IMG-LOGO

ආරක්ෂිතව තේ නිෂ්පාදනයේ පළමුවැනි ප්‍රමිති සහතිකය මවුන්ට්වර්නන් වතුයායට

(රංජිත් රාජපක්ෂ)

 

කොරෝනා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තේ කුඩු නිෂ්පාදනය කළ ලෝකයේ පළමු තේ කර්මාන්ත ශාලාවට හිමි ප්‍රමිති කාර්යංශයේ සහතිකය (එස්එල්එස්) ප්‍රමිති සහතිකය කොටගල වැවිලි සමාගමට අයත් හැටන්-කොටගල මවුන්ට්වර්නන් තේ කර්මාන්ත ශාලාවට පිරිනමා තිබේ.

කොළඹ පිහිටි ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශ ශ්‍රවණාගාරයේ දී එම තේ කර්මාන්ත ශාලාවට පිරිනමන ලද කොවිඩ් 19 ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ ප්‍රමිති සහතිකය ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශයේ අධ්‍යක්ෂක ජෙනරාල් ශෂිකා ඩී සේනාරත්න මහත්මිය විසින් එම වතු යායේ වතු අධිකාරි අර්ජුන මැදගම මහතා වෙත පිරිනමන ලදී.

ලෝක සෞඛ්‍යය සංවිධානය කොවිඩ් 19 වයිරසය සදහා නිර්දේශ කරන ලද සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කර යුතු ආකාරය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය විසින් කළ නිර්දේශ මත මවුන්ට්වර්නන් වතුයාය මගින් තේ දළු නෙලීමේ සිට තේ කුඩු නිෂ්පාදනය දක්වාම එම සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලදී.

ප්‍රමිති කාර්යංශය විසින් නිර්දේශ කරන ලද නිර්දේශ වතු පාලන අධිකාරි නිසි ලෙස අනුගමනය කරනවාද යන්න පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය විසින් මාස දෙකකට ආසන්න කාලයක් අධික්ෂණය කිරිමෙන් පසුව ප්‍රමිති සහතිකය එම තේ කර්මාන්ත ශාලාවට පිරිනමා තිබේ.

කොවිඩ් 19 සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මවුන්ට්වර්නන් තේ කර්මාන්ත ශාලාවට පිරිනමන ලද ප්‍රමිති සහතිකය සම්බන්ධයෙන් එම වතු යායේ වතු අධිකාරි අර්ජුන මැදගෙදර මහතා මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසීය.

‘අපිට ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය මගින් සහතිකයක් ලැබුණා. කොරෝනා ආරක්ෂක ක්‍රමවේද භාවිතා කළ ලෝකයේ පළමු තේ කර්මාන්ත ශාලාව විදිහට මවුන්ට්වර්නන් තේ කර්මාන්ත ශාලාව තේරි පත් වුණා. අපි අප යටතේ සේවය කරන සේවකයන්ගේ සෞඛ්‍යය තත්ත්වය 100% තහවුරු කරලා තියෙනවා කොරෝනා වයිසරයට සමගාමිව ගත හැකි සියළුම සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරලා තියෙනවා.

අපේ තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන තේ 100% සෞඛ්‍යය ආරක්ෂිතව තමයි තේ වෙන්දේසියට නිකුත් කරනු ලබන්නේ. අපේ ගැනුම්කරුවන්ට කියන්නේ අපි කොරෝනා ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කළ තත්ත්ව සහතියක් ලබාගෙන තියෙනවා. අපි මේකෙන් ලෝකයට කියන්නේ සිලොන් ටී සෞඛ්‍යය ආරක්ෂිතයි කියන එක. අපි ආඩම්බර වෙනවා එවැනි සහතියක් ලබා ගත් ලෝකයේ පළමු ආයතනය විම පිළිබඳව’.

 



අදහස් (0)

ආරක්ෂිතව තේ නිෂ්පාදනයේ පළමුවැනි ප්‍රමිති සහතිකය මවුන්ට්වර්නන් වතුයායට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 170 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 662 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1063 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site