
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සේවය කොළඹ-ෂැංහායි ගුවන් ගමන් අගෝස්තු 17 වැනිදා සිට සති හතරකට නවත්වන බව චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලනය සඳහන් කරයි.
එම මාර්ගය හරහා පැමිණෙන මගීන්ගෙන් වැඩිදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බැවින් එම තීරණය ගෙන ඇතැයි ද චීන සිවිල් ගුවන් සේවා පරිපාලනය කියයි.
‘එටිහාඩ්’ ගුවන් සේවයට අයත් යානා අබුඩාබි-ෂැංහායි හරහා ගමන් කිරීමත් ‘චයිනා ඊස්ටන් එයාර්ලයින්ස්’ ගුවන් සේවයට අයත් යානා ‘මැනිලා-ෂැංහායි’ හරහා ගමන් කිරීමත් අගෝස්තු 17 වැනිදා සිට අත්හිටුවන බව බව ද චීන සිවිල් ගුවන් සේවා පරිපාලනය කරයි.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කොරෝනා අඩුයි කියනවා නේද?
එතකොට කවුද හරි ඇත්ත කියන්නේ?
ගුවන් තොටුපොල වහලා තියෙන්නේ මැදපෙරදිග අයට විතරද...?