
(*** අංජුල මහික වීරරත්න සහ *** සුජිත් හේවාජුලිගේ)
තමා නිර්දෝෂී බව තම හෘද සාක්ෂිය හොඳින් දන්නා බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා (පො.පෙ.) පාර්ලිමේන්තුවේ දී ඊයේ (8) පැවැසීය.
තමා එල්ලුම් ගස් යවන්නට බැරි වුවහොත් දේශපාලනයෙන් ඉවත්ව දලු කඩන බවට පසුගිය රජයේ අධිකරණ ඇමැතිවරිය ප්‍රකාශ කර තිබූ බව කී ප්‍රේමලාල් ජයසේකර මහතා තම දඬුවම රහස් පොලිස් නිලධාරීන් ගෙන්වා සැලැසුම් කොට සාක්ෂි හදා දුන් දඬුවමක් බව ද සඳහන් කළේය.
මරණ දඬුවමට නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඊයේ (8) පාර්ලිමේන්තුවේ දී සිය මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව එදිනට නියමිත විවාදයේදී අදහස් දක්වමින් එසේ කීය.
ප්‍රේමලාල් ජයසේකර මහතා මෙසේ ද පැවැසීය.
“යහපාලන ආණ්ඩුව සමයේ අධිකරණ ඇමැති වූයේ කවුද? මගේ දඬුවම ගැන ඒ නිසා අමුතුවෙන් කිව යුතු නැහැ. රත්නපුර ජනතාවට මගේ ස්තුතිය පිරිනැමිය යුතුයි. 2001 වසරේ සිට මේ දක්වා පැවැති මැතිවරණ පහේදීම මට විශිෂ්ට ජයක් ලැබීමට හැකි වුණා. එයින්ම මගේ නිර්දෝෂී බව ඔප්පු කළ හැකියි. දිගින් දිගටම ජනතාව මා සමඟ සිටියේ ජනතාවට මා ආදරේ කළ නිසයි.
මා දේශපාලනයේදී ජනතාවට සේවය කළා මිස අත්වල ලේ හෝ කුණු ගාගෙන නැහැ. අප ජනතාව අතරට යන විට දේශපාලන වශයෙන් අප ඉවත් කරන්නට බොහෝ දෙනකුට වුවමනා වුණා. පසුගිය කාලයේ අධිකරණ ඇමැතිනිය වූ තලතා අතුකෝරල මහත්මිය පවසා තිබුණේ මා එල්ලුම්ගස් යවන බවයි. එසේ කරන්නට නොහැකි වුවහොත් දේශපාලනයෙන් ඉවත් වී දලු කඩන බව එතුමිය පවසා තිබුණා.
දුමින්ද සිල්වා නඩුවේ දී කටයුතු කළ ආකාරය පිළිබඳව අප හොඳින්ම දුටුවා. රන්ජන් රාමනායක මහතා එහිදී අධිකරණයට බලපෑම් එල්ල කළ ආකාරය දුටුවා. හඬ පටවලින් එය ඔප්පු වුණා.
මට වුණේ අපරාධයක්. මෙය රහස් පොලිස් නිලධාරීන් ගෙන්වා සැලැසුම් කොට සාක්ෂි හදා කළ දෙයක්. එම රහස් පොලිස් නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ යුතුයි.
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ජනතාව තුනෙන් දෙකක බලයක් දී තිබෙනවා. ජනපති අගමැති මෙන්ම බැසිල් රාජපක්ෂ මහතාත් මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. රජය බිහි කරගැනීම සඳහා එතුමන්ලා විශේෂ උත්සාහයක් දැරුවා. විපක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළැඳ පැමිණ නොයෙක් චෝදනා කළා. මා නිර්දෝෂී බව මගේ හිත දන්නවා.
පිල්ලෙයාන් මන්ත්‍රීතුමා වසර පහක් තිස්සේ රඳවාගෙන සිටිනවා. මේ අපරාධ නැවැත්විය යුතුයි. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා සමග එක්ව මේ රට හොඳ තැනකට ගෙන ඒම සඳහා අප කටයුතු කරනවා. වරදක් නොකර ඇතුළේ සිටින්නට සිදුවීම ගැන මා කනගාටුවට පත්වෙනවා. මෙලෙස පලිගැනීම් කරන්නට හොඳ නැහැ.
මට මේ දේ වුණේ රහස් පොලිසිය සම්පූර්ණයෙන්ම සාක්ෂි නිර්මාණය කිරීමෙනුයි. ඒ පිළිබඳවත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිනවා. කොමිෂන් සභා සියල්ල අහෝසි කොට රට ඉදිරියට ගෙන යෑම සඳහා ජනපතිට මෙන්ම අගමැතිතුමාටත් අප ශක්තිය ලබාදෙනවා.” යැයි ද ප්‍රේමලාල් ජයසේකර මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදවතට එකග නැති ගොඩක් මිනීමරුවෝ කියන්නෙ මම නිර්දොශියි කියලා තමයි ...
මේවා අහන්න තරම් අපි අවාසනාවන්ත වුනානේ.
මේක අනිත් හිරකරුවන්ගේ මානව හිමිකම් කඩකිරීමක්. අධිකරණයෙන් දඬුවම් ලබපු අනිත් හිරකරුවන්ට මෙහෙම ප්‍රසිද්ධ ප්‍රකාශ කරන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඇයි මෙයාට විතරක් මෙහෙම චාන්ස් එකක්? පාර්ලිමේන්තු එන්න ඉඩ දුන්නේ තමන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න නෙවේනේ...
අවසානයේ තීන්දුව දෙන්නේ සොබාදහමයි..
වඳුරෙක් කිව්වලු මම කවදාවත් ගහකට නැගලා නෑ කියලා...
බල්ලටම ගිය පාර්ලිමේන්තුව..
හරි මරු කතාව, ලංකාවේ ඉන්න සියළු මිනීමරුවන් අපරාධකරුවන් හොරුන්, තක්කඩින්, කුඩු කාරයින් පාර්ලිමේන්තු ගෙන්වා ඔවුන්ගේ අහිංසක භාවයත් පොලිසියේ සහාසික ස්වභාවයත් ප්‍රකාශකර සියළු පොලිසි සහ අධිකරණ වසාදැමිය යුතුයි.
කොයි හොරත් මිනීමැරුවත් කියන්නේ ඔය කතාව තමයි. චූදිතයාගේ හෘද සාක්ෂිය අනුවනම් නඩු තීන්දු දෙන්නේ ... උසාවි වහලා දැම්මා නම් ඉවරයි.
මේ මනුස්සයා අධිකරණයට අපහාස නොවේද මේ කරන්නේ?
අධිකරණයට අපහාස කරලා තියෙන්නේ රංජා මල්ලි විතරයිනේ...
හදවතක් ඇතැයි කියලා පොදු මහජනතාව හිතන්නේ නේ...
ප්‍රේමලාල් අපේ පක්ෂය වෙනුවෙන් මහන්සිවෙලා වැඩකරපු කෙනෙක්... ඒවා අපේ සර් දන්නවා. එමනිසා අපේ සර් ජනාධිපති සමාවක් දීලා ප්‍රේමලාල්ට ඇමැති ධුරයක් දේවි.
අධිකරණයත් හෘද සාක්ෂිය දන්නවා. එයට එකඟව තීන්දු දීලා තිබෙනවා.
ලංකාව ලෝකෙටම විහිළු සපයන රටක් වෙලා ඉවරයි අපේ හාමුදුරුවනේ...!!!
රටට ගිය කලක්.. ලෝකය පුරාම මේ පුවත ඉහළින්ම වාර්තා වෙලා. 69 ලක්ෂයට දැන් සැපද?
මිනීමැරීම් මේ තරම් වන රටේ ඒකට අමාත්‍යාංශයක් ඇති නොකළේ අත්දැකීම් ඇති හරිහමන් ඇමැති කෙනෙක් හොයාගන්න බැරි නිසා වෙන්න ඇති. දැන් ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැනේ.
බමුණුආරච්චිට දැන් සතුටු ඇතිනේ..
වෙඩි තැබූයේ කවුද? එය කළේ ඔහු නම් දඬුවම සාධාරණය. එසේ නොමැති නම් අසාධාරණය. ජීවිතයක් අහිමි වෙලා තියෙනවා. මිනීමරුවන්ට දඬුවම් ලැබිය යුතුය.
‘‘එක රටක්, එක නීතියක්‘‘, චොකා බයිලාවක් වූ වගයි.
ලැජ්ජාවක් නැතිකම පාර්ලිමේන්තු මන්ත්රීකමටත් වඩා ලොකුයි චොකා මල්ලි...
මෝල්ගහ මිනීමරුවා කියලා තීන්දු වුණු උසාවියක් ඇති රටේ මේක පුදුමයක්ද?
මිනීමරලා, උසාවියෙන් දඬුවම් නියම වෙලාත්, ආණ්ඩුවේ බලපෑම් මත පාර්ලිමේන්තුව කියන උත්තරීතර ආයතනයට ඇවිත්, රට කන්න හදන මෙවැනි පුද්ගලයින්ට දඬුවම් දෙන්න තමයි නන්නාඳුනන තුවක්කුකරු ඉන්නේ. නන්නාඳුනන තුවක්කු කරුවාණෙනි. මෙන්න ඉලක්කයක්.. පව් නැහැ.
සර් චොකා මල්ලිට ඡන්දය දිනුව ගමන් ජනාධිපති සමාවක් දුන්නා නම්, අධිකරණය සහ පාර්ලිමේන්තුව යන ආයතන දේකේමගෞරවය ආරක්ෂා වෙනවා. චොකාමල්ලිට අභියාචනා ඉදිරිපත් කරමින් කරදර වෙන්න ඕනේ නැහැ.
ලෝකයේ වැඩිම දූෂිතයන් ඉන්න එකම පාර්ලිමේන්තුව කොයි රටේද තියෙන්නේ කියන ප්‍රශ්නයට අපි පිළිතුරු සොයමු නේද පුතේ...?
එකම රටක්., එකම නීතියක් ... පාර්ලිමේන්තුවට මිනීමරුවන්... මෙන්න රට...
මෙහෙම ගියාම අපරාධකරුවෙකු හැටියට උසාවියෙන් දඬුවම් ලැබීම ඡන්ද අපේක්ෂකයෙකුගේ සුදුසුකමක් වෙන්න ඉඩ තිබෙනවා.
රාජපක්ෂ පවුල් ආණ්ඩුවකින් මීටවැඩිය දෙයක් බලාපොරොත්තු නොවිය යුතුයි. 2/3 රඟේ තවම පටන් ගත්තේ නැහැ.
ඔයා නිර්දෝශයි නම් උසාවිය...?.
එකම රටක්.. එකම නීතියක්... එකම රටක්... මිනීමැරුම් චෝදනා වැරැදි කරුවෙච්ච කෙනෙක් එල්ලුම් ගහ වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් දුන්නු එකම රට...
කමල් ඔබ හරියටම හරි... එහෙනම් කාටද දඬුවම් දෙන්න ඕනේ..?
මිනී මැරුවන්, කුඩු ව්‍යාපාරිකයන්, එතනෝල් ව්‍යාපාරිකයන්, අපචාර කරුවන්, කොමිස් කරුවන්, මංකොල්ලකරුවන්, බොරුකාරයන් ඉන්න එකම පාර්ලිමේන්තුව තියෙන්නේ දියවන්නාවේ...