කොළඹ-මඩකලපු දුම්රිය ධාවනය අද සිට දින තුනක් නතර වී තිබුණු කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධානය අද (23) රාත්‍රී සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. 23 December 2019
බැළලියකට පහර දී මරා දැමූ සිසුවා අත්අඩංගුවට බණ්ඩාරගම, මස්විල ප්‍රදේශයේ අසල්වැසි නිවසක සුරතලට ඇති කළ බැළලියකට තියුණු ආයුධයකින් පහර දී මරාදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් සිසුවකු අද(23) පොලිසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 23 December 2019
පහ වසර ශිෂ්‍යත්ව මගඩියක් ගැන අධ්‍යාපන ඇමැතිට පැමිණිල්ලක් පහ වසර ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු ලබා සමත්වන දරුවන්ට උසස් පාසලකට ඇතුලත් වීමට ඇති අවස්ථා ගණන අධ්‍යාපන බලධාරින් සම්පූර්ණ නොකොට ඒ වෙනුවට වංචනික ලෙස ඉහළ ශ්‍රේණිවලට සිසුන් ඇතුලත් කරන බවට ලංකා ගුරු සංගමය අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාට පැමිණිලි කර ඇත. 23 December 2019
සංවර්ධන නිලධාරීහු ජනපතිගෙන් විශේෂ දීමනාවක් ඉල්ලති රාජ්‍ය සේවයේ විශේෂ දීමනාවට සමාන දීමනාවක් ආශ්රිත සේවා උපාධිධාරීන් ඇතුළු ද්විතීය හා තෘතීය මට්ටමේ රාජ්‍ය සේවකයින් සඳහා ද ලබා දෙන්නැයි ඉල්ලමින් සංවර්ධන නිලධාරින්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද(23) ලිපියක් යොමු කර ඇත. 23 December 2019
සුර්ය විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නැයි අගරදගුරුතුමෝ ඇමැතිගෙන් ඉල්ලති විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේ දී හැකිතරම් සුළං හා සුර්ය විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 23 December 2019
අඩු අධ්‍යාපනයක්-අඩු ආදායම්ලාභී පවුල්වලට ජනවාරියේදී රැකියා අඩු ආදායම්ලාභී, අඩු අධ්‍යාපන මට්ටමක් සහිත ලක්ෂයක් සදහා රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ මුල් කාර්තුවේ සිට ආරම්භ කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද(23) පැවැසීය. 23 December 2019
විපතට පත්වූවනට සහන සලසන්න ලක්ෂ 170 ක් දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට හදිසි සහන සැලසීම සඳහා රජය රුපියල් ලක්ෂ 170 ක් එම ප්‍රදේශ වෙත යොමු කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද (23) පැවසීය. 23 December 2019
ඊජිප්තුවෙන් ගෙන්වූ නරක් වූ ලූනු කන්ටේනරයක් සොයාගනී ඊජිප්තුවෙන් ගෙන්වන ලද, මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූනු තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස මාර්ගයේ කන්ටේනර් රථයක තබා අලෙවි කිරීමට සූදානම්ව තිබියදී දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකය සහ දඹුල්ල පොලිසියේ පරිසර ඒකකය මඟින් අද(23) සොයා ගෙන තිබේ. 23 December 2019
පාසල් සිසුවකුගෙන් මදුරු මර්දන බඳුනක් ප්ලාස්ටික් භාජන හා ටින් බඳුන්වලට ජලය එකතුවී මදුරුවන් බෝවීමෙන් විවිධ වසංගත රෝගවලට ගොදුරුව සෑම වසරකම විශාල පිරිසකගේ ජීවිත අහිමි වීම සුලභව වාර්තා වෙයි. 23 December 2019
කොටුව-බදුල්ල විශේෂ දුම්රියක් කොළඹ කොටුව හා බදුල්ල අතර විශේෂ දුම්රියක් ඉදිරි දින තුනකදී ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. 23 December 2019
තිස්සමහාරාම ඇල්ලගල කුඹුරු අක්කර 4000ක් වැස්සෙන් විනාශයි තිස්සමහාරාම ඇල්ලගල වාරි පද්ධතිය යටතේ වගාකර ඇති කුඹුරු අක්කර 4000 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි කිරිඳිඔය ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් උපාලි අරඹගේ මහතා පැවසීය. 23 December 2019
යතුරුපැදි එන්ජින් ධාරිතා ගැන නීති නැතැයි ජනාධිපතිට පොලිස්පතිට ලියයි රියදුරු බලපත්‍ර පංතියෙන් නියම කර ඇති යතුරුපැදි එන්ජින් ධාරිතා සීමා හැරුණු විට මෙරට මාර්ගයේ ධාවනය කර හැකි යතුරුපැදි එන්ජින් ධාරිතාව සම්බන්ධයෙන් කිසිදු නෛතික සීමාවක් පනවා නැතැයි කියමින් සමස්ත ලංකා යතුරුපැදි හිමිකරුවන්ගේ සංගමය ජනාධිපති ලේකම්වරයාට හා වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර ඇත. 23 December 2019
රාජිතගෙන් තෙවැනි වරටත් අපේක්ෂිත ඇප අයැදුම්පතක් සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තෙවැනි වරටත් අපේක්ෂිත ඇප අයැදුම්පතක් අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. 23 December 2019
කලාවැවේ වාන්ජලයට යටවූ පාලම අවදානම් තත්වයක කලා වැවේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලයෙන් යටවී තිබූ ප්‍රධාන මාර්ගයේ පාලම මේ වනවිට විවෘත කර තිබුණද, ජල පහරට හසුවීමෙන් එය විනාශ වී අවදානම් තත්වයක පවතින බව ප්‍රදේශවාසීහු කියති. 23 December 2019
මගුරු ගඟේදී ඔරුව පෙරළී අඹු සැමි යුවළ අතුරුදන් මගුරු ගඟ හරහා ඔරුවකින් යමින් සිටි තරුණ අඹු සැමි යුවළක් අද(23) ඔරුව පෙරළී අතුරුදන්ව ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි. 23 December 2019
වසාදැමුණු පස්සර-බිබිල මාර්ගය වෙනුවට විකල්ප මාර්ගයක් මාර්ගය ගිලාබැසීම හේතුවෙන් වසා දැමූ බදුල්ල පස්සර බිබිල මාර්ගය වෙනුවට, අම්බලම හන්දියෙන් ලුණුගල දෙසට පිවිසිය හැකි විකල්ප මාර්ගයක් හඳුන්වා දී ඇතැයි ලුණුගල ප්‍රාදේශීය ලේකම් නිමල් දිසානායක මහතා අද(23) පැවසීය. 23 December 2019
පූජිත්-හේමසිරි තවදුරටත් රිමාන්ඩ් අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු ලබන මස 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි අද (23) අධිකරණය නියම කර තිබේ. 23 December 2019
සිවාජිගේ විරෝධයෙන් යාපනේ‘සංඝමිත්තා-මිහිඳු-කාවන්තිස්ස‘ ප්‍රතිමා ඉවතට යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක සිරකරුවන් විසින් නිර්මාණය කර තිබූ චිත්‍රයකට අදාළව ප්‍රතිමා තුනක් එම ස්ථානයේ ස්ථාපිත කිරීමට යාමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එයට විරෝධය පෑම නිසා ඒවා එම ස්ථානයෙන් ඉවත් කළ බව පොලිස් ආරංචිමාර්ග කියයි. 23 December 2019
රාජ්‍ය ආයතනවලට විදේශ ගිවිසුම් තහනමක් රජයේ අමාත්‍යාංශවලට, පළාත් සභාවලට සහ රාජ්‍ය ආයතනවලට විදේශ රාජ්‍යයන්, තානාපති කාර්යාල හෝ විදේශ ආයතන සමඟ ගිවිසුම් වලට එළැඹීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විශේෂ චක්‍ර ලේඛයක් නිකුත්කර ඇත. 23 December 2019
වසා දැමූ පොළොන්නරුව - මඩකලපු මාර්ගය විවෘත කරයි ගංවතුර හේතුවෙන් තෙදිනක් පුරා වසා දමා තිබූ පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයේ අද (23) සිට වාහන ගමනාගමනය සඳහා එම මාර්ගය විවෘත කළ බව පොළොන්නරුව ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ උපුල් නානයක්කාර මහතා පැවසීය. 23 December 2019
නාය යෑමේ අවදානමෙන් රත්තොට කළුගල් කැඩීම තාවකාලිකව නවත්වයි පවතින අධික වර්ෂාව නිසා නාය යෑම් සහ ගල් පෙරලිමේ අවදානමෙන් රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම කළු ගල් කැණීම් කටයුතු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන බව රත්තොට ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතා පැවසිය. 23 December 2019
පාඨලී අත්අඩංගුවට ගත් ආකාරය ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේ දී පොලිසිය අනුගමනය කළ යුතු කි‍්‍රයා පිළිවෙත අනුගමනය කර ඇතිද යන්න පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාගෙන් අද (23) වාර්තාවක් කැදවන බව ජාතික පොලිස් කොමිසම කියයි. 22 December 2019
ආවා කල්ලි සොයා යාපනේ මෙහෙයුමක් යාපනය නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන කල්ලි සාමාජිකයින් හා අපරාධවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා අද (22) විශේෂ සෝදිසි මෙහෙයුම්ක් කි‍්‍රයාත්මක කළ බව පොලිසිය පවසයි. 22 December 2019
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපති වෛද්‍ය උත්පල රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා පත්කරනු ලැබ සිටියි. 22 December 2019
පාඨලීට මෙන් සංදීප්ටත් නීතිය ක්‍රියාත්මක කරවන්නැයි පැමිණිල්ලක් රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට අකාරයට සාමාන්‍ය මාර්ගයක ධාවනය කිරීමට අවසර නොමැති යතුරු පැදියක් ධාවනය කිරීම, රාජ්‍යක දේපළ වලට හානි සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ සංදීප් සම්පත් තරුණයාටද නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා ජාතික හෙළ උරුමයේ කඩුවෙල නාගරික මන්ත්රීැ බෝසෙත් කළහේපතිරණ මහතා අද (22) පස්වරුවේ පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 22 December 2019
ලක්ෂ 75 ක මත්කුඩු සමඟ ජාවාරම්කරුවෙක් එස් ටී එෆ් දැලේ රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා හොරොයින් තොගයක් සමඟ ප්‍රධාන පෙළේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අද (22) බඩෝවිටදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි. 22 December 2019
ගංවතුරෙන්- නාය යෑමෙන් දිවයින පුරා පවුල් 18,840 ක් අවතැන් දිවයිනේ දිස්ත්‍රික්ක 13 කට බල පා ඇති තද වැසි, ගං වතුර, නායයෑම් අවදානම් ඇතුළු ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 18,840 කට අයත් 64,608 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 22 December 2019
පස්සර - ලුණුගල මාර්ගය වහයි බදුල්ල-බිබිල ඒ5 මාර්ගයේ මිල්ලබැද්ද ප්‍රදේශයේ හොප්ටන් වතුයාය සමග මාර්ගය 22 උදේ සිට නාය යාමට ලක්වීමෙන් පස්සර-ලුණුගල අතර මාර්ගය අද (22) සිට සම්පුර්ණයෙන්ම වසා තැබන බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඊ.එම් උදයකුමාර මහතා පැවසිය. 22 December 2019
වී අලෙවි මණ්ඩල සතු වී වී මෝල් වලට මුදා හරිනවා වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කිරීම සදහා වී මෝල්වලට මුදාහරින බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ලංකාදීපයට අද (22) පැවැසීය. 22 December 2019
තවත් රාජ්‍ය ආයතන දෙකකට සභාපතිවරු දෙදෙනෙක් තවත් රාජ්‍ය ආයතන දෙකක් සඳහා සභාපතිවරුන් පත් කරනු ලැබ ඇත. 22 December 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026