නායයාමේ අවදානමක් හේතුවෙන් 335ක් ඉවතට තද වර්ෂාව සමඟ නායයාමේ අවදානමක් මතු වූ බැවින් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටරත්මලේ සහ කහගොල්ලෙ පවුල් 77ක පුද්ගලයින් 335ක් ආරක්ෂිතව ඉවත් කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 20 December 2019
යුරෝපා සංගමයෙන් එක්සත් රාජධානිය ඉවත්කරගැනීමේ යෝජනාවට අනුමැතිය එක්සත් රාජධානිය ජනවාරි මස 31 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීම සඳහා අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉදිරිපත් කළ යෝජනාවට අද (20) අනුමැතිය හිමිවිය. 20 December 2019
පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු 04ක් විවෘත කෙරේ මහවැසි හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය පිටාරමට්ටම දක්වා වැඩිවීම නිසා අද(20) රාත්‍රී එහි වාන්දොරටු 10 න් 04 ක් අඩි එක බැගින් විවෘතකර අතිරික්ත ජලය පිටතට මුදාහැරීමට පියවර ගත්බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. 20 December 2019
මහවැලි ගඟේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යෑමේ අවදානමක් රංටැඹේ ජලාශයට පහළින් මහවැලි ගඟ පරිහරණය කරන පිරිස් අද (20) සිට මහවැලි ගඟ පරිහරණයේදී ප්‍රවේශම් වන ලෙසත් රංටැඹේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමෙන් තප්පරයට ඝණ අඩි 300ක ප්‍රමාණයක් මහවැලි ගඟට මුදාහැරීම හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යා හැකි බවත් ගඟ දෙපස හා මහවැලි ගඟ පරිහරණය කරන ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස රංදෙණිගල හා රංටැඹේ ජලාශයේ කාර්යභාර ඉංජිනේරු ඩී.එම්. ධර්මදාස මහතා දන්වා සිටියි. 20 December 2019
ආර්ථිකය ගොඩගන්න අලුත් කාර්යංශය ආර්ථීකය මෙහෙයවීම සඳහා මෙතෙක් පැවති ජාතික ආර්ථීක සභාව අහෝසි කර, ඒ වෙනුවට ජාතික ප්‍රතිපත්ති හා ක්‍රම සම්පාදන කාර්යංශය නමින් නව ආයතනයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 20 December 2019
කුඩා සහ මධ්‍ය පරිමාණ ණය ආපසු අයකර ගැනීම අත්හිටුවන්න කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ලබාදී තිබෙන ණය ආපසු අයකර ගැනීම අතුහිටුවන්නැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සියලු බැංකුවලට දැනුම් දී තිබේ. 20 December 2019
කෙහෙළියට එරෙහි අල්ලස් නඩුව අවසන් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන ජයම්පතී බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම මඟින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව තවදුරටත් පවත්වා ගෙන යා නොහැකි බව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද (20) තීන්දු කළේය. 20 December 2019
උඩරට මඟේ දුම්රිය බණ්ඩාරවෙලට පමණයි උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද (20) සවස සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබේ. 20 December 2019
කලාවැවේ අවදානම් තත්ත්වයක් : හදිසි දොරටු තවදුරටත් විවෘත කරන්න බෑ කලාවැවේ හදිසි වාන් දොරටු අද (20) පස්වරු 4.00 සිට අඩි 18 දක්වා උපරිම අගයට විවෘත කර තිබේ. 20 December 2019
උත්සව සමයේදී දක්ෂිණ අධිවේගයේ බස් ගාස්තු අඩුවේ එළඹෙන උත්සව සමයේදී මගීන්ගේ ගමන් පහසුව සැලසීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස්ගාස්තු අඩුකිරීමට පියවර ගෙන ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. 20 December 2019
පාඨලීට කොට්ට-මෙට්ට රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට කොට්ට මෙට්ට ලබාදීම සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලින් වෛද්‍ය නිර්දේශ අද (20) ලැබී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග පවසයි. 20 December 2019
සූර්ය ග්‍රහණය දෙස පියවි ඇසින් බලන්න එපා සූර්ය ග්‍රහණයක් පවතින අවස්ථාවක ඒ දෙස පියවි ඇසින් බැලීමෙන් පූර්ණ ලෙස හෝ අර්ධ වශයෙන් අන්ධ භාවයට පත්විය හැකි බැවින් මේ මස 26 වැනිදා සිදුවන සූර්යග්‍රහණය දෙස පියවි ඇසින් නොබලන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. 20 December 2019
ජනපති ත්‍රිකුණාමලයේ ආනන්ද මහනාහිමියන් බැහැ දකී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(20) බම්බලපිටිය සිරි වජිරාරාම විහාරයට ගොස්, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහා නායක බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. 20 December 2019
වැලිමඩ නායයාමකින් ගැබිනි මවක් රෝහලේ - 148ක් අවතැන් වර්ෂාව සමඟ පස්කන්දක් කඩාවැටී අද (20) වැලිමඩ ඕපික් වත්තේ පහළ කොටස අඹේවෙල නිවාස තුනක් යටවීමෙන් ගැබිනි මවක් තුවාල ලබා රෝහල් ගත කළ බවත්, පවුල් 18ක පුද්ගලයින් 148 දෙනෙකු ඉවත් කළ බවත් වැලිමඩ පොලීසිය කියයි. 20 December 2019
සහල්වලට උපරිම මිලක් සහිත ගැසට්ටුව නිකුත් කරයි සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ(19) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 20 December 2019
ඒ නවය මාර්ගය නාඋලදී ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා පවත්නා අධික වර්ෂා තත්ත්වය හමුවේ මහනුවර - යාපනය ඒ නවය මාර්ගය නාඋල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇත. 20 December 2019
පාඨලීගේ සුවදුක් බලන්න රනිල් බන්ධනාගාරයට යයි කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සුව දුක් විමසා බැලීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කණ්ඩායම අද (20) පැමිණියේය. 20 December 2019
’අර්ජුන් අත්අඩංගුවට ගන්නා තෙක් බැඳුම්කර කොමිසමේ විමර්ශන කරන්න බෑ’ අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්නා තෙක් මහබැංකු බැඳුම්කර කොමිසමේ ඉදිරි විමර්ශන කටයුතු සිදුකළ නොහැකි යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (20) පැවසීය. 20 December 2019
රාජිතගෙන් යළිත් අපේක්ෂිත ඇප අයැදුම්පතක් සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා අත්අඩංගුවට ගැනීම වළකා ඇප මත මුදාහරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නැවත අපේක්ෂිත ඇප අයැදුම්පතක් අද(20) අධිකරණයට ඉදිරිපත් කර ඇත. 20 December 2019
පෝට් සිටි ඉදිකිරිම් අත්හිටුවන්න’යි ගොනු කළ පෙත්සම කල්යයි කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ (පෝට් සිටි) ඉදිකිරීම් කටයුතු අත්හිටුවන සහ අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම පිළිබඳ තීන්දුව ප්‍රකාශය පත් කිරීමට ලබන ජනවාරි 17 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (20) තීන්දු කළේය. 20 December 2019
නියෝජ්‍ය කතානායකගෙන් පොලිස් කොමිසමට ලිපියක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත සිදුවී නැතැයිද, ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නැයිද නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පොලිස් කොමිෂන් සභාවට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ. 20 December 2019
බදුල්ල- බිබිල මාර්ගය වහයි බදුල්ල- බිබිල A-5 මාර්ගය අද (20) පස්වරු 5.00 සිට හෙට (21) උදෑසන 6 දක්වා වසා තබන බව බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක එම්.එල්. උදයකුමාර මහතා පැවසීය. 20 December 2019
රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවෝ තව දුරටත් රිමාන්ඩ් රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනා තව දුරටත් ලබන 30වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(20) නියෝග කළේය. 20 December 2019
ෂානි අබේසේකරගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් හිටපු රහස් පොලිස් අධ්යක්ෂ හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර මහතා අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 20 December 2019
වාරියපොළ බන්ධනාගාර වාට්ටුවක වෙඩි තැබීමකින් රැඳවියෙක් රෝහලේ කුරුණැගල වාරියපොල බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමකින් එක් රැදවියකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් වෙඩි තැබීම කළ රැඳවියා මයික්‍රෝ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන) බන්දුල ජයසිංහ මහතා පැවසීය. 20 December 2019
මධ්‍යම කඳුකරයේ මාර්ග බොහෝමයක් මීදුමෙන් වැහෙයි මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල අද (20) ප්‍රධාන මාර්ග කිහිපයකම ඝණ මීදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට දැඩි බාධා පැමිණ ඇත. 20 December 2019
නත්තල් දා සුරාසැල් වහයි නත්තල් උත්සවය යෙදෙන ලබන 25 වැනි දා සියලු සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.පී.සුමනසිංහ මහතා නියෝග කර තිබේ. 20 December 2019
වැලිමඩ - බණ්ඩාරවෙළ මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි මේ දිනවල පවතින ධාරානිපාත වර්ෂාව සමඟ වැලිමඩ බණ්ඩාරවෙල මාර්ගයට මිරහවත්ත ප්‍රදේශයේදී අද (20) දහවල් පස් කන්දකක් කඩා වැටී එම මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති වී තිබේ. 20 December 2019
නිලධාරිනියගෙන් දුරස්ව ඉන්න‘යි තානාපතිට අවවාද තමා පැහැරගැනීමට ලක්වූයේ යැයි ස්විස් තානාපති නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය කළ කතාන්දරය බොරුවක් යැයි කොළඹ ස්විස් තානාපතිවරයාට දැනුම්දුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. එම මුසාබස් පැවසීම ගැන සාක්ෂිද ලබාදීමට තානාපතිවරයා පවා සූදානම් යැයිද ජනාධිපතිවරයා පවසා තිබේ. 20 December 2019
ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයෙක් එයි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු මෙරටට පැමිණෙන බව ස්විස් විදේශ දෙපාර්තමේන්තුව අද (20) සදහන් කළේය. 20 December 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026