වෛද්‍ය සාෆිගේ පෙත්සම ජුනි 23ට කල් යයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම ලබන ජූනි 23 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළේය. 24 January 2020
‘කොරෝනා’ අවදානම අඩු කරන්න පූර්වාරක්ෂක පියවර මාලාවක් චීනයේ වූහෑන් නගරයේ සිට ලොව පැතිරෙමින් පවතින මාරාන්තික කොරෝනා වෛරසය මඟින් ඇතිවන අවදානම අවම කිරීම සඳහා පූර්වාරක්ෂක පියවර මාලාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම පියවර ගෙන ඇත. 24 January 2020
විදුලි බලාගාර තුනක් අලුතින් ඉදිකරන්න යයි මෙගාවොට් 1200ක ධාරිතාවක් ලබාගැනීම සඳහා අලුතින් විදුලි බලාගාර තුනක් ඉදිකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ. 24 January 2020
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන මස 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නියෝග කළේය. 24 January 2020
‘බැඳුම්කර වංචාව පසුගිය ආණ්ඩු දෙකේදීම වුණා’ ‘බැඳුම්කර සිද්ධියට අදාළ වෝහාරික විගණන වාර්තාව හෑල්ලුවට ලක්කරන්න පිරිසක් උත්සහ කරනවා. හොරාට කලින් කෙසෙල් කැන වැටී පනින්න හදනවා. මේ මුල්‍ය වංචාව පසුගිය ආණ්ඩු දෙකේදීම සිදුවෙලා තිබෙනවා’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. 24 January 2020
බහුදින යාත්‍රාවෙන් ගංජා ගෙන ගිය ධීවරයින් තවදුරටත් රිමාන්ඩ් බහුදින යාත්‍රාවකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටියදි නාවික හමුදාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරසිටින සැකකාර ධීවරයින් හයදෙනා තවදුරටත් පෙබරවාරි 7වන දින දක්වා බන්ධානාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(24) නියෝග කළේය. 24 January 2020
චීන ජාතිකයන්ට වීසා ගන්න චීන සමාගමකට කැබිනට් අනුමැතිය චීන සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණිමේ දී වීසා ලබාගැනීම ආදී කටයුතු කර දීම සඳහා චීනයේ ෂැංහයි පිහිටි සීමා සහිත ට්‍රැවල්සන් ඉන්ටර්නැෂනල් ට්‍රැවල් සර්විස් සමාගමේ සේවය ලබාගැනීමට රජය අවසර දී තිබේ. 24 January 2020
බසයක්-ටිපර් රියක් ගැටී විදේශිකයෙක් ඇතුළු 5 ක් රෝහලේ මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට කිරළ කැලේ ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් හා ටිපර් රථයක් (24) දහවල් ගැටීමෙන් සිදු වූ අනතුරකින් විදේශිය ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව අම්බලන්තොට පොලීසිය කියයි. 24 January 2020
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආර්.පී.බන්දුල තිලකසිරි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස නීතිඥ ආර්.පී.බන්දුල තිලකසිරි මහතා පත්කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ. 24 January 2020
‘කොරෝනා’ චීනයේ තවත් නගරයක් ගිලගනී මාරාන්තික වෛරසය පැතිර යෑමත් සමඟ චීනය අද (24) තවත් නගරයකට සංචාරක තහනමක් පැනවීය. 24 January 2020
පාත්ෆයින්ඩර් පදනමේ වාර්තාව ජනපතිට පිළිගන්වයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුකූලව යමින් විදේශ ප්‍රතිපත්ති සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ‘පාත්ෆයින්ඩර් පදනම’ සකස් කළ වාර්තාවක් ඉකුත් දා ජනාධිපති කාර්යාලයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්වීය. 24 January 2020
නීතිඥවරු අධිකරණ භූමියේ නිහඬ විරෝධතාවක ඇඹිලිපිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග ලබාදීම නීතියට පටහැනි අත්තනෝමතික ක්‍රියාවක් බව සඳහන් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු අද(24) අධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූහ. 24 January 2020
කතට වෙඩි තැබූ වෙළඳසැල් හිමිකරු නිල්ගල වනයෙන් අල්ලයි බිබිල කරාඩුගල වෙඩි තැබීමට සම්බන්ධ වෙළඳසැල් හිමිකරු (58) නිල්ගල වනාන්තරයේ සැඟව සිටියදී අද (24) අත්අඩංගුවට ගත් බව කරාඩුගල පොලිසිය පවසයි. 24 January 2020
බදුල්ල රෝහලෙන් වකුගඩු රෝගීන්ට ‘රුධිර වාහිනී සුරක්ෂා පටියක්’ රුධිර කාන්දු පෙරණය සදහා යොමුකරන වකුගඩු රෝගීන්ගේ ආරක්ෂාව සහ ක්රියාදාමයේ සාර්ථකත්වය වෙනුවෙන් රෝගියාගේ නුහුරු අතෙහි පැළඳීම සඳහා ’’රුධිර වාහිනී සුරක්ෂා පටියක් ’’(Haemodialysis Bracelet for Vascular Access Preservation) බදුල්ල පළාත් මහ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා හඳුන්වාදී තිබේ. 24 January 2020
වෙඩි තබා කාන්තාවක ඝාතනය කරලා - දෙදෙනෙකුට තුවාල බිබිල කරාඩුගල පිටකුඹුර හතේ කණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු කළ වෙඩි තැබීමකින් කාන්තාවක මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බිබිල මූලික රෝහලට ඇතුලත් කර ඇතයි කරාඩුගල පොලීසිය පවසයි. 24 January 2020
තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනේ බන්දුල ගුණවර්ධන මහතාට අයත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන , තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයට අයත්ව තිබූ සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබේ. 23 January 2020
බස් රථ දෙකක් ගැටී රියදුරන්ට බරපතලයි බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල නිල්බෝවිල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස්රථයක් අද (23) සවස මුහුණට මුහුණලා ගැටීමෙන් බස් රථ දෙකෙහිම රියදුරන් දෙදෙනා බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතයි හාලිඇල පොලිසිය පවසයි. 23 January 2020
‘‘ජනාධිපති කොමිසමෙන් සීඅයිඩීය ගැනද සොයා බැලිය යුතුයි‘‘ යහපාලන ආණ්ඩු සමයේදී රාජ්‍ය නිලධාරීන්ට සිදුව ඇති දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන්ද සොයා බැලීය යුතු බවට ජනාධිපති ලේකම්වරයා නියම කර තිබේ. 23 January 2020
ලොරියකට යටවී නීති සිසුවෙක් මරුට යතුරු පැදියක ගමන්ගත් තරුණ නීති ශිෂ්‍යයකු නිට්ටඹුව හංවැල්ල මහා මාර්ගයේ වතුපිටිවල මඩුවේගෙදර දී අද (23) රාත්‍රී 7.00ට පමණ ලොරි රථයකට යටවී මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසයි. 23 January 2020
යතුරු පැදිය දුම්රියේ ගැටී දෙදෙනෙක් මරුට අලුත්ගම දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය අසල අද (23) සවස යතුරු පැදියක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි. 23 January 2020
විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධිය සඳහා අයඳුම්පත් කැඳවීම මාර්තු 1 වැනිදා සිට විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධිය සඳහා අයඳුම්පත් කැඳවීම මාර්තු 1 වැනිදා සිට ආරම්භ කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම විශ්වවිද්‍යාලයේදී පැවැසීය. 23 January 2020
රන්ජන් සමඟ දුරකතන සංවාද පැවැත්වූ විනිසුරුවරුන්ගේ දුරකතන වාර්තා ලබාගන්නැයි උපදෙස් පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාද වල යෙදුණු මහාධිකරණ විනිසුරුවරුන් වන පද්මිණි රණවක, ගිහාන් පිළපිටිය හා ධම්මික හේමපාල යන මහත්ම මහත්මීන්ගේ දුරකතන සම්බන්ධ වාර්තා එම දුරකතන ආයතන වලින් ලබාගැනීමට කටයුතු කරන ලෙස නීතීපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයාට අද (23) නියම කළේය. 23 January 2020
විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට උපදෙස් පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ එක්වී බොරු සාක්කි සෑදීම සඳහා කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතාට එරෙහිව වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස නීතීපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්යක්ෂවරයාට අද (23) නියම කළේය. 23 January 2020
රෝහින්ග්‍යා මුස්ලිම් ඝාතන වළක්වන්නැයි ජාත්‍යන්තර අධිකරණයෙන් නියෝග මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් සමූල ඝාතනය කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර අධිකරණය නියෝග කර තිබේ. 23 January 2020
මේජර් අජිත් ප්‍රසන්නට නොතිසි අධිකරණයේ විභාග කරන නඩුවක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී වැරදි සහගත ප්‍රකාශයක් කර අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා හෙට (24) අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතාට අද (23) නියම කරමින් නොතිසි නිකුත් කළේය. 23 January 2020
ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි නිවීමට ගිය හෙලිකොප්ටරය කඩා වැටී 3ක් මරුට ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලැව්ගිනි නිවීමට යොදාගත් හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 23 January 2020
බඹරුන් ඇනීමෙන් වතු කම්කරුවෙක් මරුට පතන, කෙලීවත්තේදී බඹරුන් ඇනීමෙන් වතු කම්කරුවෙකු අද (23) මියගොස් ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි. 23 January 2020
‘අජිත් ප්‍රසන්නගේ පැමිණිල්ල ද්වේෂසහගතව ගොතපු පුවතක්’ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ සහෝදරයකු වන රිල්වාන් නමැත්තා රෝහල් ගතකර සිටියදී ඔහුගේ සුව දුක් විමසීමට ගිය බව සඳහන් කරමින් පුවත්පත්වල පළවූ වාර්තා සහ ඊට මූලික වූ මේජර් අජිත් ප්‍රසන්න නමැත්තාගේ පොලිස් පැමිණිල්ල සත්‍යයෙන් තොර ද්වේෂ සහගත ලෙස ගොතන ලද ප්‍රවෘත්තියක් යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 January 2020
අල්ලස් ගත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වසර 20 ක් සිරගෙට අභ්‍යාසලාභී ගුරුවරියකගේ සේවය ස්ථිරකරදීම සඳහා අභ්‍යාසලාභී ගුරුවරියගේ ඥාතියකුගෙන් රුපියල් ලක්ෂ 2 ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු නිකවැරටිය හිටපු සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා වසර 20 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. 23 January 2020
වෛද්‍ය සිසුවිය ඝාතනය කළ හමුදා සෙබළා රිමාන්ඩ් යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යපනය ලද වෛද්‍ය සිසුවිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඇයගේ සැමියා වන යුද හමුදා සෙබළා පෙබරවාරි 6 වැනිදා දක්වා රික්ෂිත බන්ධනාගාරගත කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් එස්.පීටර් පෝල් මහතා අද (23) නියෝග කළේය. 23 January 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026