චීනයේ සීමා ලිහිල් කිරීමෙන් යළි කොරෝනා හිස ඔසවයි චීනයේ සීමා ලිහිල් කිරීමෙන් පසු නගර කිහිපයකින් නැවතත් කොරෝනා වයිරස රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. 11 May 2020
ඇමෙරිකාවට තවත් කොරෝනා කාර්ය සාධක බළකායක් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සතියේදී තවත් කොරෝනා වයිරස කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරනු ඇතැයි වාර්තා වේ. 11 May 2020
මේ සතියේ දුම්රිය කාල සටහන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස එක හමාරක් පමණ තිස්සේ වසා දමා තිබූ රාජ්‍ය හා පෞද්ගලික ආයතන බොහොමයක රාජකාරී කටයුතු යම් යම් සීමාවන් යටතේ අද (11) සිට ආරම්භ කෙරිණි. මෙම කාර්යාල සඳහා පැමිණෙන සේවක සේවිකාවන්ගේ පහසුව සඳහා මේ සතිය තුළ, එනම් මෙම මස 15 වැනිදා දක්වා, ධාවනය වන දුම්රියවල විස්තර පහත පරිදි වේ. 11 May 2020
පුත්තලම පොදු වෙළදපොළ - මත්ස්‍ය අලේවිසැල් සියල්ලම වසා දමයි පුත්තලම මධ්‍යම පොදු වෙළද සැල ,මත්ස්‍ය අලේවි සැල් සේම , මාර්ගය ආසන්නයේ දිනපතා පොළද වහාම නවත් දැමිමට පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි චන්රු ප්‍රනාන්දු මහතා ( 11 ) කටයුතු කෙරුණී . 11 May 2020
සහල් සඟවා වැඩි මිලට අලෙවි කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට වැඩි මිළට අලෙවි කිරීම ස`දහා සහල් මිටි 250 ක් ස`ගවාගෙන සිටි පිටකොටුව 5 වැනි හරස්වීදියේ සහල් ව්‍යාපාරිකයකු අද (11) දහවල් පාරිභෝගිය අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගත් බව එම අධිකාරිය පවසයි. 11 May 2020
කෝටියකට අධික වටිනා ’අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ 5ක් අත්අඩංගුවට මුහුදු මාර්ගයෙන් අයිස් නැමැති මිල අධික මත්ද්‍රව්‍ය ගෙන්වා ගෙන විකිණීමේ ජාවාරමක නිරත වු පුද්ගලයින් පස් දෙනෙකු රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග අද (11) සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව ගන්දර පොලීසිය පවසයි. 11 May 2020
මිනිත්තුවක් යාමටත් මත්තෙන් කොටස් වෙළෙඳපොල කඩාවැටෙයි මාස එකහාමාරකට පසු අද (11) විවෘත කළ කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ කර මිනිත්තුවක් යෑමටත් පෙරකඩා වැටිණි. 11 May 2020
පෞද්ගලික බස් හිමියන්ගේ පාඩුව කෝටි 700 යි පෞද්ගලික බස් ධාවනය නැවතුණු මාර්තු 20 වැනිදා සිට මේ දක්වා බස්රථ හිමියන්ට රුපියල් කෝටි 700 කට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. පෞද්ගලික බස්රථ ධාවනය කිරීම සම්බන්ධව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යවරයා හා පෞද්ගලික බස් හිමියන් අතර එම අමාත්‍යංශයේ දී හෙට (12) පෙරවරු 10.00 ට සාකච්ඡාවක් පැවැත්වෙන බව කී විජේරත්න මහතා නිරෝධායන නීති පිළිපදිමින් සෞඛ්‍යාරක්ෂිතව බස් ධාවනය කිරීම පිළිබඳව එහි දී අමාත්‍ය 11 May 2020
ලක්ෂ දෙකක හෙරොයින් - මත්පෙති සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු , මත්පෙති ,මුදල් සහ උපකරණ සමඟ පුද්ගලයෙකු ගල්කිස්ස බඩෝවිට දෙවන අදියර ප්‍රදේශයේ දී අද (11) අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණු පළාත අපරාධ කොට්ඨාසය කියයි. 11 May 2020
වැටුපෙන් අඩක් දෙනවාට විරුද්ධව ඇඟලුම් කම්හලක වැඩවර්ජනයක වීරකැටියේ ඇඟලුම්හලක සේවක සේවිකාවන්ට මෙම මාසයේ වැටුපෙන් අඩක් පමණක් ගෙවීමට පාලන අධිකාරිය තීරණය කිරීමට විරෝධය දක්වමින් අද(11) ඔවුහු සේවයෙන් ඉවත් වී වර්ජනයක නිරත වූහ. 11 May 2020
ඉරානයේ නාවික හමුදා අභ්‍යාසයකදී මිසයිල ප්‍රහාරයකින් නැවියන් 19ක් මරුට : 15කට තුවාල ඉරානයේ නාවුක හමුදා පුහුණු අභ්‍යාසයක් අතරතුර එල්ල කරන ලද මිසයිලයක් ඔවුන්ගේම නෞකාවකට වැදීමෙන් නැවියන් 19 දෙනකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 11 May 2020
දුම්රිය කාල සටහන සතියෙන් සතිය වෙනස් වෙයි දැනට පවතින දුම්රිය ධාවන කාල සටහන සතියෙන් සතිය වෙනස් කිරීමේ වැඩපිළිවෙලක් පවතින බව දුම්රිය දෙපරේතමේන්තුව පවසයි. 11 May 2020
රාජපක්ෂලාටහෝ පී.බී ජයසුන්දර මහතාට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදු කිරීමට අයිතියක් නෑ රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයට වගකිව යුතු රාජපක්ෂවරුන්ට හා ආචාර්ය පී.බී ජයසුන්දර මහතාට රජයේ සේවකයින්ගේ පඩි කපා දැමීමට කිසිම අයිතියක් හෝ සදාචාරයක් නැතැයි එක්සත් ජාතික පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 11 May 2020
ජූලි මාසය වනතුරු ආර්ථිකය සම්පූර්ණයෙන් විවෘත කරන්න බැහැ ජූලි මාසය වනතුරු ආර්ථිකය සම්පූර්ණයෙන්ම විවෘත කළ නොහැකි බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් (අමාත්‍ය) ඩොමිනික් රාබ් අද (11) ප්‍රකාශ කළේය. 11 May 2020
පෞද්ගලික බස් රථහිමියන් ඇමැති සමඟ සාකච්ඡාවක් දැනට රටපුරා පවතින තත්වය මත පෞද්ගලික බස් රථ ධාවනය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සහ මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර හෙට (12) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වේ. 11 May 2020
සුවය ලැබූ තවත් 22ක් පිටව යති කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 22දෙනෙකු සුවය ලබා අද(11) පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 11 May 2020
’පාසල් යළි පටන් ගත්තත් සම්පූර්ණයෙන් විවෘත කරන්න මාසයක් ගතවෙනවා’ සෞඛ්‍ය අංශ නිර්දේශ කරන දිනයක නැවත පාසල් ආරම්භ කලද අදියර හතරක් යටතේ සම්පූර්ණයෙන් පාසල් පටන් ගැනීමට තවත් මාසයක පමණ කාලයක් අඩුම තරමින් ගත වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (11)මාතර දී පැවසීය. 11 May 2020
මහමැතිවරණයට එරෙහි පෙත්සම් 7 ක් ලබන සතියේ සලකා බලයි පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජූනි මස 20 වැනිදා පැවැත්වීමට එරෙහිව නීතීඥ චරිත ගුණරත්න මහතා විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ඇතුළු පෙත්සම් 7 ක් ලබන 18 සහ 19 දෙදින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කළේය. 11 May 2020
නිකවැරටිය රෝහල් ලේ බැංකුවේ ලේ හිඟයක් නිකවැරටිය රෝහල් ලේ බැංකුවේ මේ දිනවල පවතින ලේ හිඟය සඳහා ලේ ලබා දෙන්නැයි රෝහල් සංවර්ධන කමිටුව ලේ පරිත්‍යාගශීලින් ගෙන් ඉල්ලීමක් කෙරේ. 11 May 2020
බ්‍රිතාන්‍ය මහරැජිණ ඉදිරිපෙළ වැඩකටයුතුවලින් ඉවත් වෙයි කොරෝනා වයිරසය හේතුවෙන් උද්ගතවී ඇති තත්ත්වය හමුවේ බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහරැජිණ මාස කිහිපයක් ස්වයං නිරෝධායනයේ පසුවන බවත් ඇය නැවත ඉදිරිපෙළේ රාජකීය කටයුුතුවලට සහභාගි නොවනු ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. 11 May 2020
හලාවතින් කොළඹ ආ කෝච්චියේ 8 දෙනයි හලාවත දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ගමන් ගත් බංගදෙනිය කාර්යාල දුම්රියට මගින් 8 දෙනෙකු පමණක් සිටි බව කියයි. 11 May 2020
මීරීගමින් ආ කොළඹ කෝච්චියේ මගීන් 35 යි කෝවිඩ් - 19 වයිරසයේ බලපෑමෙන් පසුව ජන ජීවිතය යථාවත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ මීරිගම දුම්රිය ස්ථානයේ සිට සේවා ස්ථාන සඳහා යාමට මගින් 84 දෙනකුට පහසුකම් සලසා තිබුණා ද එයින් 50 ක් පමණ දෙනා පැමිණ සිටියේ නැත. 11 May 2020
ඉන්දියාවේ මගී දුම්රිය ධාවනය මැයි 12 සිට මඟී දුම්රිය ප්‍රවාහන සේවා මැයි 12 වැනිදා සිට ආරම්භ කිරීමට ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය තීරණය කර ඇත. 11 May 2020
ඇඳිරිය ඉවත් කළත් නගර ජනාකීර්ණ වීමේ අඩුවක් ඇඳිරි නීතිය අද (11) උදැසන ඉවත් කළද බොහෝ ප්‍රදේශවල ජනතාව සිය දෛනික කටයුතු වෙනුවෙන් නගර කරා ඇදී ඒමේ අඩුවක් දක්නට ලැබිණි. 11 May 2020
බෙලිඅත්තෙන් කොළඔ එන්න එක මගියයි ඇඳිරිනීතිය අලුයම 5.00ට ලිහිල් කළද බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් එක් අයකු පමණක් අද දුම්රියෙන් ගමන් කිරීමට පැමිණ සිටියේය. 11 May 2020
අසාදිතයින්ගේ සංඛ්‍යාව 863 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 863 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 11 May 2020
‘‘ආර්ථික කටයුතු නැවත ආරම්භ කරන්න අවශ්‍යයි‘‘ දැඩි විපරමෙන් සහ සෙමින් ආර්ථිකය විවෘත කිරීමට පියවර ගන්නා බව බ්‍රිතාන්‍යයේ ආර්ථික සහ නිවාස කටයුතු අමාත්‍ය රොබට් ජෙනරික් අද (10) පැවැසීය. 10 May 2020
දැදුරු ඔයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි දැදුරුඔය ජලාශය පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් ජලාශයේ වාන් දොරටු අටෙන් දෙකක් මීට සුලු මොහොතකට පෙර අඩි 1 බැගින් විවෘත කල බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු කේ.ඒ.සම්පත් සමරජීව මහතා පැවසීය. 10 May 2020
කොරෝනා ආසාදිත ගණන 856 දක්වා ඉහළට අද (10 වැනිදා) දිනයේදී හමුවූ රෝගීන් 8 දෙනාත් සමගින් ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 856 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 10 May 2020
කොරෝනාවෙන් මියයන අය ආදාහනය කිරීමට එරෙහිව පෙත්සමක් කොරෝනා වයිරසය ආසාදනය වී මරණයට පත් වන්නන්ගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 10 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026