(නාලක සංජීව දහනායක)
ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරනු ලබන පළමු ජනරැළිය විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ලබන මස 9 වැනිදා පස්වරු 3.00ට පැවැත්වේ.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා විසින් මෙය සංවිධානය කරනු ලබයි. ඒකාබද්ධ විපක්ෂය ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන දේශපාලන පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ සදහා සහභාගිවීමට නියමිතය.
එමෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහත්වරුන් සහභාගිවන ජනරැළි දෙකක් සෑම දිස්ත්‍රික්කයකම පැවැත්වීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. ඊට අමතරව ආසන මට්ටමින් කුඩා ජනරැළි මාලාවක් පැවැත්වීමටද ඔවුන් තීරණය කර ඇත.
ඊට අමතරව ලබන ලබන මස 1 වැනිදා සිට අවස්ථා තුනකදී ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද සැළසුම්කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවැසීය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය ලබන මස 15 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිත බවද එහි ප්‍රකාශකයෙක් කීය. මේ වනවිටත් ප්‍රතිපත්ති ප්රකාශනය සකස් කිරීමේ අවසන් අදියරට ළගාවී තිබෙන බවද එම ප්‍රකාශකයා කීය.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහත්වරුන් වසර දෙකක් තිස්සේ කරන ලද සමීක්ෂණයකින් පසුව හඳුනාගත් ක්ෂේත්‍ර 29ක් ආවරණයවන පරිදි විද්වත් මණ්ඩලයක් මගින් මෙම ප්‍රතිපත්ති ප්රකාශනය සම්පාදනය කෙරනෙ බව ද හෙතෙම සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැලිය ලස්සන වෙන්න නම් ඉස්සරහම පේලියේ අලුත් ගමගේ, රෝහිත අබේගුණවර්ධන, ගම්මන්පිල, වීරවංශ වාඩි කරන්න.
සෙනඟ පෙන්නුවාට මැතිවරණ දිනන්න බැරි බව 2015දී ඔප්පු වුණා. 10 වෙනිදාට ගාලුමුවදොරටත් සෙනඟ පුරවයි. එ්ත් ඡන්දය දිනන්න නම් හරි ප්‍රතිපත්ති මාලාවක් ජනගත කරන්න වෙනවා. යුද්ධය සහ විදුලි පුටු විකුණපු කාලෙත් අවසන්. දැන් දැන් වෙල්ගම මහත්තයත් හොට දාන බව පෙනෙන නිසා සමහරවිට කාටවත් 50% වැඩිපුර 1කුත් ගන්න බැරිවෙයි.
ආයෙත් ඉල්ලන් කන සොඳුරු මොහොත.. දැන් එක මහල්ලෙක් මදිවට ඇමරිකන් මහල්ලෙකුත් අරන් ඇවිත්..! මහල්ලන්ගේ පොදු පෙරමුණ වගේ නමක් දාගත්තා නම් ලස්සනට ගැලපෙනවා..
"විපක්ෂනායක මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහත්වරුන් වසර දෙකක් තිස්සේ කරන ලද සමීක්ෂණයකින් පසුව හඳුනාගත් ක්ෂේත්‍ර 29ක් ආවරණයවන පරිදි විද්වත් මණ්ඩලයක් මගින් මෙම ප්‍රතිපත්ති ප්රකාශනය සම්පාදනය කරන බවද හෙතෙම සඳහන් කළේය." එතකොට අර වියත්මග, එළිය සම්මන්ත්රණවල කතා කරේ මහින්ද සහ බැසිල්ගේ අදහස්ද? හපෝ... ගෝඨාගේ දර්ශනේ...
සිරිමල් එතකොට සජිත් හොඳ ප්රතිපත්තිමලාවක් ඉදිරිපත් කරලද දැන්? හැමදේම නිකන් බෙදන මානසිකත්වයක් ඇතිකරන එකනේ එයාගේ ප්‍රතිපත්තිය.
වයස 70, 80 නාකි මිනිසුන් ඉන්න ඕනේ මෙහෙද?
දිලන්ත ඔය ඔක්කොම බොරු ටෝක්ස්... ඒ ලයිසන් කාලෙට ලොරි කතා. පිටුගණන් කරන වැඩ. අවුරුදු 70ක් කලේ ඔය බොරු සෝබන. දින්න දවසට පස්සේ ඔය හැත්ත අල්ලන්න තියා දකින්නත් නැහැ. මේ සැරෙත් ලෑස්තිවෙන්නේ ඔය නාස් ලණුව දාන්න. අපි මේ සැරේ අයට නාස් ලණුව දාමු...
ගෙයින් ගෙට යන්න අවශ්‍ය නැහැ. ජනතාව දැනුවත් කරන්න මෙයාලා හිතනතරම් ජනතාව බබ්බු නෙමේ. අවුරුදු හතරකට සැරයක්... මෙවැන්නන් ජනාධිපති වෙනබව සැවොම දන්නවා ජනතාවට වැඩිය විශ්වාස දේවාලේ කපු මහත්තයා නේද? එහෙම එකේ දේවාලෙන් දේවාලෙට ගොස් පන්සලේ රැස්වීම තියන්න, දේවාලේ කපුවන්ට, ආනමාලු, කෝලිකුට්ටු කවලා, රත්තරන්වලින් පොරවනවා, ජනතාවගේ මුදලින්, රටට වැඩ කරන, බදු ගෙවන ජනතාව බඩගින්නේ, බෙහෙත් ටිකක් නැහැ, කන්න නැහැ, ඒ වුණාට රැකියාවක් නොකරන පුත්තු ජයට මගුල් කනවා. කොහෙන්ද මේ මුදල්? දැන් බලය අරගෙන රටේ සම්පත් සේරම පවුලට එකතුවුණු ලේලිලාගේ පවුල් වලට බෙදලා දෙයි. හිඟන්නෙක් පත්කෙරුවත් මේ අයට එන්න ඉඩතියන්න එපා. කෝ උදයංග, ඩේසි ආච්චි? හැම ආයතනයක්ම විනශකෙරුවා පවුලේ අය. ඒ ණය අසරණ ජනතාව තවමත් ගෙවනවා. අනුකම්පාවක් නැති යක්ෂයින් බොරුවට සුදු ඇඳගෙන මල් වට්ටි අතේ තියන් ඉන්න පෙරේත ගොටු තමයි.
මහල්ලන්ට ඡන්දය දාලා වැඩක් තියනවද?
අපිට පුළුවන් ජනතාව දැනුවත් කරන්න.. අපේ රටට අවශ්‍ය පවුල් බරින් තොර නායකයෙක්. තරුණ, කොන්ද පණ තිබිය යුතුමයි. පෙරේත ගොටුවලට මේ රට බාර දුන්නා කියන්නේ සදාම් හුසේන් නැවත ඉපදුණු එක... ඔහුගේ පුත්තුත් කෙරුවේ පියාගේ බලයෙන්... රජ්ජුරුවන්ගේ පුත්තු අවුරුදු හතරකට උඩදී කරපු සෙල්ලම් මතකනේ නූගත්කම නිසා, ඔවුන්ගේ නූගත් කමට. අසරණ දරුවන් පලි නැහැ. රජ්ජුරුවොයි, බිසවයි නූගත් දරුවන්ගේ මැර ක්‍රියා හෙලාදුටුවා. අධිකරණ නොමග යවමින් මේ කට්ටිය සැපගන්න මිසක් ජනතාව පිනවන්න එන්නේ නැහැ. ගෙදරට වෙලා දොරවහගෙන ඉන්න. ලොකුකම් පෙන්වන්න අවශ්‍ය නැහැ. ඉඩිඅමීන් හොඳයි මීට වැඩිය...
ඇයි එකක් තිබේ.. එ්ක නෙවෙයිද රැලිය..? සජිත් ආවට පස්සේ බය වෙලා සොල්දාදුවා...
හොරු දිනුවොත් කොහොමද ඝාතනය වුණු පුද්ගලයන්ට යුක්තිය ඉටු වෙන්නේ? ඒක නිසා අපි දන්නවා මේ අයව පරාජය කරවා කර තිබෙන අපරාධවලට ජම්පරය අන්දවන්නට සොබාදහම පවා ඉදිරිපත් වෙනවා ඇතැයි කියා...