චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුහු 204 ක් යළි පැමිණෙති කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ගතවු දෙදින චීනයේ රැදි සිටින ශ්‍රී ලාංකික සිසුන් 204 දෙනෙකු යළි මෙරටට පැමිණි බව විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කරයි. 28 January 2020
රන්ජන්ගේ පැහැදිලි හඬපටය රස පරීක්ෂකට තාම ලැබී නෑ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ හඬ සසැඳීම සඳහා අවශ්‍ය කෙරෙන හඬපටය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඊයේ (27) වනතුරුත් ලැබී නොතිබිණ. 28 January 2020
කොරෝනා 106ක් බිලිගනී - 4000කට ආසාධිතයි නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමෙන් මේවනවිට චීනයේ වූහාන් නගරය ඇතුළු ලොව පුරා පුද්ගලයන් 4,000ක් පමණ ආසාධිත තත්වයට පත්ව ඇතැයි වාර්තා වේ. 28 January 2020
හැටන් දික්ඔය නගර සභාවේ තානායම ගිනිගනී හැටන් දික්ඔය නගර සභාව සතු තානායම අද(28) අලුයම හටගත් ගින්නකින් විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය. 28 January 2020
කටුනායක පර්යන්තයට අමුත්තන් ඇතුළුකරගැනීම නවතයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම අද(28) උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙන තුරු අත් හිටුවීමට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර තිබේ. 28 January 2020
හිටපු යුද හමුදාපති විදේශ ගතවීමෙන් පරීක්ෂණ අතරමග පාස්කු ප්‍රහාරයෙන් පසු හමුදාව විසින් දෙහිවලදී අත්අඩංගුවට ගෙන සිටි ත්‍රස්තවාදී සැකකරුවකු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා අවස්ථා දෙකකදී හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතාට ඇමැතුම් ලබා දී බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති පරීක්ෂණයට විශ්‍රාමික හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා විදේශගත වී සිටීම හේතුවෙන් බාධා එල්ලවී ඇතැයි පොලිසිය කියයි. 27 January 2020
කොරෝනා වෛරසය ආසාධිත පළමු රෝගියා වාර්තාවෙයි ශ්‍රී ලංකාවෙන් ‘නව කෙරෝනා’ වෛරසය ආසාධිත පළමු රෝගියා හමු වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය අද (27) නිවේදනය කළේය. 27 January 2020
චීනයේ සිටි ලාංකික සිසුහු 50 ක් ලංකාවට චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද (27) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණි බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසීය. 27 January 2020
කොරෝනා සම්බන්ධ පරීක්ෂණවල නියුතු සෞඛ්‍ය සේවකයින් අනාරක්ෂිතයි කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් හඳුනාගැනීමේ සහ එම වෛරසය හා සම්බන්ධ පරීක්ෂණ කටයුතුවල නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් කමිටුවේ සභාපති රවි කුමුදේශ් මහතා අද (27) පැවසීය. 27 January 2020
විශේෂ ගුවන් යානයක් හෙට චීනයට චීනයේ වෙසෙන ලාංකික සිසුන් ලංකාවට රැගෙන ඒම සඳහා හෙට (28) විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් චීනය බලා පිටත්ව යෑමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් පැවසීය. 27 January 2020
‘ද ෆිනෑන්ස් සමාගම යළි සක්‍රීය කරන්න පියවර ගන්නවා ’ මේ වනවිට ගනුදෙනු නතර කර තිබෙන සී/ස ද ෆිනෑන්ස් සමාගම වැසීයාම වළක්වා එය යළි සක්‍රීය තත්වයට පත්කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය. 27 January 2020
සුදුවෑන් මාධ්‍ය හමුවට එක් වූ දෙදෙනාට රාජිතගෙන් මරණ තර්ජන ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධ සැබෑ තතු හෙළි නොකරන ලෙසට දන්වමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් මරණ තර්ජනය එල්ල වී ඇති බව පවසමින් එම සුදුවෑන් මාධ්‍ය හමුවට එක් වු කොටහේන පදිංචි ඩබ්ලිව්. ජී. අතුල සංජීව මදනායක අම්පාර පදිංචි එස්. ඩබ්ලිව්. ඒ. සරත් කුමාර යන දෙදෙනා අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. 27 January 2020
එම්සීසී ගැන මහජන අදහස් විමසයි ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට යෝජිත එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට එම ගිවිසුම අධ්‍යයනය කිරීමට පත්කළ විද්වත් කමිටුව තීරණය කර තිබේ. 27 January 2020
නිදහස් සැමරුමට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක් නිදහස් චතුරඝ්‍රය පෙබරවාරි 4 වැනි පැවැත්වීමට නියමිත 72 වන ජාතික නිදහස් සමරු උළෙලෙහි, සැමරුම් උත්සවය හා ඒ සඳහා කෙරෙන පෙර පුහුණුවීම් වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. 27 January 2020
‘මාර්තු 2 න් පසු පාර්ලිමේන්තුව විසිරුවීමේ නීතීමය බලය ජනපතිට තියෙනවා‘ මෙම වසරේ මාර්තු 2 න් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීතිමය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට හිමිවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (27) පැවැසීය. 27 January 2020
කරන්නාගොඩට-දසනායකට එරෙහි නඩුවට ජනපති කොමිසමෙන් නියෝගයක් නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීලට් වසන්ත කරන්නාගොඩ සහ රියාද් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම වළකාලමින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර තිබේ. 27 January 2020
සීඅයිඩීය රාජිතගෙන් පැය 4ක් ප්‍රකාශ ගනී සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) දෙවන දිනටත් පැය 4 ට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව එම දෙපාර්තමේන්තුව කියයි. 27 January 2020
හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට එරෙහි චෝදනා විභාගය දින දෙකකට අත්හිටුවයි අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව නීතිවිරෝධී අන්දමින් අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා 25 ක් යටතේ ගොනු කර ඇති අධි චෝදනා නඩු විභාගය බදාදා (29) තෙක් අත්හිටුවීමට අභියාචනාධිකරණය අද (27) නියෝගයක් නිකුත් කළේය. 27 January 2020
ඉංජිනේරු සංස්ථාවේ 2400 කට ජනවාරියේ වැටුප තව ගෙවා නෑ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් විශාල සංඛ්‍යාවකට මේ වන තුරුත් ජනවාරි වැටුප ගෙවා නැති බවට ජාතික සේවක සංගමය චෝදනා කරයි. 27 January 2020
චීන ගුවන් මගීන් වෙනම පර්යන්තයකින් කටුනායකට චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන්, වෙනම ගුවන් මගී පර්යන්තයක් ඔස්සේ, ගුවන් තොටුපළ වෙත ඇතුළු කර ගන්නා බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා සඳහන් කරයි. 27 January 2020
පැෆරල් සංවිධානයෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක් පෞද්ගලික හෝ ව්‍යාපාරික අරමුණු ඇතිව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට ඇති ඉඩකඩ අහුරන්නැයි පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි. 27 January 2020
‘හුංගම වෙඩි තැබීමෙන් හිමිනම අපවත් වීම අත්වැරැද්දක්’ හුංගම දෙණිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකු සතුව තිබූ පිස්තෝලයක් ක්‍රියාත්මක වීමෙන් හිමිනමක් අපවත් වීමේ සිද්ධිය අත් වැරදීමකින් සිදු වූ අවාසනාවන්ත සිද්ධියක් බවට වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිසම වෙත දැනුම් දී ඇති බව පොලිස් කොමිසම කියයි. 27 January 2020
සී.අයි.ඩියට පැමිණි ශානිට යන්න සිය නිල රථය දුන් ඒ.එස්.පී. ගැන පරීක්ෂණයක් අධිකරණ නියෝගයක් අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉකුත් 23 වැනිදා රහස් පොලිසියට පැමිණි එහි හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට පිටත්ව යාමට සිය නිල රථය ලබාදුන් බව කියන රහස් පොලිසියේ රාජකාරි කරන සහකාර පොලිස් අධිකාරිවරයකු සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග කියයි. 27 January 2020
වෝහාරික විගණන වාර්තා විවාදය 18-19 දිනවල මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ වෝහාරික විගණන වාර්තාව (Forensic Audit Report) සම්බන්ධයෙන් දෙදිනක විවාදයක් ලබන මස 18 සහ 19 දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයන් තීරණය කර ඇත. 27 January 2020
චීනයේ සිටින ලාංකිකයින් ගැන දැනගන්න විශේෂ අංකයක් කොරෝනා වෛරසය දැනට පැතිරෙමින් පවතින චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා බීජිං නුවරහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දීමට විදේශ සබඳතා අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 27 January 2020
ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා යටතට පත්කර තිබේ. 26 January 2020
චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගන්න විශේෂ වැඩසටහනක් චීනයේ දැනට පැතිර යන කොරෝනා වෛරස රෝගී තත්ත්වය යටතේ එරට ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට කඩිනමින් මෙරටට පැමිණීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය. 26 January 2020
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ජාතික ක්‍රියාකාරී කමිටුවක් කොරෝනා වෛරසය මෙරට පැතිරීම වැළැක්වීමට ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත්කර තිබේ. 26 January 2020
කටුනායකට පැමිණි සංක්‍රමණික ගුවන් මගීන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටි සංක්‍රමණික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේ දී කොරෝනා වෛරසය පිළිබඳ ආසාදිත තත්වයෙන් පසු වූ නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්.උණ රෝහල වෙත යොමු කළ බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසීය. 26 January 2020
අචාර්ය වජිරාට - මහාචාර්ය ඉන්ද්‍රාට පද්ම ශ්‍රී සම්මාන ලාංකීය නර්තන කලාව ජාත්‍යන්තර තලයට ගෙනගිය අග්‍රගණ්‍ය නර්තන ශිල්පිනී වජිරා චිත්‍රසේන මහත්මියට සහ හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට මහඟු මෙහෙවරක් ඉටුකළ මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මියට ඉන්දියාවේ පද්ම ශ්‍රී සම්මානය පරිනැමීමට එරට රජය තීරණය කර ඇත. 26 January 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026