වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනකුට සිතාසි කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට ලබන 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් එම නඩුව විභාග කිරීම සඳහා පත්කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කළේය. 22 January 2020
වෛද්‍ය සිසුවියගේ ගෙල කපා ඝාතනය කළැයි සෙබළෙක් අත්අඩංගුවට යාපනය පන්නෙයි කොටුව අසලදී අද (22) දහවල් යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියකගේ ගෙල කපා ඝාතනය කර පළා යමින් සිටි සැකකරුවෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇත. 22 January 2020
මහජන සාමය පවත්වාගෙන යාමේ බලතල තවත් මාසයක් ත්‍රිවිධ හමුදාවට රට පුරා මහජන සාමය පවත්වාගෙන යාමේ බලතල තවත් මාසයක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි ත්‍රිවිධ හමුදාව යටතට පත්කර තිබේ. 22 January 2020
ධර්ම ගුණසිංහ අභාවප්‍රාප්ත වෙයි කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයකු වූ ධර්ම ගුණසිංහ මහතා අද (22) අභාවප්‍රාප්ත විය. 22 January 2020
‘කොරෝනා’ වෛරසය දැනගන්න ගුවන්තොටුපලේ විශේෂ යන්ත්‍ර 3 ක් චීනය පුරා මේ දිනවල සීඝ්රයෙන් පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සියලුම ගුවන් මගීන්ගේ සිරුරුවල උෂ්ණත්වය මැන, වාර්තා කිරීමට විශේෂ ස්වයංක්‍රීය යන්ත්‍ර 3ක් ද පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කර තිබේ. 22 January 2020
ගණිකා වෘත්තියේ යෙදුණු උස්බෙකිස්තානු කාන්තාවෝ 5 ක් අත්අඩංගුවට සංචාරක වීසා රැගෙන ශ්‍රී ලංකාවට පැමිණ ගණිකා වෘත්තියේ යෙදී සිටි උස්බෙකිස්ථානු ජාතික තරුණ කාන්තාවන් පස් දෙනකු කොල්ලුපිටියේ සහ වැල්ලවත්තේදී හෝටල් දෙකකදී අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. 22 January 2020
ත්‍රිරෝද රථයක් පෙරළී පාසල් සිසුන් තිදෙනෙකුට තුවාල බලන්ගොඩ වලේබොඩ කොවුල්කැටිය ප්‍රදේශයේ දි ත්‍රිරෝද රථයක් පෙරළීමෙන් එහි ගමන් කළ පාසල් දරුවන් තිදෙනෙකු තුවාල ලබා අද (22) බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. 22 January 2020
මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් හිටපු ඇමැති ලක්ෂ 20,050 ක් වියදම් කරලා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථාවර තැන්පතුවෙන් රුපියල් ලක්ෂ 20,050 ක් පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව හිටපු විෂයභාර ඇමතිවරයා විසින් වියදම් කර ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (21) පැවසීය. 22 January 2020
ස්වීස් තානාපති කාර්යාල නිලධාරිනියගේ දුරකතන සංවාද උසාවියේදී දිග හැරේ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය පැහැරගත්තා යැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ සන්ඬේ ඔබ්සර්වර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ දරීශා බැස්ටියන් යන තිදෙනා ඇතුළු පිරිසක් දුරකතන මගින් සම්බන්ධවී ඇති බව දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන් 22 January 2020
හැරී-මේගන්ගේ පෞද්ගලිකත්වය රකින බව කැනේඩියානුවෝ කියති රාජකීය භූමිකාවෙන් ඉවත් වූ හැරී-මේගන් යුවල කැනඩාවේ ගතකරන නිදහස් ජීවිතයට අදාළව ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන බව ඔවුන්ගේ නව අසල්වැසියෝ පවසති. 22 January 2020
දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපිකරුවන් පිරිසක් අතිකාල වංචාවක දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන ‘‘දුම්රිය නිලැඳුම් සේවා අර්ථසාධක අරමුදල්‘‘ කාර්යාලයේ ලිපිකරුවන් අතිකාල වංචාවක නිරත වන බවට එහි පාලක කමිටුව චෝදනා කරයි. 21 January 2020
‘අර්ජුන් ඇලෝසියස්ගේ හඬපටත් මා ගාව තියෙනවා. හැකිනම් කොමිසමක් දාන්න’ බැඳුම්කර වංචාවේ අර්ජුන ඇලෝසියස් තමන්ට කතා කරපු අවස්ථාවල හඬපට තමන් සතුව ඇති බවත්, ඔහු තමන්ට සල්ලි දෙන්න උත්සාහ කිරීමේ හඬපට තමන් සතුව ඇති බවත් පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හැකිනම් තමන්ගේ හඬපට විමර්ශනය කිරීම සඳහා කොමිසමක් පත්කර ලෙස කියා සිටී. 21 January 2020
මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාද පැවැත් වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම වහාම ක්‍රියාත්මක වන පරිදි අද (21) පස්වරුවේ ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ වැඩ තහනම් කර ඇත. 21 January 2020
අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ් පැල්මඩුල්ල අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකුගෙන් රුපියල් 50000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමට තැත්කළ පැල්මඩුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සැරයන්වරයෙකු පෙබරවාරි 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (21) නියෝග කළේය. 21 January 2020
‘‘ජනපති - අගමැති තනතුරුවලින් ඉවත් වූ පසු නීතිපතිට පෙනී ඉන්න බෑ‘‘ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටීමට නීතිපතිවරයා බැඳී සිටින නමුත් ඔවුන් එම තනතුරුවලින් ඉවත් වූ පසුව එම බැඳීම අවසන් වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා මහතා පැවසීය. 21 January 2020
දිලුම් අමුණුගමට - සී.බී රත්නායකට විෂයයන් පැවරේ ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු වන දිලුම් අමුණුගම සහ සී. බී රත්නායක යන අමාත්‍යවරුන්ට විෂයයන් හා කාර්යයන් පවරා තිබේ. 21 January 2020
බද්දේගම මහේස්ත්‍රාත්ගෙන් පැය දෙක හමාරක් ප්‍රකාශ ගනී අධිකරණ කටයුතු සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ කතා කළ බව කියන වීඩියෝ පටක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට කැඳවා සිටි දැනට වැඩ තහනමට ලක්ව සිටින බද්දේගම මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා පැය දෙක හමාරකට අධික කාලයක් පුරා ප්‍රකාශයක් ලබාදීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටව ගියේය. 21 January 2020
දයාසිරි ශ්‍රී.ල.නි.ප.යට තුනෙන් එකක් ඉල්ලයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවීමට නියමිත සන්ධානයෙන් එළඹෙන මහ මැතිවරණය ස`දහා අපේක්ෂක ලැයිස්තු සකස් කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තුනෙන් එකක අපේක්ෂක ප්‍රතිශතයක් ලබාදිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 21 January 2020
පෞද්ගලිකව හානි වූ අයගෙන් රන්ජන් පාර්ලිමේන්තුවේදී සමාව ඉල්ලයි හඬ පට ප්‍රචාරය වීමෙන් පෞද්ගලිකව හානී වු සියලු දෙනාගෙන් අවංකවම සමාව ඉල්ලන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද ( 21) පැවසීය. 21 January 2020
ගානියර්ගේ දුරකතන වාර්තා ගැන සීඅයිඩීය අධිකරණයට කරුණු දක්වයි පැහැරගැනීමට ලක් වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අයගේ දුරකතන වාර්තා සම්බන්ධයෙන් අද(21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය. 21 January 2020
ශානි බ්‍රහස්පතින්දා සීඅයිඩීයට වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ, ශානි අබේසේකර මහතා ලබන 23 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව අද(21) අධිකරණයට කරුණු වාර්තා කළේය. 21 January 2020
වැඩ තහනම් වූ බද්දේගම මහෙස්ත්‍රාත් අපරාධ කොට්ඨාසයට අධිකරණ කටයුතු සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ කතා කළ බව කියන වීඩියෝ පටක් සම්බන්ධ සිද්ධියකට දැනට වැඩ තහනමට ලක්ව සිටින බද්දේගම මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ඇත. 21 January 2020
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ඒ.එච්.එම්.ඩී. නවාස් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඞී. නවාස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදී. 21 January 2020
අල්ලස් ගත් ආගමන විගමන කළමනාකාර සහකාරවරයා රිමාන්ඩ් අල්ලස් වශයෙන් රුපියල් 5000 ක් ලබා ගත් බව කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරයා ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(20) නියෝග කළාය. 21 January 2020
හෙරොයින් ළඟ තබාගත්තැයි ජීවිතාන්තය දක්වා හිරේට හෙරොයින් ග්‍රෑම් 03 ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු ග්රැන්ඞ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (21) නියම කළේය. 21 January 2020
කසළ කන්දේ දුමාරයක්: පාසලක්-පෙර පාසල් 2 ක් වහයි කතරගම වැඩිහිටිකන්ද පාමුල කසළ කන්දකට කිසියම් පිරිසක් ගිනි තැබීමෙන් නිකුත් වූ අහිතකර දුමාරය හේතුවෙන් ඒ ආසන්නයේ පිහිටි දෙටගමුව විදුහල සහ පෙරපාසල් දෙකක් අද(21) වසා දැමීමට පියවර ගෙන තිබේ. 21 January 2020
රාජිතට නොතීසි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්රතිශෝධන අයදුම්පත්‍රය සළකා බැලීමට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා එම පෙත්සමේ වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අද (21) නොතිසි නිකුත් කළේය. 21 January 2020
ටීඑන්ඒ සමඟ එක්වන්නැයි විග්නේෂ්වරන්ට ආරාධනා එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව තරග කිරීමට එක්වන ලෙසට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් මහතා වෙතට ආරාධනා කරන බව ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පැවසීය. 21 January 2020
අල්ලස් ගත් සැරයන් අත්අඩංගුවට පුද්ගලයකුගෙන් රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබාගැනීමට ගිය පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අද (21) පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 21 January 2020
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාරට ඇප මේ වන විට මාස තුනකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටිය පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වලිමුනි මෙන්ඩිස් අබේසේකර ශාන්ත සිසිර කුමාර මහතා ඇප මත මුදා හැරීමට හලාවත මහාධිකරණ විනිසුරු ජගත් ඒ කහදගමගේ මහතා අද ( 21 ) නියෝග කළේය. 21 January 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026