ඡන්ද දායකයන්දයත් අපටම නොතේරීම අභාග්‍යයක් නොවේද යන්න" අනුර සහ ඩිලාන් මයාගෙන් විමසීමට කැමැත්තෙමු.

:       0       0

janahitha Sunday, 29 September 2019 03:40 AM

මුග්ධ සිංහලයා දේශපාලන වශයෙන් බෙදී ඇති සැටි? ආගමටත් වඩා තම පාරම්පරික දේශපාලන විශ්වාසය පෙරට තබා කටයුතු කරයි. හේතුව වැඩ කිරීමට රට නැගීමට ඇති කම්මැලි කම, අලස බව හා කාලය කා දැමීම...

:       0       0

AmilaSunday, 29 September 2019 07:45 AM

මිනීමස් කන අපේක්ෂකයා පරදියි කියලා බයට කියන කතා.. !

:       0       2

Sudubanda Saturday, 28 September 2019 12:09 PM

අපේ රටේ මිනිස්සුන්ට දේශපාලනයෙන් තොර කිසිම දෙයක් නොමැත. ලෙඩක් හැදිලා කැලේ සතෙක් මැරුණත් ඒකට අදහස් දාන්නෙත් ආණ්ඩුව ගාගෙන..

:       103       90

praba Sunday, 29 September 2019 03:44 AM

නව නිර්මාණවලට වැඩකිරීමට ඇති කම්මැලිකම නිසා දේශපාලනයෙන් ගොඩඑන්න බලන මිනිස්සු පහසුවෙන් මුදල් උපයන්න කුඩු ව්‍යාපාර, ත්‍රී වීල් එළවීම ආදියට වඩා කැමති ජාතියක් අනෙකාගේ කකුලෙන් අදින්න මඩ ගහන්න තම විශ්වාසයම තහවුරු කරන්න හොඳම ක්‍රමය තමයි දේශපාලනය...

:       0       0

Priyanka Sandaruwan Saturday, 28 September 2019 12:25 PM

මේ සඳහා කවුරුහරි මිනිස්සු සම්බන්ධ නම් ඔවුන්ට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි.

:       0       60

Priyanke IndunilSaturday, 28 September 2019 03:20 PM

ඔය "තරාතිරම නොබලා දඬුවම් දෙන" කථාව නම් අහලා ඇති වෙලා !

:       0       14

Akila Saturday, 28 September 2019 01:19 PM

සාමාන්‍යයෙන් අලි රංචුවක ඉන්නේ ඔක්කොම ගැහැණු සත්තු නේද? මේක වසදීමක් නම් ඒ කාලකන්නින්ට අනිවාර්යයෙන්ම මිනීමරුවන්ට දෙන දඬුවම් දියයුතුයි.

:       98       158

AmilaSunday, 29 September 2019 07:47 AM

දඬුවම් දෙන ඒවා නම් වෙන්නේ නෑ ජීවිතේට යාලුවා... මාධ්‍යවේදීන්ව මරපු කාටවත් දඬුවම් ලැබිලා නෑනේ..

:       0       0

janahitha Sunday, 29 September 2019 09:45 AM

ඔය කියන දෙන්නම මුදල්වලට කොටින්ට හමුදාව ජනතාව පාවා දුන්න අය මාධ්‍යවේදීන් නොවේ. ද්‍රෝහීන් හිස ගසා දැමීම කළ යුතුමයි.

:       1       5

ගගන Saturday, 28 September 2019 05:50 PM

අලි ඇතුන් ගෙවල් වලට ඇවිල්ල හානි කරන එක නවත්තන්න ගමේම එවුන් සෙට් වෙලා මේක කළා කියල තමයි මට හිතෙන්නේ. අර සමහර මිනී මරුවෝ පොලිසිය ආපුවහම මුකුත් නෑ වගේ මරුන අයව බලන්න එනවා වගේ ඕක කළ එවුනුත් ඔතනම ගැවසී ගැවසී ඇති. ඕකුන් අල්ලලා ගස් බැඳලා කකුල් වලට වෙඩි තියන්න ඕනේ ආයේ ඇවිදින්න බැරිවෙන්න.

:       0       0

janahiha Sunday, 29 September 2019 03:48 AM

යම්කිසි පෙරහුරුවක් වෙන්න පුළුවන්... එක පිරිසක් තව පිරිසක් අවසන් කරන්න යෙදු වැඩපිළිවෙලක ... අවධියෙන් සිටි, වසර දහස් ගණනකට පෙර අප විසින් මෙහි සිටි ආදිවාසීන් නැති කළෙත් රාජ්‍ය උත්සවයක් කැඳවා ඔය විදිහටලු.. දැන් පෙර පව් ගෙවන්න කාලය හරිවත්ද?

:       0       0

Chanak los angeles Sunday, 29 September 2019 03:50 AM

කොළඹ ලස්සන කරන්න ගිහින් නගරයේ නිදා සිටි යාචකයින්ගේ ඔලුවලට ගල්වලින් කුරිරු ලෙස පහර දී ඝාතනය කළ බුදුන් වැඩි අපේ දේශය.. පෘතුවි තලයේ මේතාක් කල් නිර්මාණය වී ඇති මිල තක්සේරුවක් කළ නොහැකි මිනිස් ජීවිතවලට එසේ විනකළා නම් මිලක් නියම කළහැකි වන සතුන්ට අත්කර දෙන ඉරණම ගැන කවර කතාද?

:       77       1

Black Horse Sunday, 29 September 2019 04:19 AM

යාගයක් කරන්න කියලා තමයි අලි මරලා තියෙන්නේ. ඇතින්නියෝ 7ක්ම මරලා.

:       0       0

Saman Sunday, 29 September 2019 04:22 AM

මේ සිද්ධිය අද ජාතන්තර මාධ්‍ය ගණනාවක්ම වාර්තා කරලා තිබ්බා. මට නම් ඒවායේ දාලා තිබ්බ ප්‍රතිචාර කියවන්නත් ලැජ්ජයි. වෙන රටවල මිනිස්සු හිතන්නේ ලංකාවේ ඉන්නේ වනචාරී ගතිගුණ තියන මිනිස්සු කියලා. මේවගේ සිදුවීම් අපේ සංචාරක කර්මාන්තයටත් බලපානවා.

:       0       0

kaveesha Sunday, 29 September 2019 05:01 AM

අපේක්ෂක තුමෙක් අපල දුරුවෙන්න කියලා ඇතින්නියන් 7ක බිලි පූජාවක් කරලා කියලයි ආරංචිය.. අලි ගැන හොඳට දන්න කෙනෙක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්




ඡන්ද වැඩ කරන නිලධාරීන්ට හෙට නිවාඩු
2025 මැයි මස 07 31 0

පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ දී ඡන්ද ගණන් කිරීමේ ප්‍රතිඵල වගුගත කිරීමේ හා එකී කාර්යයන්ට සහය සේවා සැපයීමේ රාජකාරී සඳහා සහභාගී වී ඊට අදාළ පැමිණීමේ සහතික




මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 839 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1258 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site