IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ගන්සයිඩ් කඳවුර ගෝඨා කඳවුර ලෙස නම්කළා

(*** දසුන් රාජපක්ෂ)

ගන්සයිඩ් කඳවුරක් ගෝඨා කඳවුර ලෙස නම් කර තිබුණේ එවකට පැවති යහපාලන ආණ්ඩුවට දේශපාලන වාසි ලබාගැනීමට බව නාවික හමුදාවේ කොමදෝරු සුමිත් රණසිංහ මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (12) ප්‍රකාශ කළේය.

එම කඳවුරේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හත්සිය දෙනෙකු රඳවා තබාගෙන නොසිටි බවත්, එහි සිටියේ බුද්ධි තොරතුරු ලබාදුන් එල්.ටී.ටී.ඊ. සංවිධානය හැරගිය පනහක පිරිසක් බවත් කොමදෝරු සුමිත් රණසිංහ මහතා සාක්ෂි දෙමින් පැවසීය.

කොමදෝරු සුමිත් රණසිංහ මහතා මෙම සාක්ෂි දීම සිදු කළේ තරුණයන් එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට කටයුතු කිරීම නිසා වසරකට අධික කාලයක් තමන් රිමාන්ඩ් බාරයට පත්කොට ඇත්තේ තමාගෙන් දේශපාලනිකව පලිගැනීම සඳහා බව පවසා ඔහු ජනාධිපති කොමිසමට කළ පැමිණිල්ලට අදාළවය.

මෙම ජනාධිපති කොමිසම විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කාර්යාලයේදී ඊයේ (12) රැස්විය.

කොමදෝරු සුමිත් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රසික බාලසූරිය මහතා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

නීතිඥ රසික බාලසූරිය :- නාවික හමුදාවේ ඔබේ කටයුතු පහදන්න?
සාක්ෂිකරු :- ස්ථාපිත කළ විශේෂ මෙහෙයුම් අනු කණ්ඩයක මා කටයුතු කළා. 2001 මැයි 23 දක්වා මා නිලාවේලිවල රාජකාරි කළා. බුද්ධි තොරතුරු සෙවීම නිසා මා කොටින්ගේ ප්‍රධාන ඉලක්කයක් වී තිබුණා. මා නිවාඩු ගිය අවස්ථාවක ගමන් කළ බස් රථය ඉලක්ක කර ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කෙරුණා. එහි ගමන් කළ නාවික හමුදා නිලධාරීන් දාහතර දෙනකු එයින් මියගියා. මට සෑහෙන්න තුවාල සිදුවුණා. තවමත් එක කනක් ඇහෙන්නේ නැහැ.

මට සිදුවූ තුවාල දැකපු මගේ අම්මාගේ කල්පනාව නැතිවුණා. ඇය තවමත් මානසික පීඩනයට ලක්වී සිටිනවා. තුවාල ලැබූවත් මා නැවත 2001 මැයි මාසයේ ක්‍රියාන්විත රාජකාරියට බැඳුණා.

නීතිඥ රසික බාලසූරිය :- ඔබට එල්ල වූ ප්‍රහාරය ගැන මේ කොමිසමට මීට ඉහතදී ඔබ කරුණු දක්වා තිබේද?
සාක්ෂිකරු :- ඒ ගැන සඳහන් කර තිබෙනවා. අපේ නිලධාරීන්ට පුහුණුවීම් ලබාදී කොටි සංවිධානයට ඔවුන් යැව්වා. ඔවුන් ලබාදුන් බුද්ධි තොරතුරු හරහා ප්‍රහාර ගණනාවක් වළක්වාගන්න අපට හැකිවුණා.

නීතිඥ රසික බාලසූරිය :- ජාත්‍යන්තර කොටි ජාලය ගැන තොරතුරු සොයා තිබේද?
සාක්ෂිකරු :- මුහුදු කොටි නායක සුසෙයි හා බුද්ධි අංශ නායක පොට්ටුඅම්මාන් ගැන තොරතුරු ලැබුණා. නැවත ප්‍රතිසංස්කරණය වන ජාත්‍යන්තර කොටි ජාලය ගැන තොරතුරු හොයාගන්න හැකිවුණා. ඒ යටතේ බුද්ධි ක්‍රියාන්විතයන් 51ක් කළා.

2011 වසරේදී මා ලාංකිකයන් නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට යන එක වළක්වන්න කටයුතු කළා. එහිදී මිනිසුන් දාහකට වඩා අත්අඩංගුවට ගන්න හැකි වුණා.

යාත්‍රා 123ක් ඕස්ට්‍රේලියාවට පැමිණීමට නියමිතව තිබුණා. ඉන් 64ක් අපට අත්අඩංගුවට ගන්න හැකි වුණා.

නීතිඥ රසික බාලසූරිය :- මේ ආකාරයෙන් සිදු කළ මිනිස් ජාවාරම් සිදු කළේ ලංකාවේ කවුද?
සාක්ෂිකරු :- ත්‍රිකුණාමලයේ ප්‍රාදේශීය සභාවේ සභාපති මේ මිනිස් ජාවාරම කරගෙන ගොස් තිබුණා.

නීතිඥ රසික බාලසූරිය :- මිනිස් ජාවාරම්වලට නාවික හමුදා නිලධාරීන් සම්බන්ධ වී සිටියාද?
සාක්ෂිකරු :- ඔව්. නාවික හමුදා බුද්ධි අංශය මිනිස් ජාවාරම් සිදුකරන බවට චෝදනා එල්ල වුණා. ලුතිනන් කමාන්ඩර් කේ.සී. වෙලගෙදර යටතේ රාජකාරි කළ එස්.ඒ. කුමාර හා චන්ද්‍රසේන යන නිලධාරීන් දෙදෙනකු මිනිස් ජාවාරම සිදුකර තිබුණා. ඔවුන් ඒ වැඩ කළේ කුරුංචි කියන පුද්ගලයා සමග එක්වී.

නීතිඥ රසික බාලසූරිය :- ඒ ගැන නාවික හමුදාව විමර්ශනයක් කළා ද?
සාක්ෂිකරු :- ඔව්. ඒ ගැන සෙවීමට පරීක්ෂණ මණ්ඩලයක් පත් කළා. ඒ නාවික හමුදා නිලධාරීන් දෙදෙනා කොළඹට කැඳවා සාක්ෂි සහතික කර ඔවුන් අත්අඩංගුවට ගත්තා.

තරුණයන් එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරු වන්නේ ලුතිනන් කමාන්ඩර් වෙලගෙදර. දැන් ඔහු සේවයෙන් ඉවත් වී ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටිනවා.

විනිසුරු මණ්ඩලය :- වෙලගෙදර නමැති නිලධාරියාට එරෙහිව නාවික හමුදාව කළ පරීක්ෂණය මෙම ජනාධිපති කොමිසමට ලබාදෙන ලෙස නාවික හමුදාවේ නීති අධ්‍යක්ෂට නියෝග කරනවා.
සාක්ෂිකරු :- සාම සාකච්ඡා අවසන් වූ පසු නැගෙනහිර හිටපු කොටින් පිරිසක් හමුදාව සමග එක්වුණා.
අපේ බාරයට පත්වූ කොටින් සතුව වැදගත් බුද්ධි තොරතුරු තිබුණා. අපි සමග හිටපු කොටි සාමාජිකයන් වැඩ කළ ස්ථානයට කීවේ ගන්සයිඩ් කඳවුර කියලයි.

විනිසුරු මණ්ඩලය :- ගන්සයිඩ් කඳවුර ගෝඨා කඳවුර ලෙස නම් කළේ කවදාද?
සාක්ෂිකරු :- යහපාලන ආණ්ඩුව පත්වීමෙන් පසු එයට ගෝඨා කඳවුර ලෙස නම් තබා තිබෙන බව මා අන්තර්ජාලය හරහා දැනගත්තා. වෙබ් අඩවියක් තමයි ගෝඨා කඳවුර කියන නම මුලින්ම යොදාගෙන තිබුණේ.

විනිසුරු මණ්ඩලය :- ගන්සයිඩ් කඳවුරේ හත්සියයක පිරිසක් රඳවා සිටියාද?
සාක්ෂිකරු :- නැහැ. එහි සිටියේ පනස් දෙනයි. ගොඩක් අය රාජකාරිවලට යොමුකර තිබුණා. එහි බහුතරයක් සිටියේ අපි සමග බුද්ධි අංශවල හිටපු කොටි සාමාජික සාමාජිකාවන්. පසුව ඒ පිරිස සමාජගත කිරීමට අපි කටයුතු කළා. ඇත්තටම මේ ගන්සයිඩ් කියන්නේ කඳවුරක් නෙවෙයි. එය කාලතුවක්කු ස්ථානගත කර තිබුණු ස්ථානයක්.

නීතිඥ රසික බාලසූරිය :- ගන්සයිඩ් කඳවුරට අදාළ නඩුවක් තිබුණා ද?
සාක්ෂිකරු :- ඔව්. ඒ සිද්ධිය ගැන විමර්ශනය කළේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා විසින්. ඊට අදාළ බී වාර්තාවේ අපි කටයුතු කළ ස්ථානය ගෝඨා කඳවුර ලෙස සඳහන් කර තිබුණා. ශානි අබේසේකර තමයි නිශාන්ත ද සිල්වාව මෙහෙයවා තිබෙන්නේ යැයි කීය.
මෙම ජනාධිපති කොමිසම අද (13) යළි රැස්වීමට නියමිතය.



අදහස් (0)

ගන්සයිඩ් කඳවුර ගෝඨා කඳවුර ලෙස නම්කළා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 183 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 372 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 383 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site