වෛද්‍ය සිසුවිය ඝාතනය කළ සෙබළා ගැන හමුදාවෙන් පරීක්ෂණ යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨයේ අවසන් වසරේ සිසුවියක වන රෝෂීනී කාන්චනා (28) ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ඇගේ සැමියා වන යුද හමුදා ලාන්ස් කෝප්රල් එරංග දිලිප් කුමාර (28) නැමැත්තා සම්බන්ධයෙන් මුලික පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව හමුදාව කියයි. 23 January 2020
ලංගමයේ ඩිපෝවල විෂමාචාර සොයන්න කමිටුවක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ බස් ඩිපෝවල පසුගිය කාලය තුළ වාර්තා වූ විෂමාචාරයන් සම්බන්ධව පුළුල් විමර්ශනයක් කිරීමට සිව්පුද්ගල විශේෂ විමර්ශන කමිටුවක් පත්කර තිබේ. 23 January 2020
‘ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු සියල්ල පුරවනවා’ ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු සියල්ල ඉක්මණින් සම්පූර්ණ කරන බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 23 January 2020
ඉම්රාන් ඛාන් එජා සංවිධානයෙන් උපකාර ඉල්ලයි මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශය සම්බන්ධයෙන් තිබෙන අර්බුදය විසඳා ගැනීමට උපකාර කරන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේය. 23 January 2020
කල්ලාරු අනවසර ඉදිකිරීම් වළකන පෙත්සම විභාගය 27දා විල්පත්තු රක්ෂිත වනාන්තර කලාප ආසන්නයේ, කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපය එළිකර අනවසර ඉදිකිරීමේ වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගය ලබන 27 වැනිදා තෙක් කල්තැබීමට අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා අද(23) නියෝග කළේය. 23 January 2020
‘දීගොඩ කුමාර’ රිමාන්ඩ් විශ්ව ශක්ති බලයෙන් රෝග සුවකිරීමේ වැඩසටහනකදී ලබා දුන් ආහාරයකින් සිසුවකු අසාධ්‍ය තත්වයට පත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දීගොඩ කුමාර නමැත්තා මේ මස 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද (23) නියෝග කළේය. 23 January 2020
ශානි සීඅයිඩීයෙන් පිටව යයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා පැය 5හමාරක ප්‍රකාශයක් ලබාදීමෙන් පසු එම දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගොස් තිබේ. 23 January 2020
‘බංගලාවේ ඉන්නේ කතානායක-හිටපු අගමැති ඇතුළු රජයේ එකඟත්වයෙන්’ විපක්ෂනායක බංගලාවේ නොකඩවා රැදී සිටින්නේ කථානායකවරයා සහ හිටපු අගමැතිවරයා ප්රමුඛ පැවති රජය ගත් පොදු එකඟත්වයට අනුව මිසක තමාගේ ඉල්ලීම හෝ බලකිරීම මත නොවන බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා අවධාරණය කරයි. 23 January 2020
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් පත්කිරීම සඳුදා පසු අවසන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට සියලු සාමාජිකයන් පත් කිරීම ලබන සදුදා (27) වනවිට අවසන් කෙරේ. 23 January 2020
ලංවිම ඉංජිනේරුවෝ කෝටි 500ක බදු ගෙවීම පැහැර හරිති රජයේ විගණකාධිපති වාර්තා අනුව 2010 වසරේ සිට ලංවිම ඉංජිනේරුවන් උපයන විට බදුගෙවීම පැහැර හැරීම හේතුවෙන් රුපියල් කෝටි 500කට අධික බදු ආදායමක් රජයට අහිමිව ඇතැයි ද, එම මුදල වහාම ඔවුන්ගෙන් අයකරගෙන එහි සහනය විදුලි පාරිභෝගිකයන්ට ලබාදෙන්නැයිද පාරිභෝගික අයීතින් සුරැකීමේ ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටියි. 23 January 2020
‘රන්ජන් කිසිදු හඬපටයක් සභාගත කර නෑ’ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ආන්දෝලනාත්මක කිසිදු හඬපටයක් දැනට පාර්ලිමේන්තුවේ සභාගත කර නොමැති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද (23) දැනුම් දුන්නේය. 23 January 2020
බන්ධනාගාර බසයක් අනතුරට ලක්වීමෙන් 14 කට තුවාල අඹන්පොළ කළුවිලපතාන ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයක් අද (23) පෙරවරුවේ අනතුරට ලක්වීමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ ගල්ගමුව පොලිසිය පවසයි. 23 January 2020
කනිෂ්ක විජේරත්න අල්ලස් කොමිසමේ නව අධ්යක්ෂ ජනරාල් ධූරයට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස අම්පාර මහාධිකරණ විනිසුරු කනිෂ්ක විජේරත්න මහතා පත්කරනු ලැබ සිටී. 23 January 2020
රිෆ්ඛාන් බදියුදීන් රිමාන්ඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රිෆ්ඛාන් බදියුදීන් මහතා පෙබරවාරි 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. 23 January 2020
නැවත දැනුම් දෙනතුරු රන්ජන්ගේ හඬ පරීක්ෂණය නවතී රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ කටහඬ සාම්පල ලබා ගැනීම සඳහා අද (23) රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද එසේ නොකළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි. 23 January 2020
බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ අධ්යක්ෂ ඇතුළු පොලිසියේ 28කට මාරුවීම් බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 28 දෙනකුට වාහම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථාන කියයි. 23 January 2020
රිෆ්ඛාන් බදියුදීන් අත්අඩංගුවට ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් රිෆ්ඛාන් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. 23 January 2020
රන් බිස්කට්-ආභරණ සමඟ තිදෙනෙකු ගුවන්තොටෙන් අල්ලයි ගුවන් මගියකු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන එන ලද රුපියල් කෝටි පහකට වැඩි වටිනාකමකින් යුත් රන් අබරණ හා රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපොළින් පිට කිරිමට තැත්කළ තිදෙනෙකු ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අද (23) අත්අඩංගුවට ගනු ලැබීය. 23 January 2020
කුවේට් ගිය ගෘහ සේවිකාවෝ 52 ක් යළි ලංකාවට කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට නිවෙස් හිමිකරුවන් වෙතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 52 ක් අද (23) කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි. 23 January 2020
ශානි සීඅයිඩීයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ප්‍රකාශයක් ලබාදීම අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 23 January 2020
වී කිලෝවක් රුපියල් 50 කට මිලදී ගන්න රජය තීරණය කරයි මහ කන්නයේ වී තොග කිලෝව රුපියල් 50 බැගින් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ. 22 January 2020
ජයම්පතිගේ මන්ත්‍රීධූරය රත්නප්‍රියට ජයම්පති වික්‍රමරත්න මහතා එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පුඩු වූ මන්ත්‍රීධූරය සඳහා වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයකු වන සමන් රත්නප්‍රිය මහතා නම් කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදිපයට පැවැසීය. 22 January 2020
‘‘මහමැතිවරණයේදී රනිල් - සජිත් - කරූ එකට සිටගත යුතුයි‘‘ ඉදිරි මහමැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් රනිල්, සජිත්, කරූ එකට සිටගත යුතු බව හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. 22 January 2020
සහල් හිඟයක් නෑ මෙරට සහල් හිඟයක් නැතැයි ද කාලීන මිල ඉහළ යාමක් මිස කෘතිම මිල ඉහළ නැන්වීමක් නැතැයි ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්යේෂණ පුහුණු ආයතනයේ වැඩ බලන අධ්යක්ෂ දුමින්ද ප්‍රියදර්ශන මහතා ලංකාදීපයට අද(22) පැවැසීය. 22 January 2020
‘‘හිටපු විපක්ෂ නායකට ලබාදී තිබෙන වරප්‍රසාද අඩු කරන්නේ නෑ‘‘ හිටපු විපක්ෂනායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතාට ලබා දී තිබෙන වරප්‍රසාද වල කිසිඳු අඩුවක් නොකරන බව සභානායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 January 2020
ෂැංග්‍රීලා බෝම්බකරුගේ පියා ඇතුළු 6 ක් රිමාන්ඩ් කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරුණූ බෝම්බකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් ඊබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ් ගේ පියා සහ තවත් පුද්ගලයින් හය දෙනෙකු මාස 08 ක රැඳවුම් නියෝගයකින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය. 22 January 2020
‘ගෝඨාභය රාජපක්ෂ මහතාට බලය දුන්නේ ජනතාව බඩගින්නේ තියන්න නෙමේ‘ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට වරමක් ලබාදුන්නේ පාස්කු ප්‍රහාරයට, මහ බැංකු වංචාවට වගකිවයුත්තන් සොයා දඬුවම්දීමට මිස රන්ජන් රාමනායකගේ කුණුහරප අසන්නට දී ජනතාව බඩගින්නේ තැබීමට නොවේ යැයි එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය. 22 January 2020
‘මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට හේතුව පෞද්ගලිකයි‘ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට හේතුවූයේ පෞද්ගලික හේතුවක් බව ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න මහතා ලංකාදිපයට අද (22) පැවැසීය. 22 January 2020
අඩු ආදායම්ලාභීන්ගේ රැකියා අයැඳුම්පත් පෙබරවාරි 15ට පෙර ග්‍රාම නිලධාරීවරුන්ට දෙන්න අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන්ට රජයේ රැකියා ලබාගැනීම සඳහා සම්පූර්ණකළ අයදුම්පත්‍ර පෙබරවාරි 15 වැනි දිනට පළමුව ග්‍රාම නිලධාරීවරුන්ට බාරදිය දිය යුතු බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි. 22 January 2020
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 22 January 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026