සතොස තොග ගබඩාවේ කටුයුතු කඩිනමින් මහජනයාට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම වෙනුවෙන් පරිප්පු, සීනි ඇතුළු ආහාර ද්‍රව්‍ය පාර්සල් කිරීම්, තොග බෑම ඇතුළු කටයුතු කිහිපයක් අද දිනයේදී කොටුවේ පිහිටි සතෝස ප්‍රධාන තොග ගබඩාවේ සේවක මණ්ඩලය සිදුකරමින් පවතී. 23 March 2020
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට හෙට (24) සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කළබව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (23) පැවති සාකච්ඡාවකදී පැවසීය. 23 March 2020
ඇමෙරිකානු හඬ ගොඩනැගිල්ල නිරෝධායන කටයුතුවලට වෙන්කෙරේ හලාවත ඉරණවිල පිහිටි ඇමරිකානු හඬ සම්ප්රේශනාගාර ගොඩනැගිල්ල කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට සැකකරන පුද්ගලයින් නිරෝධායනය කිරීම සදහා වාට්ටු සංකිර්ණයක් බවට පත් කර තිබේ. 23 March 2020
බිත්තර මිල පහළට බිත්තර මිල අද සිට රුපියල් 10 කින් අඩු කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක මහතා පැවසීය. 23 March 2020
ඌවට විෂබීජ නාශක ඉසින යන්ත්‍ර 150 ක් කොරෝනා මර්දන වැඩසටහනට උපයෝගී කරගැනීම සඳහා ඌව පළාතේ පළාත් පලාන ආයතන, පොලිසි, දුම්රිය ස්ථාන දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට විෂබීජ නාශක ඉසින යන්ත්‍ර 150 ක් ඌව ආණ්ඩුකාර කාර්යාලයේදී අද (23) ලබාදෙන ලදී. 23 March 2020
ඒ 9 මාර්ගය ඊරට්ටපෙරියකුලමෙන් වහයි උතුරු පළාතේ ජනතාවට තම පදිංචි දිස්ත්‍රික්ක වලින් පිටතට නොයන ලෙස තහනම් කිරීමත් සමඟ ඊයේ (22) සිට උතුරු පළාතට ඇතුළුවන යාපනය නුවර ඒ නවය මාර්ගය ඊරට්ටපෙරියකුලම පොලිස් ස්ථානය අසලින් වසාදැමීමට කටයුතු කළ බව පොලිසිය පැවසීය. 23 March 2020
මධ්‍යම පළාතට විෂබීජනාශක ඉසින යන්ත්‍ර 300ක් ප්රදානය කෙරේ මෙරට පැතිරී යන නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා විෂබීජහරණයට අවශ්‍ය දියර ඉසින යන්ත්‍ර 300 ක් මධ්‍යම පළාතේ ආයතනයන්ට ලබාදීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (23) සිදු කෙරිණි. 23 March 2020
පුද්ගලයින් 580 ක් උතුරේ නිරෝධායනය මධ්‍යස්ථානවල විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින්ගෙන් 580 දෙනෙකු ගුවන් හමුදාව විසින් උතුරු පළාතේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයන්හි මේ වන විට නිරෝධායන කටයුතුවල නිරත වන බවට ගුවන් හමුදාව පවසයි. 23 March 2020
භාණ්ඩ අපනයනයට සහන සලසයි භාණ්ඩ අපනයනය කරගත නොහැකිව ගැටලු වලට මුහුණ පා සිටින ව්‍යාපාරිකයින්ට සහන ලබාදීමට මෙන්ම අපනයනය කිරීම සදහා නිමාකර ඇති භාණ්ඩ හා අත්‍යාවශ්‍ය භාණ්ඩ අපනයනය කරවීම සදහා සහන සැළසීමට කටයුතු යොදා ඇතැයි වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 23 March 2020
ඇඳිරි නීතිය යළි පනවා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම් කරයි ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. 23 March 2020
ඇදිරිනීතිය යළි දීර්ඝ කෙරේ දැනට ඇදිරිනීතිය ඉවත්කර ඇති ප්‍රදේශවලට අද පස්වරු 2.00 සිට 26 වැනිදා උදෑසන 6.00 දක්වා යළි ඇදිරිනීතිය පැනවීමටත් දැනටත් ඇදිරිනීතිය පවතින ප්‍රදේශයන්හි හෙට උදෑසන 6.00 ට එය ඉවත් කරන නමුත් යළි දහවල් 12.00 සිට 27 වැනිදා උදෑසන 6.00 දක්වා ඇදිරිනීතිය පැනවීමටත් රජය තීරණය කර තිබේ. 23 March 2020
අ’පුර වෙඩි තැබීමට රැදවියකු මහර බන්ධනාගාරයට අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි රදවා සිටි රැදවියකු මහර බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි. 23 March 2020
දින හතරකදී ඇඳිරි නීතිය කැඩු 1754 ක් අත්අඩංගුවට ‘කොරෝනා’ වසංගතය පැතිරයෑම වැළැක්වීම සදහා පසුගිය 20 වැනිදා සිට පනවන ලද ඇදිරි නීතීය කඩකළ පුද්ගලයින් 1754 දෙනෙකු දිවයිනේ විවිධ පොලිස්ථානවලින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 23 March 2020
අ’පුර බන්ධනාගාර සිද්ධියට සම්බන්ධ රැඳවියෝ 30 හඳුනා ගැනේ අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ වූ බවට රැඳවියන් 30 දෙනෙකු හඳුනාගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි. 23 March 2020
’බැංකු ණය කපා ගැනීම තාවකාලිකව නතර කරනවා’ රටෙි පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රටතුළ සමාන්‍ය පරිදි ආර්ථිකය පත්වන තුරු ජනතාව විසින් පෞද්ගලික මෙන්ම රාජ්‍ය බැංකු ආයතන මගින් ලබාගත් නිවාස ණය මෙන්ම සියලුම ණය තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත. 23 March 2020
පෝලන්ත ජාතිකයින් දෙදෙනකු කරාපිටියේ විශේෂිත වාට්ටුවකට පොලන්ත ජාතිකයින් දෙදෙනෙකු අද (23) අලුයම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැක කරන රෝගින් සඳහා වෙන්කර ඇති විශේෂිත වාට්ටුවට ඇතුලත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසිය. 23 March 2020
ස්විස් පුජකයාගේ මෙහෙයට සහභාගී වු බැතිමතෙකුටත් කොරෝනා යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී ස්විස්ටර්ලන්තයේ පූජකවරයාගේ දේව මෙහෙයට සහභාගී වූ බැතිමතෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් එම රෝගියා අයි.ඩී.එච්. රෝහලට මාරුකර යැවූ බව යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා කියා සිටියේය. 23 March 2020
විදේශයෙන් ආ 101 නිරෝධායනය කර සමාජ ගත කරති විදෙස් රටවල් ගණනාවකින් මෙරටට පැමිණ ඇති 101 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරීමෙන් අනතුරුව ඔවුන් සමාජගත කිරීම සිදුකර ඇතැයි හලාවත සෞඛ්‍ය නිළධාරී කාර්යාලය පවසයි. 23 March 2020
රටපුරා ඩෙංගු පැතිරීමේ අවදානමක් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය සම්බන්ද අවධානය අඩුවීම නිසා රටපුරා ඩෙංගු රෝගය පැතිරීමේ දැඩි අවදානමක් පවතින බව රජයේ සෞඛ්‍ය කීටවිද්‍යා නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 23 March 2020
මිලානෝහි පූජකවරයෙක් කොරෝනා වැළදී මියයයි මිලානෝහි විදේශීය සංක්‍රමිකයන් බාරව සිටි මොන්සිඤෝර් ජන්කාර්ලෝ මාහිමිපාණෝ කොරෝනා වයිරසයට ගොදුරුවී මියගිහ. 23 March 2020
වයිරසය පාලනයට පකිස්තාන - ශ්‍රී ලංකා විදෙස් ඇමැතිවරු දුරකථන සංවාදයක පකිස්තාන විදේශ අමාත්‍ය ෂා මොහොමඩ් කුරේෂි මහතා කොවිඩ් නයිටීන් හෙවත් නව කෙරෝනා වයිරසට ව්‍යාප්තිය සම්බන්ධයෙන් , මෙරට විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතො සමග දුරකථනය ඔස්සේ අදහස් හුවමාරු කර ගෙන ඇත. 23 March 2020
බකිංහැම් මාලිගයේ සහායකයකුට කොරෝනා බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් රැජින වාසය කරන බකිංහැම් මාලිගයේ සහායකයකුට කොවිඩ් - 19 වයිරසය ශරීරගත වී ඇතැයි තහවරු වීමත් සමගම එම පුද්ගලයා සමග සම්බන්ධතා පැවැත්වූ රාජකීය ගෘහසේවකයන්ට ස්වයං හුදකලා වීමට නියෝග කර තිබේ. 23 March 2020
රජයෙන් මහජනතාවට උපදෙස් කොරෝනා හෙවත් COVID 19 වෛරසයරට තුළ ව්‍යාප්තවීම නතර කර ජන ජිවිතය සුරක්ෂිත කිරීම සඳහා හඳුන්වාදී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමඟ මුළුමනින් අනුගත වන්නැයි රජය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටී. 23 March 2020
නවසීලන්තය සති හතරක් වසා දමයි ලෝකයේ අනෙක් රටවල මෙන් කොරෝනා ආසාදිතයන්ගේ ගණන සහ මරණ ගණන වේගයෙන් ඉහළ යෑම වළක්වා ගැනීම සඳහා සති හතරක කාලයකට රටේ කටයුතු සම්පූර්ණයෙන් සීමා (ලොක්ඩවුන්) කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් අද (23) ප්‍රකාශ කළාය. 23 March 2020
ඉරානයේ කොරෝනා මරණ 129 යි ඉකුත් පැය 24ක කාලයේදී කොරෝනා මරණ 129 වාර්තා වන්නේ යැයි ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය අද (22) නිවේදනය කළේය. 23 March 2020
ගාසා තීරයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් පළමු වරට කොරෝනා ආසාදිතයන් දෙදෙනකු වාර්තා වන බවත් ඔවුන් සිටින්නේ ගාසා තීරයේ බවත් පලස්තීන බලධාරිහු ඊයේ (22) නිවේදනය කළහ. 23 March 2020
ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල බැංකු විවෘත කරන්න උපදෙස් ඇඳිරිනීතිය ඉවත් කළ සියලු ප්‍රදේශවල තිබෙන සියලු බැංකු විවෘතව තබන්නැයි රජය ඉල්ලීමක් කර ඇත. 23 March 2020
ඩීසල්-පෙට්‍රල් රැගත් පළමු දුම්රිය පිටත් වෙයි ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 81,200 ක් රැගත් ටැංකි 14 කින් සමන්විත දුම්රියක් අද (23) පෙරවරු 9 ට කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට පේරාදේණිය දක්වා ධාවනය වූ බව ලංකාඛනිජ තෙල් සංස්ථාව පවසයි. 23 March 2020
’ටෝකියෝ ඔලිම්පික් උලෙළ පවත්වන්න බෑ’ කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ටෝකියෝ ඔලිම්පික් උලෙළ පැවැත්වීමට නොහැකි බව මේ වනවිට පැහැදිලි යැයි ද ඒ අනුව 2021 වසරේ පැවැත්වෙන ඔලිම්පික් උලෙළ වෙනුවෙන් සුදානම් වන්නැයි ද ඔස්ට්‍රේලියානු ඔලිම්පික් බලධාරිහු අද (23) ප්‍රකාශ කළහ. 23 March 2020
බැංකු සේවකයන්ට රාජකාරී හැඳුනුම්පත පෙන්වා රැකියාවට යාහැකියි ඇඳිරි නීතිය පනවා තිබියදී අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු සඳහා යන බැංකු සේවකයින්ට රාජකාරී හැඳුනුම්පත භාවිත කරමින් ඒ සඳහා වර්තා කළ හැකි බව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා සඳහන් කරයි. 23 March 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026