අධිකරණ 5 කින් වරෙන්තු ලැබූ කොස්තාපල්වරයකු අත්අඩංගුවට දිවයිනේ අධිකරණ පහකින් විවෘත වරෙන්තු 10 ක් නිකුත් කර ඇති හිටපු පොලිස් කොස්තාපල්වරයකු අද (17) සැකපිට අත්අඩංගුවට ගත් බව සීගිරිය පොලිසිය පවසයි. 17 December 2019
පුතාගේ විවාහයට යන්න පූජිත් ඇප ඉල්ලයි රිමාන්ඩ් බාරයට පත් කර සිටින අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඔහුගේ පුත්‍රයාගේ විවාහ උත්සවයට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙස කරන ලද ඉල්ලීමක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානයට යොමු කිරීමට පියවර ගන්නා බව කොළඹ මහාධිකරණය අද (17) නියම කළේය. 17 December 2019
දැරියක් බලෙන් රැගෙන ගොස් අපයෝජනය කළැයි පුතා-මව අත්අඩංගුවට පහළොස් හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියක් නිත්‍යනුකූල බාරකාරත්වයෙන් අපහරණය කර අපයෝජනයට ලක් කර පසුව ව්‍යාජ වයස් සහතිකයක් ඉදිරිපත් කර විවාහවී ඇති බව කියන සැකකරුවෙකු සහ එම අපරාධයට පහසුකම් සපයා ආධාර අනුබල දී ඇති සැකකරුගේ මවද අත් අඩංගුවට ගත් බව අක්මීමණ පොලිසිය පවසයි. 17 December 2019
ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ හා අධිකරණ ක්‍රියාවලියේදී සිය සේවිකාව සම්බන්ධයෙන් ලංකාවේ නීතිය හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පුද්ගල අයිතිවාසිකම් වඩා හොඳින් ආරක්ෂා කිරීම සහතික කරන ලෙස ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී. 17 December 2019
පාකිස්තානයේ හිටපු ජනපති මුෂාරෆ්ට මරණ දඬුවම පාකිස්තානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් මහතාට ලාහෝර් නුවර, විශේෂ මහාධිකරණය මරණ දඬුවම නියම කර ඇතැයි වාර්තා වේ. 17 December 2019
ගාල්ල මහනගර සභාවට වසරකට ලක්ෂ 40ක පාඩුවක් ගාල්ල නගර සභා ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු වසරකට වැඩි කාලයක් තිස්සේ අවසන් නොකර ඇති බැවින්, ගොඩනැගිල්ල භාවිත නොකිරීමෙන් මහ නගර සභාවට වසරකට රුපියල් ලක්ෂ 40ක පමණ ආදායමක් අහිමි වන බව ගාල්ල නියෝජ්‍ය නගරාධිපති ෆවුසල් නියාස් මහතා පැවසීය. 17 December 2019
සැමියාගේ පිහි පහරින් බිරිය මරුට කෑගල්ල මහාධිකරණය ඉදිපිටදී සැමියාගේ පිහි පහරට ලක් වූ බව කියන බිරිද (30) මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 17 December 2019
හිටපු ආරක්ෂක ලේකම්-පොලිස්පති තවදුරටත් රිමාන්ඩ් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ලබන 23 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (17) නියෝග කළේය. 17 December 2019
අධිකරණයෙන් පලා යන්න හැදූ සැකකරු වෙඩි වැදී රෝහලේ වැලිකඩ බන්ධනාගාරයේ සිට හෝමාගම අධිකරණයට රැගෙන ආ රැඳවියකු එම ස්ථානයෙන් පළා යාමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. 17 December 2019
යුද හමුදාවේ උසස් නිලධාරීන් 63 දෙනකුට උසස්වීම් යුද හමුදාවේ බ්‍රිගේඩියර් වරුන් සිව් දෙනකුට ඇතුලු නිලධාරින් 63 දෙනකුට උසස්ව්ම් ලබා දි ඇති බව හමුදාව කියයි. 17 December 2019
කෝටි එකහමාරක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට රුපියල් කෝටි 1/2 අධික වටිනා හෙරොයින් මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 528 ක් සමඟ පුද්ගලයකු අද (16) ජම්පටාවීදියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 16 December 2019
කොළඹ - නුවර පාරේ මංතීරු දෙකෙන් එකක් හෙට වැසේ කොළඹ මහනුවර මාර්ගයේ (A01) නව කැලණි පාලම අසල සිට කොළඹ දෙසට රථවාහන ඇතුළුවන මංතීරු දෙකෙන් එකක් හෙට (17) පෙරවරු 6.00 සිට තාවකාලිකව වසා දැමෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 16 December 2019
ස්විට්සර්ලන්ත තානාපති ජනාධිපති හමුවෙයි ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. 16 December 2019
ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය රිමාන්ඩ් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම, රජය අපහසුතාවට පත්කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් ස්විස් තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(16) නියෝග කළාය. 16 December 2019
එජාපයේ නායකත්වයට කරූව පත් කරන්නැයි ඉල්ලීමක් එක්සත් ජාතික පක්ෂයේ නායක ධූරයට කතානායක කරූ ජයසූරිය මහතා පත් කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 16 December 2019
වතුකම්කරුවන්ට දිනකට රුපියල් 1000ක් වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1000ක් ගෙවීමට ඉදිරියේදී කටයුතු යොදන බවත්, ඒ ගැන සාකච්ඡා කර තිබෙන බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 16 December 2019
ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය පැහැරගත්තා යයි කීම බොරුවක් ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගත් බව කියන සිද්ධිය අසත්‍යයක් බවත් එවැන්නක් සිදුනොවූ බව මෙතෙක් සිදුකළ සියලු පරීක්ෂණ වලින් පැහැදිලි වී ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) පැවසීය. 16 December 2019
‘19 වැනි සංශෝධනයත් අනිවාර්යයෙන්ම අහෝසි කරනවා’ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 16 December 2019
පාර්ලිමේන්තුව අනිවාර්යෙන්ම මාර්තුවේදී විසුරුවනවා පළාත් සභා ඡන්දයට පෙර මහ මැතිවරණය පවත්වන බවත් ලබන මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව අනිවාර්යෙන් විසුරුවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 16 December 2019
‘ගමට යන්න බැරි ආසන සංවිධායකවරුන් ඉවත්වෙන්න’ තාමත් ගමට යන්න බෑ කියන ආසන සංවිධායකවරුන්, මන්ත්‍රීවරුන් සිටීනම් ඔවුන් ඉවත්ව යන අයට අවස්ථාව ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදි අද(16) පැවැසීය. 16 December 2019
මහින්දානන්දට රට යන්න අවසර විදුලි බල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට විදේශගත වීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) අවසර ලබා දුන්නේය. 16 December 2019
සුදුවෑන් සිද්ධියේ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 17 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(16) නියෝග කළාය. 16 December 2019
කොටුව - මහනුවර විශේෂ දුම්රියක් හෙට සිට කොළඹ කොටුව සහ මහනුවර අතර විශේෂ දුම්රියක් හෙට(17) සිට ලබන ජනවාරි 2 දා දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. 16 December 2019
ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය අත්අඩංගුවට පැහැරගැනීමට ලක් වූ බව සඳහන් කරමින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළැයි කියන සිද්ධියට අදාළව ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(16) අත්අඩංගුවට ගෙන ඇත. 16 December 2019
‘මට කිසිදෙයක් ඕන නෑ’යි සජිත් කිව්වා විපක්ෂනායක කම, පක්ෂ නායක කම ඇතුලූ කිසිදු තනතුරක් තමන් බලාපොරොත්තු නොවන බවත් මන්ත්‍රීවරු පිරිසක් පැමිණ තමන්ට ඒ ගැන කරදර කරන බවත් ජනාධිපතිවරණයෙන් පසු සජිත් පේ‍්‍රමදාස මහතා මහා සංඝ රත්නයට දැනුම් දුන් බවත් එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම් තිනියාවල පාලිත හිමියෝ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද(16) පැවසූහ. 16 December 2019
බන්ධනාගාරයට හෙරොයින් ගෙන ගිය මවක් අත්අඩංගුවට ගාල්ල බන්ධනාගාරයේ, රඳවා සිටින තම පුතුට ලබාදීමට ගෙනගිය කලිසමක වාටියේ හෙරොයින් සඟවාගෙන පැමිණි මවක අද (16) බන්ධනාගාර නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ලැබ තිබේ. 16 December 2019
ගුවන් ටිකට්පත් වංචාවකින් ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ පිරිසක් අමාරුවේ ගුවන් ටිකට්පත් වෙන් කළ සමාගම විසින්ම ඒවා අවලංගු කර යළි මුදල් ලබා ගැනීමේ සිදුවීමක් හේතුවෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි වාර්තා වේ. 16 December 2019
ජේ. ශ්‍රී රංගා ඇතුළු 6 දෙනාට ඇප රිය අනතුරක් සම්බන්ධ චෝදනා ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රි රංගා මහතා , විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් නිලධාරීන් සිව්දෙනා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස වවුනියාව මහධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා අද (16) නියෝග කළේය. 16 December 2019
පළිගැනීම්වලට ලක්වූවන්ට ඉඩම් පසුගිය රජය සමයේදී පළිගැන්වීම්වලට ලක්වූ රණවිරුවන්ට හා සියලූම මාධ්‍යවේදීන්ට සින්නක්කර ඉඩම් ලබාදීමට කටයුතු කරන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී දිසානායක මහතා අද (16) පැවැසීය. 16 December 2019
ආනයනික තිරිඟු පිටි බද්ද අඩුකෙරේ ආයනයනික තිරිඟු පිටි සඳහා කිලෝග්රෑමයකට රුපියල් 36ක් ලෙස මෙතෙක් පැවැති බද්ද රුපියල් 8 දක්වා අඩුකර තිබේ. 16 December 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026