(මහින්ද නිශ්ශංක)
දුම්රිය වර්ජනය අද (27) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වූවද අද පෙරවරුවේ දුම්රිය 12 ක් ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ඊයේ ( 26) දුම්රිය 6 ක් ධාවනය වූ අදර අද තවත් දුම්රිය 6 ක් ධාවනයට එක්ව තිබිණි.
එම දුම්රිය හලාවත, මහනුවර, ගම්පහ, වේයන්ගොඩ, මහව, කුරුණෑගල,පොල්ගහවෙල,ගාල්ල සහ අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය කෙරිණි.
දිස්ත්‍රික් යාන්ත්‍රික පරීක්ෂවරුන් හා දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂකවරුවන්ගේ සහාය ඇතිව මෙම දුම්රිය ධාවනය වන බව නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා ඉල්ලන අසාධාරණ ඉල්ලීම් දෙන්න එපා.
අපි කෝච්චි නැතුව ඉන්නම්.ඉල්ලන ඉල්ලන දේවල් දෙන්න එපා. ඉලක්ක මත පමණක් සලකා බලන්න.